පොල් අච්චාරු හදලා බලමු.....

පොල් අච්චාරු හදලා බලමු..... 

 

අවශ්‍ය ද්‍රව්‍ය

  • හොඳින් පැසුණු පොල් ගෙඩියක්

  • වෙන් නොවෙන සේ දෙකට පළාගත් අමුමිරිස් කරල් කිහිපයක්

  • ඉඟුරු කැබැල්ලක් 

  • සුදුලූනු බික් කිහිපයක් 

  • අබ මේස හැඳි 1 ක් 

  • ගම්මිරිස් තේ හැඳි 1 ක් 

  • කහ

  • විනාකිරි බෝතල් 1/4 ක් 

  • ලුණු

 

සාදන ක්‍රමය


පොල් අච්චාරුව සෑදීම සඳහා පළමුව පැසුණු පොල්ගෙඩියක් ගෙන එය දෙකට පළා ගැනීමට පෙර පිහියේ මිට හෝ භාවිත කර පොල් ගෙඩිය වටට හොඳින් තට්ටු කරගන්න. එවිට මදය කපාගැනීමට පහසු වන සේ තරමක් ලිහිල් වනු ඇත. පසුව පොල් ගෙඩිය දෙකට පලාගෙන මදය ටිකෙන් ටික ඉවත් කරගන්න. ඉවත්කර ගත් මදය අඟලේ තීරු ලෙස දිගට කපා පසුව එම කැබලි අඟල් භාගයේ ප්‍රමාණයට කොටු කපාගන්න. 

ස්ටීමරයකට වතුර දමා උතුරන විට කපාගත් පොල් කැබලි ටික හුමාලයෙන් විනාඩියක් පමණ තම්බා ගන්න. වැඩි වේලාවක් හුමාලයේ තැබීමෙන් වළකින්න. සියලුම අච්චාරු වර්ග සෑදීම සඳහා පොල්කටු හැඳි සහ මැටි බඳුන් භාවිත කළ යුතු වේ. 


ඉන්පසුව අබ සහ ගම්මිරිස් වෙන වෙනම විනාකිරෙන් අඹරා ගන්න. පසුව මැටි හට්ටියක් ගෙන ලිප තබා එයට විකාකිරි මේස හැඳි පහක් හයක් පමණ යොදාගන්න. රත්වන විට ඉඟුරු, සුදුලුනු එකතු කරන්න. ඒ සමගම රතුලුනු සහ දෙකට පලාගත් අමුමිරිස් කරල් එක්කරගන්න. පැහැය වෙනස් වන්නට කලින් විනාඩියක් ඇතුළත ලිපෙන් ඉවත්කරගන්න.
දැන් පිරිසුදු මැටි ඇතිලියක් ගෙන එයට පොල් කැබලි දමාගන්න. ඉන්පසු එයට කලින් පිසගත් විනාකිරි මිශ්‍රණය එකතුකරගන්න. විනාකිරෙන් ඇඹරූ අබ සහ ගම්මිරිස් ද එකතු කර හොඳින් අතින් කලවම් කරගන්න. කලවම් කරන ගමන් නැවත විනාකිරි ටිකෙන් ටික අතේ පදමට එකතු කරගෙන රස අනුව ලුණුද එකතු කර කෙසෙල් කොළයකින් මුට්ටියේ කට හොඳින් වසා දින දෙකකට පසුව කෑමට ගන්න. 

එයාලා නැති වුණාම අපි විදවනවා. වැඩිම කාලයක් ජීවත් වන බව්වන් කවුද බලමු Read Previous

එයාලා නැති වුණාම අපි විදවනවා. වැඩිම කාලයක් ජීවත් වන බව්වන් කවුද බලමු

පෙර පාසල් ගුරුභවතුන් සහ රැකබලා ගන්නන් 600ක් වෙනුවෙන් ජාතික වැඩසටහනක් Read Next

පෙර පාසල් ගුරුභවතුන් සහ රැකබලා ගන්නන් 600ක් වෙනුවෙන් ජාතික වැඩසටහනක්

Realted Post

Leave a comment