දියමන්ති 223කින් සැරසූ Christmas කේක්. මිල අධික ආහාර, සුඛෝපභෝගී අත්දැකීමක්

“Luxury” හෙවත් සුඛෝපභෝගීත්වයට රසයක් තිබේ නම්, එය නිසැකවම ඉතා මිල අධික රසයක් වනු ඇත. ලෝකයේ ඇතැම් විශේෂ ආහාර අසාමාන්‍ය ලෙස ඉහළ මිලකට අලෙවි වන අතර, ඒවායේ දුර්ලභත්වය සහ සුවිශේෂී බව නිසා ධනවත් ආහාර රසිකයන් අතර දැඩි ඉල්ලුමක් පවතී.

කැවියාර්, ට්‍රෆල් වැනි ආහාර මිල අධික බව අප බොහෝ දෙනා දන්නා කරුණක්. නමුත් pizza සහ burger වැනි සාමාන්‍ය ආහාර පවා මිල අධික සුඛෝපභෝගී ආහාර බවට පත්විය හැකි බව ඔබ දැන සිටියාද?

අපි දැන් ලෝකයේ වඩාත්ම මිල අධික සහ අතිශය සුඛෝපභෝගී ආහාර කිහිපයක් ගැන බලමු.

සුදු ට්‍රෆල් (White Truffle)

White Truffle යනු උතුරු ඉතාලියේ Piedmont ප්‍රදේශයට ආවේණික දුර්ලභ ශාකීය දිලීරයකි. එය ලෝකයේ වඩාත්ම මිල අධික ආහාර ද්‍රව්‍යවලින් එකක් ලෙස සැලකේ. 2007 වසරේදී Macau හි කැසිනෝ හිමිකරුවෙකු කිලෝග්‍රෑම් 1.5ක් බර සුදු ට්‍රෆල් එකක් සඳහා ඇමෙරිකානු ඩොලර් 330,000ක් ගෙවා තිබුණි. එහි විශේෂ සුවඳ සහ රසය නිසා සුප්‍රසිද්ධ chefවරුන් අතර මෙය ඉතා ජනප්‍රියය.

සෆ්‍රන් – (Saffron)

Saffron ලෝකයේ මිල අධිකම කුළුබඩුව ලෙස හැඳින්වේ. “Red Gold” ලෙසද හඳුන්වන මෙය නිෂ්පාදනය කිරීම ඉතා වෙහෙසකර ක්‍රියාවලියකි. සෆ්‍රන් කිලෝග්‍රෑම් 1ක් ලබා ගැනීමට මල් දහස් ගණනක් අවශ්‍ය වන අතර, සෑම මලකින්ම ලබාගත හැක්කේ ඉතා සුළු ප්‍රමාණයකි. ඒ නිසාම එහි මිල අතිශයින් ඉහළය.

ඔයිස්ටර්ස් (Oysters)

Oysters යනු සුඛෝපභෝගී මුහුදු ආහාරයක් ලෙස සැලකේ. ලෝකයේ සමහර රටවල සාපේක්ෂව අඩු මිලකට ලැබුණද, බොහෝ ස්ථානවල මෙය තවමත් මිල අධික ආහාරයකි. විශේෂයෙන් fine dining අවන්හල්වලදී oysters ඉතා ඉහළ මිලකට අලෙවි කෙරේ.

දියමන්ති 223කින් සැරසූ Christmas කේක් එක

Jeong Hong-Yongto විසින් නිර්මාණය කළ මෙම විශේෂ fruitcake එක සැබෑ සුඛෝපභෝගී කලා නිර්මාණයක් ලෙස සැලකේ. මේ කේක් එක නිම කිරීමට මාසයක කාලයක් ගතවී ඇත. දියමන්ති 223කින් සැරසී ඇත. Tokyo නගරයේ ප්‍රදර්ශනය කර ඇත. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1.7ක් පමණ වේ.

ලා බොනොට් අර්තාපල් (La Bonnotte Potatoes)

La Bonnotte potatoes යනු ප්‍රංශයේ Noirmoutier දූපතේ වගා කරන විශේෂ අර්තාපල් වර්ගයකි. මෙහි අද්විතීය රසයට හේතුව, මුහුදු පැලෑටි සහිත පස
විශේෂ දේශගුණික තත්ත්වය. මෙම අර්තාපල් කිලෝග්‍රෑම් එකක මිල ඇමෙරිකානු ඩොලර් 600ක් පමණ වේ.

Snow Crab

Snow Crab ජපානයේ ඉතා වටිනා මුහුදු ආහාරයකි. 2019 නොවැම්බර් 7 වනදා, ජපානයේ Tottori ප්‍රදේශයේ වෙන්දේසියකදී snow crab එකක් Japanese yen මිලියන 5කට, එනම් ඇමෙරිකානු ඩොලර් 46,000කට අලෙවි විය. මෙම crab වර්ගයේ විශාලත්වය, නැවුම් බව, රස ගුණය, මිල තීරණය කිරීමට බලපායි.

වග්‍යු බීෆ් (Wagyu Beef)

Wagyu beef ලෝකයේ වඩාත්ම සුප්‍රසිද්ධ සහ මිල අධික මස් වර්ග අතරින් එකකි. Wagyu beef ග්‍රෑම් 100ක් සඳහා පවා ඇමෙරිකානු ඩොලර් 50ක් පමණ ගෙවීමට සිදුවිය හැක.

සුඛෝපභෝගී ආහාරවල සැබෑ වටිනාකම මෙම ආහාරවල ඉහළ මිලට හේතුව වන්නේ,  දුර්ලභත්වය, නිෂ්පාදනයේ අපහසුතාව, සීමිත සැපයුම, විශේෂ රස සහ ගුණාත්මකභාවය, බොහෝ දෙනා සඳහා මේවා සිහිනයක් වුවද, ලෝකයේ ධනවත් ආහාර රසිකයන්ට මෙවැනි ආහාර රසවිඳීම ජීවන රටාවේ කොටසක් බවට පත්ව තිබේ. ඉතිං මේ තොරතුරුවලින් තහවුරු වන්නේ ආහාර යනු කුස පිරවීම පමණක් නොව, සමහර විට එය සුඛෝපභෝගී අත්දැකීමක්ද බවයි.

අශන්ති වරුණසූරිය

ශරීරයේ සෑම කොටසකටම වැදගත්, අපි නොසලකා හරින ඛනිජ Read Previous

ශරීරයේ සෑම කොටසකටම වැදගත්, අපි නොසලකා හරින ඛනිජ

ශරීරයේ සෑම කොටසකටම වැදගත්, අපි නොසලකා හරින ඛනිජ Read Next

ශරීරයේ සෑම කොටසකටම වැදගත්, අපි නොසලකා හරින ඛනිජ

Realted Post

Leave a comment