ගෘහණියන්ට හරියන රසම ඩෙවල් එක

වැව් මාළු ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

  • වැව් මාළු ග්‍රෑම් 500 ක්
  • ලොකු ලුනු ග්‍රෑම් 100 ක්
  • තක්කාලි ග්‍රෑම් 100 ක්
  • අමු මිරිස් ග්‍රෑම් 100 ක්
  • රස අනුව ලුණු
  • ඉඟුරු කැබැල්ලක්
  • සුදුලූනු බික් කිහිපයක්
  • තක්කාලි සෝස් තේ හැඳි 2 ක්
  • රම්පෙ, කරපිංචා
  • මාළු මිරිස් කරල් 2 ක්
  • පොල්තෙල් මිලි ලීටර් 50 ක්

 

සාදන අයුරු

වැව් මාළු හොඳින් සෝදා පිරිසුදු කරගෙන එයට ලුණු. ගම්මිරිස් එකතු කර පසකින් තබන්න. තාච්චියකට තෙල් දමා වැව් මාළු ගැඹුරු තෙලේ බැදගන්න. තක්කාලි, ලුනු. අමු මිරිස්, මාළු මිරිස් තරමක් ලොකුවට කපාගන්න නැවතතාච්චියකට තෙල් ටිකක් දමා රත් වූ පසු රම්පෙ, කරපිංචා දමන්න. එයටම ඉඟුරු, සුදුලූනු, තක්කාලි, මාළු මිරිස්, අමු මිරිස්. මාළු දමා විනාඩි තුනක් පිසගන්න ඉන්පසු තක්කාලි සෝස් සහ කෑලි මිරිස් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.            

ඉදිරිපත් කිරීම -ප්‍රවීණ සුපවේදිනී/ ගෘහ ආර්ථික විද්‍යා ආචාරීනී දිලුක්ෂි කුමාරසිරි

සටහන - මහේෂානි මීගහපොල     

පූජනීය නගරයේ වැටලූ ගජමුතු ජාවාරම Read Previous

පූජනීය නගරයේ වැටලූ ගජමුතු ජාවාරම

තමන් පමණක් කුසගින්න නිවාගැනිම මනුෂ්‍ය ධර්මයක් නොවේ Read Next

තමන් පමණක් කුසගින්න නිවාගැනිම මනුෂ්‍ය ධර්මයක් නොවේ

Realted Post

Leave a comment