ගස්ලබු අයිස්ක්‍රීම්

ගස්ලබු ගුණදායක මෙන්ම රසවත් පලතුරක්. ගස්ලබු ප්‍රිය අප්‍රිය දෙපාර්ශ්වයටම සරිලන විදිහට ගස්ලබුවලින් සාදාගතහැකි රසවත් ආහාරයක් තමයි ගස්ලබු අයිස්ක්‍රීම්...

 

අවශ්‍ය ද්‍රව්‍ය

  • ගස්ලබු ගෙඩි 1/2 ක්
  • සීනි මේස හැඳි 3 ක්
  • ලුණු කුඩු ස්වල්පයක්
  • රෝස් එසන්ස් බින්දු 2 ක් (අවශ්‍ය නම්)
  • වැනිලා තේ හැඳි 1/2 ක්
  • එළකිරි කෝප්ප 1/2 ක් (මි.ලි. 250)

සාදන ආකාරය

ගස්ලබු පොතු හැර සෝදා තෙත මාත්තු කර කොටු හැඩයට කැබලි කපාගන්න. එය භාජනයකට දමා හොඳින් කට වසා පැය 4-5 ක් පමණ අධිශීත කරණයේ තබන්න. එය ශීත කරණයෙන් ඉවතට ගෙන විනාඩි තුන හතරක පමණ කාලයක් තබා එයට එළකිරි ටික ටික එකතු කර හොඳින් බලෙන්ඩ් කරගන්න. මෙම මිශ්‍රණය නැවත භාජනයකට දමා පියනකින් හොඳින් වසා පැය තුන හතරක් නැවතත් අධිශීතකරණයේ තබන්න. එය එළියට ගෙන විනාඩි 10ක් 15 ක් පමණ තබා ගැරුප්පුවකින් හොඳින් සූරා (කැට නැතිවෙන සේ) වෙනත් භාජනයකට දමා හොඳින් පැතලි කර නැවත පැය තුන හතරක් අධිශීත කරණයේ තබන්න. ඉන්පසු රස බැලිය හැකිය.

 

සටහන - ඉෂංකා ජයසූරිය

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර Read Previous

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර Read Next

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර

Realted Post

Leave a comment