චිකන් රසට පොලොස් වෑංජනයක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බාගත් පොලොස් ග්‍රෑම් 300ක්
  • මස් කරි කුඩු මේස හැඳි 3 ක්
  • ගම්මිරිස් මේස හැන්දක්
  • මිරිස් කුඩු තේ හැඳි 2 ක්
  • කහ කුඩු තේ හැඳි 1 ක්
  • ලුණු කුඩු තේ හැඳි 1 ක්
  • කරපිංචා මිටක්
  • ඉඟුරු සුදුලුනු පේස්ට් මේස හැන්දක්
  • ලියාගත් ලූනු ගෙඩියක්
  • සේර දඬු 2 ක්
  • මිටි පොල් කිරි අඩු කෝප්පයක්
  • කුඩාවට කපාගත් තක්කාලි ගෙඩියක්

සාදාගන්නා ආකාරය

තෙල් ස්වල්පයක් රත් කර එයට බිලූනු, කරපිංචා, ඉඟුරු, සුදුලූනු පේස්ට් දමා තෙම්පරාදු කරගන්න. දැන් එයට මස් කරි, මිරිස් කුඩු, ගම්මිරිස් ලුණු එකතු කර හොඳින් තෙම්පරාදු කරන්න. දැන් එයට පොලොස් එක්කර හොඳින් කවලම් කරන්න . දැන් එයට තක්කාලි එකතු කර වතුර යන්තමින් දමන්න. මිනිත්තු 10 ක් පමණ තැම්බෙන්න හැර එයට පොල්කිරි එකතු කරන්න.

උපදෙස් - සූපවේදී භානු මිගාර 

ඉශංකා ජයසූරිය 

සුපිරි හෝටලයේ මත් සාදයේ රහස එළියට Read Previous

සුපිරි හෝටලයේ මත් සාදයේ රහස එළියට

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර Read Next

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර

Realted Post

Leave a comment