තායි ක‍්‍රමයට අපේ රසයට Pineapple Rice

කෑම මේසයක් ළඟට ගියාම හැමෝම බලාපොරොත්තු වෙන්නේ රසය වගේම පෙනුමෙනුත් අලුත් වෙනසක් තිබෙන කෑමක්. පොඩිත්තන් වගේම වැඩිහිටියනුත් ඒ වෙනසට කැමතියි. ඒ නිසා පවුලේ කෑම මේසයට වගේම අමුත්තන්ට පිළිගන්වන්නත් පහසු රසවත් බතක් පිළියෙල කරන්නයි මේ සූදානම. 

අවශ්‍ය ද්‍රව්‍ය

කුඩාවට කොටු කැපූ අන්නාසි ග‍්‍රෑම් 100ක්
කපාගත් ඉස්සෝ ග‍්‍රෑම් 120ක්
බිත්තර 2 ක්
පිසගත් බාස්මතී බත් කෝප්ප 2 ක්
බැදගත් කජු ග‍්‍රෑම් 30 ක්
වියළි මිදි ග‍්‍රෑම් 20 ක් 
සෝයා සෝස් මේස හැඳි 2 ක් 
කෝන්පිටි තේ හැඳි 1 ක්
ෆිෂ් සෝස්
ලූනු ගෙඩි 2 ක්
චොප් කරගත් සුදුලූනු 
බික් 3 ක්

සාදන අයුරු 

පළමුවෙන් කුකුළු මස් හා ඉස්සන් වෙන වෙනම භාජන දෙකකට දමාගෙන එයට කෝන්පිටි තේ හැඳි 1/2 ක්, සෝයා සෝස් තේ හැඳි 1 ක්, ලූණු ස්වල්පයක්, දමා කලවම් කර භාජන දෙක පසෙකින් තබාගන්න.
දෙවන පියවර විදියට තවත් භාජනයක් ගෙන එයට කරි පවුඩර් හෝ කහ තේ හැඳි 1/2 ක්, සෝයා සෝස් තේ හැඳි 2ක්, චිකන් පවුඩර් තේ හැඳි 1 ක්, දමා හොඳින් මිශ‍්‍රකර එම භාජනයත් පසෙකින් තබන්න.
බත පිසගැනීම සඳහා සුදුසු පෑන් එකක් ගෙන ලිප මත තබා තෙල් මේස හැඳි දෙකක් පමණ එකතු කර රත්වූ විට සිහින්ව කපාගත් ලූනු සහ චොප් කරගත් සුදුලූනු පේස්ට් එක එකතු කර රන්වන් පැහැයට බැදගන්න. මුලින්ම එයට කුකුළු මස් ටික එකතු කර දෙවනුව ඉස්සන් එකතු කරන්න. පසුව හොඳින් කලවම් කර මඳ ගින්දරේ තිබියදී බිත්තර දෙකක් එකතු කර ඒවා කුඩා කැබලිවලට කැඩෙන සේ කලවම් කරන්න. දැන් කලින් පිසගත් බත් කෝප්පය එකතු කරන්න. ඒ සමගම කලින් සාදාගත් සෝස් එකත් එකතු කර එය වියළි මිදි සහ කජු දමා කලවම් කරන්න. අවසානයට කැබලි කැපූ අන්නාසි සියල්ල සහ රස අනුව ලූණු එක්කර හොඳින් මිශ‍්‍රකර ලිපෙන් ඉවත් කරන්න.
ඡුායාරූපයේ පෙනෙන විදියට අන්නාසි ගෙඩිය දෙකට කපා එහි මදය ඉවත් කර සාදාගත් බත් එක එයට පුරවා උණුසුම්ව මේසයට පිළිගන්වන්න.

අන්නාසි බතේ ගුණ අගුණ 

ආහාර රුචිය අඩු අයෙකුට කෑම රුචිය ඇති කරවන ආහාර වේලකි මේ. මෙය සිරුරට අවශ්‍ය ප්‍රෝටීන්, විටමින්, ඛනිජලවණ ආදියෙන් පොහොසත් කෑමකි. කුකුළු මස්, බිත්තර, ඉස්සන් වැනි සත්ත්ව ආහාර අපේ ශරීරයේ වර්ධනයට අවශ්‍ය ගුණාත්මක ප්‍රෝටීන වර්ග ලබා ගැනීමට වැදගත් වේ.

අන්නාසි තන්තු බහුල ආහාරයක්

ඕනෑම කෙනකුට සුදුසුද?

සමහර පුද්ගලයින්ට, විශේෂයෙන් ගර්භීණී මවුවරුන්ට, කුඩා දරුවන්ට අන්නාසි හා ඉස්සෝ අඩංගු ආහාර යම් සංකූලතා ඇති කිරීමට පුළුවන.  බොහෝවිට ගර්භිණී සමයේ  ශරීරයේ සිදුවන හෝර්මෝන ඇතුළු නොයෙක් රසායනික වෙනස්කම්  හා  ඖෂධ වර්ග සමග මෙවැනි ආහාර ලබා ගැනීම සමහර මවුවරුන්ට  විවිධ ආහාර සංවේදිතා  හෝ  ගැටලු මතු කිරීමට ඉඩ තිබේ.
ගැස්ට‍්‍රයිටිස් වැනි රෝගී තත්ත්ව ඇති අයටද මෙවැනි ආහාර ලබා ගැනීම එතරම්ම ගුණදායක නැත.

කෑම රුචිය වඩන ආහාරයක්

සාමාන්‍ය නිරෝගී  ඕනෑම අයෙකුට මෙම ආහාර වේල  සති අන්තයේ විශේෂ දිවා ආහාරයක්  ලෙස හෝ  උත්සව  අවස්ථාවක අමුත්තන් සමග රස විඳීමට පිළියෙල කරගැනීමට පුළුවනි.
අන්නාසිවල අඩංගු විටමින්  A B හා C  ආදිය ශරීරයේ නිරෝගී පැවැත්මට, සමෙහි වර්ධනයට වැදගත් වේ.
එහෙත් රත් කිරීමේදී සමහර විටමින් වර්ග, විශේෂයෙන් විටමින් ක්‍ යම්දුරකට අඩු විය හැකිය. එම නිසා රත් කිරීමේදී අන්නාසි එකතු කළ පසු ඉක්මනින්ම ඉවත්කර ගැනීම වැදගත් වේ. අන්නාසි තන්තු බහුල ආහාරයක් නිසා බතට අන්නාසි මිශ‍්‍ර කිරීම ආහාර මාර්ගයේ නිරෝගී පැවැත්මට යම් පමණකට උපකාරී වේ.
ඉස්සන් සුළුවෙන් හෝ මිශ‍්‍ර කර ගැනීමෙන් ඒවායේ අඩංගු සින්ක්, පොටෑසියම්  වැනි  ඛනිජලවණ වර්ග ශරීරයට ලබා ගැනීමට හැකි වේ. තවද කජුවල අඩංගු තෙල් හෘදයට හිතකර වේ.

 

සටහන - නයනා උදයංගනී

 

සැහැල්ලුවට සනීපෙට අඳින්න ගවුමක් Read Previous

සැහැල්ලුවට සනීපෙට අඳින්න ගවුමක්

යුක්රේනයට AI ප්‍රකාශිකාවක් Read Next

යුක්රේනයට AI ප්‍රකාශිකාවක්

Realted Post

Leave a comment