නත්තල රස කරන කේක්

 


සීතල උඳුවප් මහේ නත්තලට ඇත්තේ තවත් දින කිහිපයකි. නත්තල කිතුනු බැතිමතුන්ගේ උතුම්ම දිනය යි.  ඔබේ නත්තල් සාදයට මේ කෑම වට්ටෝරු අලුත්ම රසයක් ගෙන දේවි 


යූලොග්
අවශ්‍ය ද්‍රව්‍ය
ස්විස් රෝල් එකක් 
අවශ්‍ය  ද්‍රව්‍ය
පාන්පිටි ග්‍රෑම් 55  ක්
චොක්ලට් පවුඩර් ග්‍රෑම් 20  ක්
සීනි ගෑම් 85 ක්
බිත්තර  4 ක්
වැනිලා තේ හැඳි  1 ක්
චොක්ලට් පාට වර්ණ
බේකින් පවුඩර් තේ හැඳි 1 ක්
තෙල් කඩදාසි  1 ක්
පාච්මන්ට් පේපර් හෝ කිචන් ටවල් එකක්



බටර් අයිසින් 
 අවශ්‍ය ද්‍රව්‍ය
බටර් හෝ මාගරීන් ග්‍රෑම් 50 ක්
අයිසින් සීනි ග්‍රෑම් 150- 200 ක්
වැනිලා තේ හැඳි 1 ක්

 


 සාදන ක්‍රමය
පළමුව පාන් පිටි,  බේකින් පවුඩර් හා  චොක්ලට් පවුඩර් මිශ්‍ර කර දෙවරක් හලන්න.  බිත්තර සුදු මද සහ කහ මද වෙන් කරන්න.  සුදු මදවලට සීනි ග්‍රෑම් 45 එකතු  කර  හොඳින් ගසන්න. අනෙක් සීනිවලට කහ මද එකතු කර ගසන්න.  වැනිලා ද එකතු කරන්න.  දැන් සුදු මද මිශ්‍රණය මෙම කහ මද මිශ්‍රණයට  එකතු කරන්න.  ඉන්පසු එයට පිටි ටික ටික එකතු කර හැන්දකින් පෙරලන්න.  
කේක්  තැටියට තෙල් කඩදාසියක් දමා අවන් එක සෙන්ටිග්‍රේඩ් අංශක 160 විනාඩි 10 ක් රත් කරන්න. කේක් මිශ්‍රණය තැටියට දමා එම උෂ්ණත්වයෙන්ම විනාඩි  45 ක් බේක් කරන්න. කිචන් ටල් එකක් හෝ පාච්මන්ට් පේපර් එකක් මත අයිසින්  සීනි ස්වල්පයක් දමා  බේක් කර ගත් කේක් එක අනෙක් පැත්ත හරවා ටවල් එක මතට ගන්න. එය සෙමන් සෙමෙන් රෝල් කරන්න.  දැන් අයිසින් සාදාගන්නා තුරු ශීතකරණයේ තබන්න. 


බටර් අයිසින්
බටර් හොඳින් ගසන්න. එයට වැනිලා එකතු කරන්න.  අයිසින් සීනි එකතු කරමින් විනාඩි 15 ක්  පමණ ගසන්න. ස්විස් රෝල් එක ශීතකරණයෙන් ඉවතට ගෙන දිගහැර  බටර් අයිසින් ගාන්න. නැවතත් එය රෝල් කර පැය කිහිපයක් ශීතකරණයේ තබන්න. 


චොක්ලට් අයිසින්
අවශ්‍ය ද්‍රව්‍ය

 චොක්ලට් පවුඩර් ග්‍රෑම් 30 ක්
 බටර් ග්‍රෑම් 200 ක්
 අයිසින් සීනි ග්‍රෑම් 450 ක්
 චොක්ලට් වර්ණ ස්වල්පයක්
 වැනිලා තේ හැඳි 1 ක්


 සාදන ක්‍රමය
ඉහත දැක්වෙන සියලුම දේ හොඳින් ගසන්න.  දැන් ශීතකරණයේ ඇති  ස්විස් රෝල් එක ඉවතට ගෙන  කේක් එකේ එක් කොටසක් දිගටත් අනෙක් කොටස දිගින් අඩුවන ආකාරයට කපන්න. දැන් ගසක අත්තක් මෙන් එම කොටට කපාගත් කේක් එක අනෙක් කොටසට සම්බන්ධ වන ආකාරයට එකට එකතු කර චොක්ලට් අයිසින් යොදා සම්පූර්ණ කේක් එක වසන්න.  දැන් ගසේ හැඩය මතුවන ආකාරයට ගෑරුප්පුවකින් කේක් එක මත ඉරි අඳින්න. එය නැවතත් ශීතකරණයේ තබා ඉවතට ගෙන යූලොග් එක උඩින්  චොක්ලට් කුඩු, අයිසින් සීනි ඉසීමෙන්  සහ චෙරි  හෝ ස්ට්‍රෝ බෙරිවලින් සරසා  ගන්න.

ලග්න පලාඵල Read Previous

ලග්න පලාඵල

ලග්න පලාඵල Read Next

ලග්න පලාඵල

Realted Post

Leave a comment