බතේ රහස

මෙවර සිරිකත Online කුස්සියේ රහස් විශේෂාංගයෙන් කතා කරන්නේ අපි හැමෝම කන්න කැමති නමුත් උයන්න ගියාම ටිකක් විතර කලබලේට එහෙට මෙහෙට වෙන එහෙම නැත්නම් ඇට්ටකුණා හෝ බෙරිවෙන අපේ ප්‍රධාන ආහාරය වන බත් ගැනයි. බතක් උයද්දි මේ එන පුංචි ගැටලු වලට ක්ෂණික විසඳුම් කිහිපයක් තමයි මේ. 

  • බත් ඇට්ටකුණා උණොත් කෙසෙල් කොළයකින් වසා තබන්න. එවිට බත් වල ඇති හුමාලයෙන් අමු ඇට තැම්බෙයි.
  • බතෙහි තෙත ගතිය වැඩියි නම් රොස්ට් කරගත් පාන් පෙත්තක්  වැඩිපුර වතුර ඉවත්කර බත මතින් තබන්න. එවිට තෙත ගතිය පාන් පෙත්තට ඌරාගෙන බත් ඇට ලස්සනට වෙන් වෙයි. 
  • බත් බෙරි වූ විට හොඳින් වතුර පෙරෙන්න කිරි ගොටුවකට හෝ දැල් සහිත භාජනයකට දමා එයට අයිස් වතුර වක් කරන්න . හොඳින් වතුර බේරුණු පසු නැවත මඳ ගින්දරේ යාන්තමට රත් කරගන්න.
  • බාස්මතී සහල් බෙරිනොවී උයාගන්න නම් බත් පිසීමට පෙර හොදින් සෝදා පැයක් පෙගෙන්න තබා ගන්න. කිලෝ එකක් උයන්න ගන්නවා නම් කිලෝ දෙකක හට්ටියක් ගෙන හට්ටිය පිරෙන්න වතුර තුන් කාලක් දමා හොඳට වතුර නැටු පසු පෙඟෙන්න දැමූ හාල් බේරා එයට දමන්න. දැන් හිතා අඩු ගින්දරේ විනාඩි පහළොවක් තබන්න. 
  • පෙරදා බත් ඉතුරු වුණේ නම් අහක දමන්න යන්න එපා. ඒ බත් ශීතකරණය තබා පසු දින හොඳින් තද අව්වේ වේලා , කුඩුකර තේ වෙලාවට හෝ උදෑසන ආහාරයක් ලෙස ප්‍රණීත , ගූණැති ආහාරයක් වන අග්ගලා  ගුලි සාදා ගන්න.

සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස් - ජ්‍යෙෂ්ඨ සූපවේදී, ජීවනී විජේසේකර.

තරුණියගේ රහස් ප්‍රදේශයේ ලප සොයා ස්පර්ශ කළ බුද්ධි සැරයන් Read Previous

තරුණියගේ රහස් ප්‍රදේශයේ ලප සොයා ස්පර්ශ කළ බුද්ධි සැරයන්

සමේ රැලි අඩුකරන වට්ටක්කා Read Next

සමේ රැලි අඩුකරන වට්ටක්කා

Realted Post

Leave a comment