නොකන අයටත් කන්න හිතෙන ඕට්ස් කූලර්


ඕට්ස් ලෝකයේ සෞඛ්‍ය සම්පන්න සහ සිරුරට හිතකරම කෑම වර්ග අතුරින් ඉදිරියෙන්ම තිබෙන කෑම වර්ගයක්. විශේෂයෙන් බත් වර්ග, කැඳ වර්ග උදෑසනට ගනු ලැබුවත්, පැය කිහිපයකට පසුව නැවත නැවත, කුසගින්න ඇතිවන විට විවිධ කෑම කෑමට ගන්න හිතෙනවා. එහෙත් ඕට්ස් ආහාරයට ගත්විට ඔබේ සිරුරට අවශ්‍ය සියලු පෝෂ්‍ය පදාර්ථ ලැබෙනවා වගේම ඒ අතර කාලයේ දිගු වේලාවක් කුස ගින්නක් නොදැනෙන නිසා අතුරු ආහාර ලබා ගැනීමට පෙලඹෙන්නේ නැහැ. ඒ වගේම මේ කාලයේ හුඟක් දෙනකුට සිරුරේ මහත පිළිබඳවත් ගැටලු තිබෙන නිසා සිරුර මහත්වීම අවම කරගෙන හැඩ සිරුරක් ලබාගන්න උදෑසන කෑමවේලට ඉක්මනින්ම ඔට්ස් වලින් සකස් කරගන්න පුළුවන් සමබර කෑම වර්ග කිහිපයක් පිළියෙල කරමු.

 

ඕට්ස් කූලර්

අවශ්‍ය ද්‍රව්‍ය

උපදෙස් විධායක සූපවේදී 
සුජිත් ආරියරත්න


ඕට්ස් ග්‍රෑම් 250 ක්
නැවුම් කිරි ග්‍රෑම් 750 ක්
කුඩාවට කැපූ ඇපල් ගෙඩියක්
කුඩාවට කැපූ මිදි ග්‍රෑම් 50 ක්
කුඩාවට කැපූ කෙසෙල් ගෙඩි 2 ක්
කුඩාවට කැපූ ස්ට්‍රෝබෙරි ගෙඩි 4 ක්
වියළි මිදි ග්‍රෑම් 50 ක්
කපාගත් කජු මද ග්‍රෑම් 50 ක්
මී පැණි මිලි. ග්‍රෑම් 200 ක්


සාදාගන්නා ආකාරය
පළමුවෙන් ඕට්ස් පැය තුනක් පමණ පෙඟෙන්නට තබන්න. පැය තුනකට පසුව එයට කපා ගත් පලතුරු, කජු සහ වියළි මිදි එක්කර කලවම් කරන්න. දැන් එයටම කිරි සහ මී පැණි එකතු කර කලවම් කර ශීතකරණයේ තබන්න. හොඳින් කූල් වූ පසුව කෑමට ගන්න. ඕට්ස් කෑමට ගන්න අකමැති වැඩිහිටියන්ට වගේම පොඩිත්තන්ටත් ඕට්ස් කූලර් අලුත්ම අත්දැකීමක් වේවි.

 

මස් මාළු අකමැති අයට ඕට්ස් වෙජිටබල් පිට්ටු

අවශ්‍ය ද්‍රව්‍ය
ඕට්ස් ග්‍රෑම් 500 ක්
ගාගත් පොල් ග්‍රෑම් 250 ක්
කපාගත් කැරට් ග්‍රෑම් 100 ක්
කපාගත් නිවිති ග්‍රෑම් 50 ක්
කපාගත් ලූනු ග්‍රෑම් 25 ක්
අමු මිරිස් කරල් 3 ක්
රස අනුව ලුණු 
පොල්කිරි අඬු කෝප්ප භාගයක්


සාදන ක්‍රමය
ඕට්ස් හා පොල් එකට කලවම් කරන්න. ඉන්පසු ලුනු, කුඩාවට කැපූ කැරට්, නිවිති සහ අනෙක් සියලු අමුද්‍රව්‍ය දමා කලවම් කරන්න. ඉන්පසු පොල්කිරි ටිකෙන් ටික එක්කරමින් පිට්ටුව අනාගන්න. ඉන්පසු පිට්ටු බම්බුවක් ආධාරයෙන් හුමාලයෙන් තම්බා ගන්න.  
තමන් කැමති ඕනෑම කරියක් පිට්ටු කෑම සඳහා එකතු කර ගැනීමට පුළුවන.

 

ඕට්ස් පෑන් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය
ඕට්ස් ග්‍රෑම් 250 ක්
පාන්පිටි ග්‍රෑම් 150 ක්
බටර් මේස හැඳි 2 ක්
නැවුම් කිරි ලීටර් 1 ක්
රස අනුව ලුණු
කපාගත් කජු ග්‍රෑම් 25 ක්
වියළි මිදි ග්‍රෑම් 25 ක්


සාදාගන්නා ආකාරය
ඕට්ස් පෑන් කේක් සෑදීම සඳහා මුලින්ම ඕට්ස් පැය දෙකක් පමණ පෙඟෙන්නට හරින්න. ඉන්පසු එයට බටර්, ලුණු, පාන්පිටි සහ කිරි මිශ්‍ර කර උකු මිශ්‍රණයක් සාදාගන්න. සාදාගත් මිශ්‍රණයට වියළි මිදි සහ කපාගත් කජුමද එකතු කර නැවතත් හොඳින් කලවම් කරන්න. ඉන්පසු සුදුසු තැටියකට ටිකෙන් ටික වක්කර ගනිමින් රසවත් පෑන් කේක් සාදාගන්න.

නයනා උදයංගනී

 

 

 

  

 

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026 Read Previous

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026

පෙර පාසල් ගුරුභවතුන් සහ රැකබලා ගන්නන් 600ක් වෙනුවෙන් ජාතික වැඩසටහනක් Read Next

පෙර පාසල් ගුරුභවතුන් සහ රැකබලා ගන්නන් 600ක් වෙනුවෙන් ජාතික වැඩසටහනක්

Realted Post

Leave a comment