ප්‍රණීත රසවත් තේකක් හදාගන්න ටිප්ස්

තේ  හදාගන්න අපි හැමෝම දන්නවා නමුත් හරි පදමට රසවත්ව තේකක් හදාගන්න දන්නෙ කීයෙන් කී දෙනාද සිරිකත කුස්සේ රහස් විශේෂාංගයෙන් ගෙන එන්නේ රසවත් ප්‍රණීත තේකක් හදාගන්නා අයුරු ගැනයි.

 

  • හොඳ තේකක් හදාගන්න පෙර ගුණාත්මක බවින් යුතු තේ කොළ තිබිය යුතුයි. 
  • දුඹුරු පැහැයෙන් යුතු කෙඳි ගතිය වැඩි තේ කොළ සුදුසු නොවේ. 
  • තද තරමක ලොකු කැබලි තිබෙන ලස්සන කළු පැහැයෙන් යුතු සුවඳවත් එය හොඳ තේ කොළ යි.


දැන් බලමු හොඳ තේ කොළ ගෙනල්ලා රසවත්ව තේකක්  සදාගන්නා අයුරු.

වතුර භාජනයක් ලිප තබා හොදින් නටාගෙන එන විට තේ කොළ ස්වල්පයක් දමා  එය මද වෙලාවක් තම්බා , පසුව පෙරාගන්න.   පෙරාගත් තේ කෝප්පය කට අවශ්‍ය පදමට සීනී දමා  රසවත් තේ කෝප්පයක් පිළියෙල කර ගත හැකියි. වඩාත් රසයකින් යුතු තේ කෝප්පයක්  සදහා ඉගුරු යුෂ හෝ මින්ට් කොලයක් දමා   පානය කරන්න.

රසවත් කිරි තේ  එකක් සදාගන්නා අයුරු.

අවශ්‍ය පදමට සීනි තේ හැන්දක්, පිටි කිරි තේ හැඳි   තුනක් ඉඟුරු යුෂ ස්වල්පයක්, තලා ගත් එනසාල් ඇටයක් දමා සාදා ගන්න. එයින් තවත් තේ රසය වැඩිකරයි.


අයිස් තේ

උණුවතුර මිලි ලීටර් 250 කට තේ කොළ හැන්දක් දමා තැම්බෙන්න තබන්න. එයට සීනි තේ හැඳි පහක් දමා කලවම් කරන්න.

පසුව වීදුරුවක් ගෙන එයට ම්න්ච් කොළ දෙකක්,අයිස් කැට හය , හතක්, ලෙමන් යුෂ බින්දු කිහිපයක්, තේ වතුර ටික  දමා කලවම් කරන්න.


රසවත් ප්ලේන්ටියක් හදාගන්නා අයුරු. 

ප්ලේන්ටියට අවශ්‍ය තේ කොළ ප්‍රමාණය භාජනයට දමා තැම්බීමට තබා  පෙරාගෙන සීනි අවශ්‍ය ප්‍රමාණයට දමා එයට ඉඟුරු යුෂ එකතු කරන්න

 

හොඳ කොෆී තෝරාගන්නා අයුරු.


ඔබට හැකි නම් කොෆී ඇට ගෙනත් කබලේ බැද හොඳින් කුඩුකර පෙනේරයක් ආධාරයෙන් සළාගන්න.

කොෆි තේ හැඳි කාලක් උණුවතුර කෝප්පයකට මිශ්‍ර කර අවශ්‍ය පදමට සීනි දමා කලවම් කරන්න.

නටන උණු වතුර දැමූ කෝප්පයකට, කොෆි තේ හැඳි කාලක්,  දමා සීනි තේ හැන්දක්, එකතුකර කලවම් කර පසකින් තබන්න. 

වීදුරුවකට සාදාගත් කොෆී, නැවුම් කිරි වීදුරුවක් ,අයිස් කැට හය හතක් එකතු කරන්න .

 

සටහන

මහේෂානි මීගහපොල

උපදෙස්

ප්‍රවීණ සූපවේදනී, දේශමාන්‍ය ජීවනී විජේසේකර

ගේට්ටුවා සතියේ දිනවල රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියෙන් Read Previous

ගේට්ටුවා සතියේ දිනවල රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියෙන්

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට Read Next

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

Realted Post

Leave a comment