පොඩ්ඩන්ගෙ උපන්දිනයට පැණි රස කෑම

 

පුංචි පුතුගේ හා් දියණියගේ උපන්දින සැමරුමට මේ සැරෙත් කඩෙන් කේක් එකක් ගේන්නද හිතාගෙන ඉන්නෙ? බැරිද අපිට කේක් එකක් ගෙදර හදන්න. උත්සාහ කළොත් බැරිවෙන එකක් නෑ. මේ විදියට හදලා බලන්න. මුදල් ඉතිරියකුත් එක්ක ලස්සන, රසවත් කේක් එකක් දරුවාගේ උපන්දින සාදය හැඩ කරන්න එකතු කරන්න ඔබට හැකිවේවි. කේක් විතරක් නෙවෙයි තවත් පැණි රස කෑම කිහිපයක්ම හදන විදිය අපි ඔබට කියනවා.

 

කේක් පොප්සිකල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය
කැමති රසයකින් සාදාගත් කේක් ග්‍රෑම් 500 ක් සුදුසු රසයකින් සාදා ගත් අයිසිං මේස හැඳි 6-7 ක් කුකිං චොක්ලට් ග්‍රෑම් 400 ක් පොප්සිකල් මෝල්ඩ්/පොප්සිකල් කූරු

සාදන ක්‍රමය
කේක් කැබලි කර අතින් හොඳින් කුඩු කරන්න. රස අනුව සකස් කර ගත් අයිසිං එකතු කර අතේ නොඇලෙන පදමට මිශ්‍රණය සකස් කරගන්න. දැන් සිලිකන් පොප්සිකල් මෝල්ඩ් එකකට ඩබල් බොයිල් කර ගත් චොක්ලට් මිශ්‍රණය කුඩා හැන්දක් ආධාරයෙන් මෝල්ඩ් එක වටේට තවරන්න. හිස් තැන් නොමැති ආකාරයට තවරා අධි ශීතකරණයේ විනාඩි 2 ක් තබා නැවතත් මෝල්ඩ් එක තුළ චොක්ලට් ආලේප කර පොප්සිකල් ස්ටික් එකක් ඇතුළු කර සිදුර හොඳින් වැසෙන සේ චොක්ලට් අතුරා ගන්න. නැවත තත්පර 30 ක් අධිශීතකරණයේ තබා එළියට ගෙන කේක් පුරවා උඩින් හොඳින් චොක්ලට් අතුරා විනාඩි 30 ක් ශීතකරණයේ තබා සෙමෙන් මෝල්ඩ් එකෙන් සාදා ගත් පොප්සිකල් එක ගලවා චොක්ලට් ස්ප්‍රින්කල්ස් අලංකාර කරන්න. කුඩා කේක් බෝඩ් එකක තබා පිළිගන්වන්න.

අයිසින් මිශ්‍රණය

අවශ්‍ය ද්‍රව්‍ය
අයිසින් සීනි ග්‍රෑම් 300 ක් බටර් මාගරීන් ග්‍රෑම් 100 ක් වැනිලා තේ හැඳි 1 ක්

සාදන ක්‍රමය
බටර් ක්‍රීම් ආකාරයට ගසන්න. එයට අයිසින් සීනි ටික ටික එකතු කර නැවතත් ගසන්න. ළා කහ පැහැයට හෝ සුදු පැහැයට එන විට වැනිලා තේ හැඳි 1 ක් එකතු කරන්න. වර්ණ සඳහා ආහාර වර්ණ එකතු කරන්න. නැතිනම් කටරො`ඵ මල් හෝ බීට්රූට්වලින් වර්ණ සාදා එකතු කර ගත හැකියි.

 

කේක් පොප්ස්

අවශ්‍ය ද්‍රව්‍ය
කැමති රසයකින් සාදාගත් නැවුම් කේක් ග්‍රෑම් 500 ක් අයිසින් මේස හැඳි 6-7 ක් කුකින් චොක්ලට් ග්‍රෑම් 400 ක් පොප්සිකල් කූරු

සාදන ක්‍රමය
මිශ්‍රණය සඳහා කේක් කැබලි කර අතින් කුඩු කර රස අනුව සකසා ගත් අයිසිං සීනි එකතු කර අතේ නොඇලෙන පදමට මිශ්‍රණය සකස් කරන්න. කරන්න. එයින් සාමාන්‍ය ප්‍රමාණයේ බෝල සාදාග න්න. ඩබල් බොයිල් ක්‍රමයට උණු වතුර බඳුනක් මත තබා චොක්ලට් උණු කරන්න. එසේ උණු කර ගත් චොක්ලට් දියර මත කේක් බෝල තවරා පොප්සිකල් කූරු උඩින් ගසන්න. එය අලංකාර කිරීමට චොක්ලට් හො ස්ප්‍රින්කල්ස් යොදන්න

 

ඩෝ නට්ස්
කැමති රසයකින් කේක් මිශ්‍රණය සකස් කර ගත හැකියි
බටර් කේක් මිශ්‍රණය
අවශ්‍ය ද්‍රව්‍ය බටර් ග්‍රෑම් 125 ක් සීනි ග්‍රෑම් 125 ක් පාන් පිටි ග්‍රෑම් 125 ක් බිත්තර 2 ක් බේකින් පවුඩර් තේ හැඳි 1 ක් වැනිලා තේ හැඳි 1 ක් ඩෝ නට් සිලිකන් මෝල්ඩ්

සාදන ක්‍රමය
බටර් සහ සීනි බඳුනකට දමා හොඳින් ගසන්න. පාන් පිටි බේකින් පවුඩර් එකට හලා පැත්තකින් තබන්න. බටර් සහ සීනි ළා කහ පැහැය වන විට බිත්තරයක් එකතු කර ගසන්න. එයට අනෙක් බිත්තරයද එකතු කර ගසා හළාගත් පිටි එයට එකතු කරන්න. අවසානයට වැනිලා ද එකතු කර මිශ්‍රණය සකස් කරන්න. දැන් ඩෝනට් සිලිකන් මෝල්ඩ් එකේ බටර් තවරන්න. එම මෝල්ඩ් එකේ ප්‍රමාණයට මිශ්‍රණය දමා සෙන්ටිග්‍රේඩ් අංශක 160 විනාඩි 25 ක් බේක් කරන්න. හොඳින් නිවෙන්නට හැර ඩෝ නට් ග්ලේස් එක ඇතුළත සාදා ගත් ඩෝ නට් දමා මිශ්‍රණය අතුරන්න.

 

ඩෝ නට් ග්ලේස්

අවශ්‍ය ද්‍රව්‍ය
අයිසින් සීනිග්‍රෑම් 400 ක් කිරි හෝඋණු වතුර මේස හැඳි 5-6 ක් වැනිලා තේ හැඳි 1 ක්
සාදන ක්‍රමය
අයිසින් සීනි හොඳින් හලන්න. එයට කිරි එකතු කර හොඳින් දිය කරන්න. එයට වැනිලා දමා හොඳින් කලවම් කරන්න.

 


පුෂ්පා රණවීර


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Office යන්න මෙහෙම අඳින්න Read Previous

Office යන්න මෙහෙම අඳින්න

Office යන්න මෙහෙම අඳින්න Read Next

Office යන්න මෙහෙම අඳින්න

Realted Post

Leave a comment