ගමේ රස වෑහෙනා ඇඹරැල්ලා වලින් සුවිශේෂී කෑම

ලාංකීය අපට බහුලවම වගේම පහසුවෙන්ම සොයා ගත හැකි පලතුරක් වගේම එළවළුවක් වන ඇඹරැල්ලා සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් සිරුරට ලබා දෙන පෝෂණීය ගුණයෙන් යුත් රසවත් ආහාරයකි. අපි කවුරුත් කෑමට ගන්න කැමති ඇඹරැල්ලා වල මෙවැනි ගුණ බොහෝ තිබෙනවා. එනම්,

හදවතේ සෞඛ්‍ය රැක දෙනවා, ප්‍රතිශක්තිය ඉහළ නංවනවා,විටමින් / ඛනිජ ලවණ වලින් බහුලයි, ආහාර ජීර්ණය පහසු කරවයි ,රක්ත හීනතාවය වළක්වයි, සමේ පැහැය වර්ධනය කරවයි, හිසකෙස් නිරෝගී කරවයි, සිරුරේ බර පාලනය කරවයි. එවැනි ගුණ රැසක් ඇඹරැල්ලා ආහාරයට ගැනීමෙන් ලබා දෙනවා. 

අපි දැන් බලමු මෙවැනි ගුණ රැසක් ලබාදෙන ඇඹරැල්ලා වලින් ගමේ රසට සුවිශේෂීව සෑදිය හැකි රසවත් ආහාර වට්ටෝරු කිහිපයක්. 

01. ඇඹරැල්ලා පැණි මිරිස්  කරිය. 

අවශ්‍ය ද්‍රව්‍ය. 

  • කපා ගත් ඇඹරැල්ලා ග්‍රෑම් පන්සීයක්. 
  • පොඩියට කපාගත් රතුලූනු ගෙඩි හතරක්. 
  •  හීනියට අමු මිරිස් කරල් තුනක්. 
  • කරපිංචා, රම්පේ. 
  • මිරිස් කුඩු තේ හැන්දක් 
  • තුනපහ කුඩු මේස හැඳි භාගයක්. 
  • පොල් කිරි භාගයක්. 
  • කිතුල් පැණි කෝප්ප කාලාක්. 
  •  අනුව ලුණු. 
  • තෙල් ස්වල්පයක්. 

සාදන අයුරු. 

ඇතිළියක් ලිප තබා තෙල් රත් වූ පසු එයට රතු ලූනු,රම්පෙ, කරපිංචා අමුමිරිස්, මිරිස් කුඩු ,තුන පහ ,ලුණු, ඇඹරැල්ලා එකතුකර මිශ්‍ර කර  එයට පොල් කිරි ද එකතු කර මද ගින්දරේ පිස ගන්න. 
මෙය තරමක් පිසගෙන එන විට කිතුල් පැණි ද එකතුකර නැවත විනාඩි 03 මද ගින්දරේ පිස ගන්න.

කිතුල් පැණි අවසානයට එකතු කිරීමෙන් ස්වභාවික පැණි රස හොඳින් වෑංජනය රැක දෙයි. 

 

 

 


සටහන 

මහේෂානි මීගහපොල

උපදෙස්. 

ප්‍රවීණ සූපවේදිනී.

ජීවනී විජේසේකර

ගමේ රස වෑහෙනා ඇඹරැල්ලා වලින් සුවිශේෂී කෑම Read Previous

ගමේ රස වෑහෙනා ඇඹරැල්ලා වලින් සුවිශේෂී කෑම

වයසට ගියත් තරුණ ජවයෙන් ජීවත් වන අයගේ රහස Read Next

වයසට ගියත් තරුණ ජවයෙන් ජීවත් වන අයගේ රහස

Realted Post

Leave a comment