පස්තා ටූනා සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

  • හොඳින් තම්බාගත් පස්තා ග්‍රෑම් 100 ක්
  • තම්බාගත් ටූනා මාළු ග්‍රෑම් 50 ක්
  • අයිස් බර්ග් සලාද කොළ හෝ සලාද කොළ ටිකක්
  • කොටු කපාගත් තක්කාලි ගෙඩියක්
  • බීලූනු ගෙඩියක්
  • සැලඩ් ඩ්‍රෙසින් එක
  • ඔලිව් තෙල් මේස හැඳි 2 ක්
  • අබ ක්‍රීම් තේ හැන්දක්
  • මී පැණි තේ හැඳි 2 ක්
  • ගම්මිරිස් තේ හැඳි 1/2 ක්
  • ලුණු කුඩු තේ හැඳි 1/2 ක්
  • දෙහි යුෂ මේස හැඳි 1 ක්

සාදාගන්නා ආකාරය

පස්තා ටික සහ පොඩිකර ගත් ටුනා අනෙකුත් දේවල් සමග පොඩි නොවන ලෙස කවලම් කරන්න.

ඩ්‍රෙසින් එක සාදාගන්නා ආකාරය

අබක්‍රීම් ටිකට ලුණු, ගම්මිරිස්, මී පැණි සහ දෙහි යුෂ එකතු කර ඔලිව් තෙල් සෙමින් දමමින් හොඳින් කවලම් කරන්න. පසුව ඔබ සාදාගත් පස්තා මිශ්‍රණයට ඩ්‍රෙසින් එක එක්කර ආහාරයට ගන්න.

අදහස් දැක්වීම 
සූපවේදී භානු මිගාර 

සටහන - ඉෂංකා ජයසූරිය

‎කලා චිකිත්සක වැඩමුලුව 2026 Read Previous

‎කලා චිකිත්සක වැඩමුලුව 2026

සුපිරි හෝටලයේ මත් සාදයේ රහස එළියට Read Next

සුපිරි හෝටලයේ මත් සාදයේ රහස එළියට

Realted Post

Leave a comment