තෛපොංගල් දාට රසවත් ගුණවත් දවල් බතක්

සූර්යයා ධනු රාශියේ සිට මකර රාශියට ගමන් කිරීම ආරම්භය වන්නේ ජනවාරි 13 හෝ 15 යන දෙදිනෙන් එක් දිනක්. මේ දිනය තෛපොංගල් දිනය ලෙස ලොව ප්‍රකට වෙනවා. 


 හින්දු භක්තිකයන් ප්‍රධාන උත්සවයක් ලෙස මේ දින සමරනවා. එදිනට රසවත් කෑම වලින් වර්ණවත්/ සුවඳවත්/ ආලෝකමත් වන දිනයක්  ද වෙනවා. 

මෙවර තයිපොංගල් සමරන වගේම දිනය සමරන්නේ නැති උනත් ඔබත් කැමති ඇති නේද ඉන්දියානු ද්‍රවිඩ කෑම වල රස විඳින්න.  ඒ නිසාම මෙවර අපි ගෙන එන්නේ ගුණවත් රසවත් රුලන් බතක් සාදාගන්නා අයුරු ගැනයි. 


ඒ සඳහා අවශ්‍ය වන්නේ පුංචි අමුද්‍රව්‍ය ටිකක් පමණයි

  • කබලේ මදක් බැදගත් රුලන් කෝප්පයක් 
  • ගා ගත් පොල් කෝප්ප බාගයක්
  • සිහින්ව කපා ගත් බී ලූනූ ගෙඩියක්
  • සිහින්ව කැපු අමු මිරිස් කරල් දෙකක් 
  • සිහින්ව තලා ගත් ඉඟුරු ස්වල්පයක්
  • සිහින්ව කැපු වියළි මිරිස් කරල් තුනක්
  • එළඟි තෙල් මේස හැඳි දෙකක්
  • රස අනුව ලුණු
  • අබ ඇට ස්වල්පයක්. 
  • වතුර කෝප්ප එකහමාරක්
  • කරපිංචා ඉත්තක්

සාදන අයුරු


භාජනයක් ගෙන එයට එළඟි තෙල් දමා රත් කර එයට කරපිංචා, බීලූනු, පොල්, වතුර දමා හොඳින් වතුර ටික උතුරාගෙන එන විට එයට රෝස් කරගත් රුලන් එකතු කරන්න .පියනකින් වසා විනාඩි තුනක් මඳ ගින්දරේ පිසගන්න.

සටහන
මහේෂානි මීගහපොල
උපදෙස්
ලංකා සූපවේදී සංගමය කමිටු සාමාජික  ලසන්ත රාජපක්ෂ

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ  ජන්ම දිනයට  පවුල්  200 කට,වියළි ආහාර ද්‍රව්‍ය   බෙදා දෙති. Read Previous

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ ජන්ම දිනයට පවුල් 200 කට,වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙති.

විජය සමාජ මාධ්‍ය අංශය සහ ඩිජිටල්  මාධ්‍ය එකමුතුවෙන් සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සල Read Next

විජය සමාජ මාධ්‍ය අංශය සහ ඩිජිටල් මාධ්‍ය එකමුතුවෙන් සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සල

Realted Post

Leave a comment