තායි ක‍්‍රමයට රස දෙකක්

තායි ග‍්‍රීන් පෝක් කරි


මස් වෑංජන අතරින් කුකුඵ මස් සහ ඌරු මස් වැඩිදෙනකුගේ ප‍්‍රියතම ආහාරයක්. ඒ අතරින් නිවසේ විශේෂ අවස්ථාවකදී වගේම  ඕනෑම සාදයකදී කුකු`ඵ මස් වෑංජනය අනිවාර්යයෙන්ම දැකගන්න පුඵවනි. ඒ වගේම අනෙකුත් විශේෂ අවස්ථාවන්වලදී ඌරු මස් වෑංජනයද විවිධ ක‍්‍රමවලට පිසගන්නා නිසා එවැනි අවස්ථාවක වෙනසකටත් එක්ක මේ වෑංජන දෙකම තායි ක‍්‍රමයට අලූත් රසයකට පිසගන්න විදිය ගැනයි මේ,  

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඌරු මස් ග‍්‍රෑම් 500 ක් (තෙල් කෑලි රහිත)
  • මිටි කිරි මි.ලී. 500 ක්
  • තායි ග‍්‍රීන් කරි පේස්ට් ග‍්‍රෑම් 50 ක්
  • එළබටු ගෙඩි කිහිපයක්
  • තිබ්බටු ග‍්‍රෑම් 100 ක්
  • බෙල් පෙපර් ග‍්‍රෑම් 100 ක් 
  • බෝංචි ග‍්‍රෑම් 100 ක්
  • බේබි කෝන් ග‍්‍රෑම් 150 ක්
  • රතු සීනි මේස හැන්දක්
  • මාළු සෝස් මේස හැන්දක්
  • ස්වීට් (තායි) බැසිල් කොළ කිහිපයක්
  • දෙහි යුෂ ස්වල්පයක්
  • අමු ගම්මිරිස් ඇට (නටුව සමග) කිහිපයක්
  • ලූණු 
  • තෙල් මේස හැඳි 2 ක් පමණ

සකසන අයුරු 

ඌරු මස් තරමක තීරුවලට (අඟල් 2 - 3 ක් පමණ) කපාගන්න. මේදය සහිත කෑලි මේ කරිය හදන්න භාවිතා කරන්නෙ නෑ. එළබටු ගෙඩි හතරට කපාගන්න. බෝංචි, බෙල් පෙපර් සහ බේබි කෝන් තරමක ප‍්‍රමාණයට කපාගන්න. 

භාජනයක් ලිප තබා එයට තෙල් එකතු කරන්න. තෙල් රත්වුණු පසු කපාගත් ඌරු මස් තීරු එයට එකතු කර විනාඩි 3ක් විතර තෙම්පරාදු කරගන්න. ඉන්පසු එයට ග‍්‍රීන් කරි පේස්ට් එක එකතු කර තවත් විනාඩි 5 ක් පමණ මඳගින්නේ තෙම්පරාදු කරගන්න. මෙයටම මිටි කිරිවලින් ස්වල්පයක්, මාළු සෝස්, සහ රතු සීනි එකතු කර හොඳින් කලවම් කරන්න. විනාඩි 5 - 7 ක් පමණ මිශ‍්‍රණය විටින් විට හැන්දකින් මිශ‍්‍ර කරමින් පිසගන්න. ඉතිරි පොල් කිරි ටික, අමු ගම්මිරිස්, කපාගත් එළවළු සහ ලූණු එකතු කර එළවළු ටික තැම්බෙන තරමට විනාඩි 10 -  15 ක් පිසගන්න. ග‍්‍රීන් පෝක් කරිය ලිපෙන් බාගත් පසු වැඩිපුර බැසිල් කොළ ටිකක් සහ දෙහි යුෂ ස්වල්පයක් එකතු කර භාජනයකින් වසා විනාඩි 5ක් පමණ තබන්න. 

 

 

තායි රෙඩ් චිකන් කරි

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුකුළු මස් ග‍්‍රෑම් 500 ක්
  • එළවළු තෙල් මේස හැන්දක්
  • රතු ලූනු ගෙඩි 3 ක්
  • ඉඟුරු‐සුදු ලූනු පේස්ට් මේස හැන්දක්
  • හොඳින් අඹරා ගත් සේර පේස්ට් තේ හැන්දක්
  • රතු බෙල් පෙපර් 1 ක් 
  • තිබ්බටු ග‍්‍රෑම් 50 ක්
  • අමු ගම්මිරිස් (නටුව සමග) කිහිපයක්
  • බේබි කෝන් ග‍්‍රෑම් 100 ක්
  • තායි රෙඞ් කරි පේස්ට් මේස හැඳි 4 ක්
  • මිටිකිරි මි.ලී. 500 ක්
  • මාළු සෝස් තේ හැඳි 2 ක්
  • දුඹුරු සීනි තේ හැන්දක්
  • තායි බැසිල් කොළ 10 ක් පමණ
  • දෙහි බෑයක පමණ යුෂ
  • දෙහි කොළ 2 ක්
  • ලූණු

සකසන අයුරු 

රතු ලූනු, බේබි කෝන් සහ බෙල් පෙපර් දික් අතට කපාගන්න. 

චිකන් බ්‍රෙස්ට් එක සිහින් තීරු ආකාරයට කපාගන්න. 

භාජනයක් ලිප තබා තෙල් එකතු කර මඳගින්නේ රත් කරගන්න. 

කපාගත් රතු ලූනු එක්කර විනාඩි 3-4ක් තෙම්පරාදු කරගන්න. මෙයටම කපා ගත් චිකන් එක්කරගෙන විටින් විට හැඳිගාමින් තවත් විනාඩි 3ක් පමණ තෙම්පරාදු කරගන්න. ඉන්පසු ඉඟුරු‐සුදු ලූනු පේස්ට් සහ සේර පේස්ට් එක එකතු කරගන්න. තායි රෙඞ් කරි පේස්ට් එකත් එකතු කරගෙන චිකන් කැබලිවල හොඳින් තැවරෙන සේ මිශ‍්‍ර කරගන්න. හැඳිගාමින් විනාඩි තුනක් පමණ තෙම්පරාදු කරගන්න. 

පසුව කපාගත් බෙල් පෙපර්, තිබ්බටු, අමු ගම්මිරිස් එකතු කර විනාඩි 2 ක් පමණ තෙම්පරාදු කරගන්න. පොල්කිරි, මාළු සෝස්, ලූණු, දුඹුරු සීනි, තායි ස්වීට් බැසිල් කොළ සහ දෙහි කොළ එකතු කර හොඳින් මිශ‍්‍ර කර උතුරුවා ගන්න. තවත් විනාඩි 10 ක් පමණ කරිය තරමක් ගනවනතුරු පිසගන්න. අවසානයට ලිපෙන් බාගෙන දෙහි යුෂ එකතු කරන්න.


නයනා උදයංගනී


 

දිස්ත්‍රික්ක 07කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් Read Previous

දිස්ත්‍රික්ක 07කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

බේරුවල  සිසු නිපුණතා තරගවලින් ජයගත්  අමරවංශ දහම් පාසල් සිසුන්ට ත්‍යාග සහතික පිරිනමයි Read Next

බේරුවල සිසු නිපුණතා තරගවලින් ජයගත් අමරවංශ දහම් පාසල් සිසුන්ට ත්‍යාග සහතික පිරිනමයි

Realted Post

Leave a comment