නත්තල් කෑම මේසය



වන් පොට් චිකන් රයිස්
 අවශ්‍ය ද්‍රව්‍ය

බාසුමතී හෝ කීරි සම්බා කිලෝ 1 ක්
තරමක ලොකු කුකු`ඵ මස් කැබලි ග්‍රෑම් 500 ක්
තළාගත් ඉඟුරු කැබැල්ලක්
තළාගත් සුදුලූනු බික් 2 ක්
ලෙමන් ගෙඩියක යුෂ (දෙහි වුවද යොදා ගත හැකියි)
ගාගත් ලෙමන් පොතු තේ හැඳි 1 ක්
ෆිෂ් සෝස් හෝ සෝයා සෝස් මේස හැඳි 3 ක්
ඔලිව් තෙල් හෝ බටර් මේස හැඳි 3 ක්
ලියාගත් ලොකු ලූනු ගෙඩියක් 
ලියාගත් ලොකු තක්කාලි ගෙඩියක්
කරද මුංගු 3 ක්
කුඩා බේලිෆ් හෝ කුරුඳු කොළ 3 ක්
කුකු`ඵ මස්  ස්ටොක්  කෝප්ප 3 ක්
අමුතුනපහ කුඩු හා මිරිස් කුඩු  රස පදමට
ලුණු හා ගම්මිරිස්  රසයට
මින්චි කොළ ටිකක් (තිබේ නම්)


සාදන ක්‍රමය
පළමුව කුකු`ඵ මස් කැබලි සෝදා භාජනයකට දමන්න. කැබලි එකින් එක ගෙන කුඩා පිහියකින් තැනින් තැන කපා නැවත භාජනයකට දමන්න.  එයට ලෙමන් යුෂ ඉඟුරු සුදුලූනු,  ගම්මිරිස් කුඩු හා ලෙමන් පොතු දමා හොඳින් මිශ්‍ර කරන්න. ෆිෂ් සෝස් හෝ සෝයා සෝස් මේස හැඳි 2 ක් එකතු කර  හොඳින් මිශ්‍ර කරන්න.  ශීතකරණයේ පැය1/2 ක් පමණ වසා තබන්න. තරමක ලොකු නන්ස්ටික්  බඳුනක් ගෙන  ලිප තබා ඔලිව් තෙල් හෝ බටර් එකතු කරන්න. එයට කුකු`ඵ මස් කැබලි අතුරා දෙපැත්ත හරවමින් ටික වේලාවක් බදින්න.  එයටම හාල්, ලොකුලූනු,  සුදුලූනු, බේලීෆ්,  කරදමුංගු, තක්කාලි, මිරිස් කුඩු, තුනපහ කුඩු,  ඉතිරි ෆිෂ් සෝස් හා සෝයා සෝස් මේස හැන්දක් එකතු කර  හොඳින් කලවම් කරන්න.  මඳගින්නේ ටික වේලාවක් තබන්න. එම මිශ්‍රණයට කුකු`ඵ මස් ස්ටොක් දමා  මිශ්‍ර කරන්න.  ඔබ තෝර ගන්නා හාල් වර්ගය අනුව  කුකු`ඵ මස් ස්ටොක් එකතු කරන්න.  සම්බා හාල් එකතු කරන්නේ නම් වැඩිපුර ස්ටොක් දැම්මාට  කමක් නැත.  පියනකින් වසා මඳගින්දරේ  බත පිසින්න.  බත තැම්බී මදි නම් කුකු`ඵ මස් ස්ටොක් තව දැමීමට පු`ඵවනි. අවසානයට ලුණු එකතු කර ලෙමන් පොතු හා මින්චි කොළ එකතු කරන්න.  බත් එක ටික වේලාවක් පියනින් වසා තක්කාලි සෝස් සමග උණුවෙන් රස විඳින්න.   

 


සියඹලා රස බේක් කරගත් කුකු`ඵ මස්
අවශ්‍ය ද්‍රව්‍ය

කටු රහිත කුකු`ඵ මස් කැබලි ග්‍රෑම් 250 ක්
සියඹලා පේස්ට් මේස හැඳි 2 ක්
පොල් තෙල් මේස හැඳි 1 ක් බටර් හෝ ඔලිව් තෙල් මේස හැඳි 1 ක්
තළාගත් ඉඟුරු කැබැල්ලක් 
සුදුලූනු ගෙඩි 2 ක්
ලියාගත් ලොකුලූනු ගෙඩියක්
ලෙමන් යුෂ තේ හැඳි 1 ක්
සෝයා සෝස් මේස හැඳි 1 ක්
මිරිස් කුඩු රසයට ගම්මිරිස් රසයට
මීපැණි තේ හැඳි 1 ක්
ලුණු රසයට 
තල ඇට තේ හැඳි 1 ක් (තිබේ නම්)


සාදන ක්‍රමය
බඳුනකට බටර් හෝ තෙල් දමා රත්කර ලොකුලූනු එකතු කර බැදෙන්න  හරින්න.  ඉඟුරු සුදුලූනු එයට එකතු කරන්න.  එයට සියඹලා පේස්ට්, ලෙමන් යුෂ, සෝයා සෝස්, මිරිස් කුඩු හා  මී පැණි එකතු කර සෝස් එකක් සාදන්න.  සියඹලා සෝස් එක උකු වූ පසු  ලිප නිවා කුකු`ඵ මස්  කැබලි එකතු කර හොඳින් කලවම් කරන්න. එහි උඩින් ඔලිව් තෙල් හෝ බටර්, ලුණු හා ගම්මිරිස් දමන්න. මෙය තැටියට දමා සෙන්ටිග්‍රේඩ්  180 රත් වූ අවන් එකක  විනාඩි 20 -25 ක් බේක් කරන්න. උඩින් තල ඇට දමා සරසන්න. 

 


බිත්තර මිශ්‍ර කුකු`ඵ මස් සලාද
 කටු රහිත කුකු`ඵ මස් ග්‍රෑම් 200 ක්
තම්බා ගත් බිත්තර 4 ක්
කැබලි කපාගත් ලොකු තක්කාලි ගෙඩියක්
කොටු කපාගත් ලොකුලූනු ගෙඩියක්
කුඩා කැබලි කපාගත්  සලාද කොළ 2 ක්
ගම්මිරිස් කුඩු හා ලුණු කුඩු රසයට 
දෙහි යුෂ තේ හැඳි 1 ක්


සාදන ක්‍රමය
කුකු`ඵ මස් කුඩා කැබලි කපා ලුණු මිශ්‍රකර රන්වන් පාටට ගැඹුරු තෙලේ බදින්න. තෙල් බේරෙන්න තබන්න. තම්බා ගත් බිත්තර කැබලි කපන්න.  තක්කාලි, ලොකුලූනු,  සලාද කොළ, ගම්මිරිස් කුඩු හා ලුණු දෙහි යුෂ සියල්ල දීසියකට දමන්න. කෑලි පොඩි නොවන සේ හැන්දකින් කලවම් කරන්න. රසයට ලුණු හා ගම්මිරිස් එකතු කරන්න. බිත්තර කැබලි සහ බැදගත් කුකු`ඵ මස් ද එකතු කර මිශ්‍රකර පිළිගන්වන විට දෙහි යුෂ එකතු කරන්න. 

 


අන්නාසි කස්ටර්ඩ් පුඩිම
 අවශ්‍ය ද්‍රව්‍ය
අන්නාසි ගෙඩියකින් භාගයක්
සීනි පීරිසි කෝප්ප 1/2 ක්
කස්ටඩ් පවුඩර් මේස හැඳි 4 ක්
(ස්ට්‍රෝබෙරි හෝ වැනිලා)
 බටර් කේක් රිබන් කේක්හෝ ක්ලබ් කේක්  සිහින් පෙතිකපා ග්‍රෑම් 250 ක්
 නැවුම් එළකිරි කෝප්ප 2ක්
 කුරුඳු කැබැල්ලක්


 සාදන අයුරු 
පළමුව අන්නාසි ටික ස්ටු කරන්න.  නන්ස්ටික් භාජනයක් ලිපේ  තබා එයට  අන්නාසි කැබලි වතුර කෝප්පයක් හා සීනි දමා උණු කරන්න. සීනි දිය වී වතුර උතුරන විට  හැඳිගාන්න.  කුරුඳු කැබැල්ලක් ද එකතු කරන්න.  අන්නාසි කැබලි තැම්බී වතුර උකු වනවිට ලිප නිවා අන්නාසි කැබලි පෙරා වතුර ටික වෙනත් බඳුනකට දමන්න.  නිවෙන්න තබන්න 


කස්ටඩ් සාදන ආකාරය
භාජනයකට කිරි දමා ලිපේ තබා උණු කරන්න. එයින් කිරි ටිකක් ගෙන කස්ටඩ් පවුඩර්  දමා දියකර  උණු කිරිවලට එකතු කර  මිශ්‍රණය උකුවන තුරු මඳගින්දරේ හැඳිගාන්න.  රස පදමට සීනි එකතු කර ලිප නිවන්න. (කේක් හා අන්නාසිවල පැණි රස තිබෙන නිසා  කස්ටඩ් මිශ්‍රණයට සීනි අඩුවෙන් භාවිතයට ගැනීම හොඳයි.)
පැතලි හතරැස් බඳුනක්  හෝ  ඩෙසර්ට්  කප්වල අඩියට  ස්ටු කරගත් අන්නාසි කැබලි අතුරන්න. එයට උඩින් ස්ටු කරගත් වතුරවල පොඟවා ගත් කේක් පෙති අතුරන්න, ඉන්පසු නැවතත් කස්ටර්ඩ් මිශ්‍රණය අතුරා එයට උඩින් නැවතත් ස්ටු කරගත් අන්නාසි කැබලි තබන්න. 

 


එළව`ඵ සලාදයක්
අවශ්‍ය ද්‍රව්‍ය
සිහින්ව ලියාගත් ගෝවා ගෙඩි 1/2 ක්
කොටු හැඩයට කපාගත් ගර්කින් හෝ  පිපික්‍ඳ්ඤා  ගෙඩියක් 
කැබලි කපාගත් ලොකු තක්කාලි ගෙඩි 2 ක්
බඩ ඉරිඟු ඇට හෝ බෙබි කෝන්  ඇට මේස හැඳි 1 ක්
දෙහි යුෂ ගම්මිරිස්  කුඩු හා  ලුණු  රසයට


 සාදන ක්‍රමය 
මේ සියලු  ද්‍රව්‍ය  භාජනයකට දමා කෑලි පොඩි නොවන ආකාරයට  හැන්දකින් කලවම් කරන්න. මේ සියලු දේ කලින් කපා තබා කෑමට ආසන්නව මිශ්‍ර කරන්නේ වඩාත් සුදුසුයි. අවශ්‍ය නම් මෙයොනීස් සෝස් එකතු කර ගත හැකියි.

 


තායි ක්‍රමයට රම්පේ ප්‍රයිඩ් රයිස්
අවශ්‍ය ද්‍රව්‍ය

රම්පේ කොළයක එතීමට හැකි ආකාරයේ  කුකු`ඵ මස් කැබලි 10 ක්
සුදුලූනු පේස්ට් මේස හැඳි 1 ක්
සෝයා සෝස් මේස හැඳි 1 ක්
ඔයිස්ටර් සෝස් මේස හැඳි 1  1/2  ක්
ගම්මිරිස් කුඩුමිරිස් කුඩු හා ලුණු කුඩු රසයට 
උකු පොල් කිරි මේස හැඳි 2 ක්
ලියාගත් කොත්තමල්ලි කොළ ටිකක්  
මහත නැවුම් හා ළපටි රම්පේ කොළ ටිකක් 
කුඩා ඉරටු කැබලි හෝ ටූත් පික් 
බැදීමට තෙල් 


 සාදන ක්‍රමය
කුකු`ඵ මස් කැබලි හැර අනෙක් සියලු දේ එකතු කර හොඳින් හැන්දකින් මිශ්‍ර කර උකු සෝස් එකක් සාදන්න. කුකු`ඵ මස් කැබලි  තැනින් තැන ගෑරුප්පුවකින් ඇන සෝස්වල තවරා  විනාඩි 30 ක් පමණ තබන්න. එවිට මස්වලට සෝස් කා වැදී  විනාඩි 30කට පසුව  කුකු`ඵ මස් කැබලි එකින් එක රම්පේ කොළවල ඔතා ඉරටු කැබලිවලින්  ගසා  අමුණන්න. රත් වූ තෙලට එකින් එක දමා රන්වන් පැහැ වනතුරු අඩු ගින්දරේ බදින්න.  හොඳින් තෙල් බේරෙන්න තබා උණුවෙන් කෑමට ගන්න.

 


සොසේජ් ඩෙවල්
අවශ්‍ය ද්‍රව්‍ය
පෙති කපාගත් සොසේජ් කරල් 10 ක්
අබ ස්වල්පයක්
ලියාගත් මාළු මිරිස් කරල් 1 ක්
කපාගත්  සුදුලූනු බික් 2 ක්
කපාගත්  ලොකුලූනු  හා තක්කාලි  ගෙඩිය බැගින්
සෝයා සෝස් හා තක්කාලි සෝස්  මේස හැඳි 1 ක්
කෑලි මිරිස් රසයට
රස අනුව ලුණු 
 බටර් හෝ තෙල් මේස හැඳි 1 ක්


 සාදන ක්‍රමය
භාජනයක් ලිප තබා තෙල් දමා රත් කරන්න. අබ දමා පුපුරවා සුදුලූනු, මාළු මිරිස්, ලොකුලූනු,  තක්කාලි දමා තෙම්පරාදු කරන්න.  එයට සොසේජ් පෙති එකතු කර ටික වේලාවක් තෙම්පරාදු  කරන්න.  එයටම සෝයා සෝස්,  තක්කාලි සෝස්  හා කෑලි මිරිස්  එකතු කර ලුණු බලා අවශ්‍ය නම් ලුණු ද එකතු කර හැන්දකින් කලවම් කර ලිප නිවන්න. 

පුෂ්පා රණවීර


 

දඟකාරියන්ට කදිම ගවුමක් Read Previous

දඟකාරියන්ට කදිම ගවුමක්

ඇසේ ලෙඩ පෙන්වන රතු පාට කඳුළු Read Next

ඇසේ ලෙඩ පෙන්වන රතු පාට කඳුළු

Realted Post

Leave a comment