මස්,මාළු රස වෙනස

ආහාරවේලට ප්‍රෝටීන් එකතු කර ගත හැකි ප්‍රධාන ආහාර වර්ග වන්නේ මස්, මාළුයි. එදිනෙදා කෑමවේලට එකතු කරගන්නා මස්, මා`ඵ බොහෝ විට පිළියෙල කර ගන්නේ ඒකාකාරී ක්‍රමවලටය. එය දරුවන් ගේ කැමැත්තට මෙන්ම අලුත් ක්‍රමවලටත් සකසා ගැනීමට හැකි නම් ඔබේ කෑමවේල වෙනදාටත් වඩා ප්‍රණීත විය හැකිය. මේ එවැනි ක්‍රම කිහිපයකි.

 

 

උණු අළුපල්ලේ  දමා ගත් ගල් මා`ඵ


අවශ්‍ය ද්‍රව්‍ය

උපදෙස්
ප්‍රවීණ සූපවේදීනී 
  තිලානි විතානගේ   

 


ගල් මා`ඵ ග්‍රෑම් 500 මාළුවෙක්
සුදුලූනු බික් කිහිපයක්
ඉඟුරු අඟලක පමණ කැබැල්ලක්
ලුණු කුඩු රසයට
ගම්මිරිස් කුඩු තේ හැඳි 2 ක්
බැදපු තුනපහ කුඩු තේ හැඳි 1 ක්
මිරිස් කුඩු තේ හැඳි 2 ක් 
දෙහි බෑයක යුෂ
ලියාගත් කරපිංචා ඉත්තක්
ලියාගත්  ලොකුලූනු ගෙඩියක් 
ලියාගත්  අමුමිරිස් කරල් 3-4 ක්
අවශ්‍ය නම් ලියාගත් තක්කාලි ගෙඩියක් 
සෝයා සෝස්, තක්කාලි සෝස් හෝ බාබක්‍යු සෝස් මේස හැඳි 2 ක් 


සාදන ක්‍රමය
පළමුව මා`ඵවා ශුද්ධ කර පිහියකින් මා`ඵවාගේ ඉරි අඳින්න. ඉඟුරු, සුදුලූනු ලුණු හා ගම්මිරිස්, එකට දමා මිරිස් ගලේ අඹරන්න. එයට සෝස් වර්ග, ලියාගත් කරපිංචා, ලූනු, අමුමිරිස්,  තක්කාලි එකතු කර එයට සෝස් එකක් හදාගන්න. දැන් මා`ඵවා බඳුනක තබා  සාදාගත් මිශ්‍රණය මා`ඵවාගේ දෙපැත්තම හොඳින් තවරන්න. එය පැයක් ශීතකරණයේ තබා සීසන්වීමට තබන්න.  දර ලිප පත්තු කර ගිනි අඟුරු තිබෙන ආකාරයට සකස් කර ගන්න. පැයකට පසු මා`ඵවා ඉවතට ගෙන එහි ඇති වතුර ගතිය ඉවත් කර කෙසෙල් කොළයේ ඔතන්න. දැන් කෙසෙල් කොළයේ ඔතාගත් මා`ඵවා උණු අළු පල්ලේ තබා (ගිනි අඟුරු ගොඩ මැද) තබා දෙපැත්ත හරවමින් පුච්චා උණුවෙන් කෑමට ගන්න.

 

 

නැගෙනහිර ක්‍රමයට වැව් මාළු

අවශ්‍ය ද්‍රව්‍ය
කැබලි කපාගත් වැව් මා`ඵ  
කිලෝ 1 ක්
කොච්චි කරල් කිහිපයක්
සුදුලූනු බික් 10 ක්
කහ කුඩු ස්වල්පයක්
මිරිස් කුඩු  තේ හැඳි 2 ක්
බැදපු තුනපහ කුඩු  
තේ හැඳි 1 ක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ක්
රම්පේ, කරපිංචා. සේර 
ලියාගත් රතුලූනු ගෙඩි 5 ක්
ගොරකා පේස්ට් තේ හැඳි 1 ක් 
පොල් තෙල් මේස හැඳි 1 ක්


සාදන ක්‍රමය 
පළමුව මා`ඵ කැබලිවලට ලුණු, ගම්මිරිස් කහ තවරා පසෙකින් තබන්න. සුදුලූනු,  කොච්චි හා රතුලූනු එකට දමා කොටා පසෙකින් තබන්න. දැන් බඳුනක් ලිප තබා පොල් තෙල් දමා රත් කරන්න. එයට කලින් සාදාගත් සුදුලූනු පේසට් එක රම්පා, කරපිංචා, සේර දමා  මඳක් බැදෙන්න හරින්න. බැදී එනවිට  බැදපු තුනපහ කුඩු, මිරිස් කුඩු එකතු කරන්න.  එයටම මා`ඵ කැබලි ටික දමා මා`ඵ වැසෙන ප්‍රමාණයට වතුර එකතු කර ගොරකා පේස්ට්  ටිකක් දමා හොද්ද මඳක් හිඳෙනතුරු පිසින්න. 

 


 
ඩෙවල් චිකන්

අවශ්‍ය ද්‍රව්‍ය
කුඩා කැබලි කැපූ කුකු`ඵ මස් කිලෝ 1 ක්  (කටු රහිත හෝ  කටු සහිත)
අමු ඉඟුරු කැබැල්ලක්
සුදුලූනු ගෙඩියක බික්
තක්කාලි සෝස් හෝ ඔයිස්ටර් සෝස් මේස හැඳි 2 බැගින් 
කහ කුඩු තේ හැඳි 1/4 ක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ක්
විිනාකිරි මේස හැඳි 1 ක්
ලොකු බෙල්පෙපර් 1 ක් f හා්  මාළු මිරිස් කරල් 4 ක් 
ලොකුලූනු ගෙඩි 4 ක්
කෑලි මිරිස් හා ලුණු කුඩු රසයට


සාදන ක්‍රමය
කුකුළු මස් කැබලිවලට ලුණු, කහ ගම්මිරිස් කුඩු හා විනාකිරි අතගා ශීතකරණයේ පැයක් තබන්න. ඒ අතර තුර සුදුලූනු හා ඉඟුරු එකට දමා වංගෙඩියේ හෝ ග්‍රයින්ඩරයේ කොටා  පේස්ට් එකක් සාදන්න. පැයකට පසු කුකුළු මස් කැබලි රන්වන් පැහැ වනතෙක් ගැඹුරු තෙලේ බැද තෙල් බේරෙන්න තබන්න. තරමක ලොකු බඳුනක් ලිපේ තබා තෙල් මේස හැඳි 1 ක් එකතු කර ඉඟුරු. සුදුලූනු පේස්ට් එක දමන්න. එය බැදුණු පසු සෝස් වර්ග,  කෑලි මිරිස් හා ගම්මිරිස් කුඩු එකතු කරන්න.  එයටම කුකුළු මස් කැබලි දමා හොඳින් මිශ්‍ර කරන්න. අවසානයට කොටු හැඩයට කපාගත් ලොකුලූනු බෙල් පෙපර්  හෝ මාළු මිරිස් එකතු කර කලවම් කර ලිප නිවන්න.

 

 

ක්‍රිස්පි චිකන්

අවශ්‍ය ද්‍රව්‍ය
තරමක කැබලි කපාගත් කුකුළු මස් බ්‍රෙස්ට් එකක්
පාන් පිටි මේස හැඳි 5 ක්
රුලං මේස හැඳි  2 ක්
ලුණු හා ගම්මිරිස් පදමට
වතුර
බැදීමට තෙල්
පාන් කුඩු, බිත්තරයක්
කෝන්ෆ්ලවර් මේස හැඳි 1 ක්
සාදන ක්‍රමය
පළමුව කුකුළු මස් කැබලි ටික බඳුනකට දමා ලුණු, ගම්මිරිස් අතගා පසෙකින් තබන්න.


 දැන් බැටරය සාදා ගනිමු
පාන් පිටි, බිත්තර. කෝන්ෆ්ලවර්  හා රුලං ටික බඳුනකට දමා  ලුණු හා ගම්මිරිස් එකතු කර වතුර ස්වල්පය බැගින් දමා හැන්දකින් මිශ්‍ර කරමින් කට්ලට් දවටනයට වඩා ටිකක් ගනකමින් යුත් බැටර් එකක් සාදන්න. දැන් පරිස්සමට කුකුළු මස් කැබලි 
1 බැගින් ගෙන  බැටරයේ දමා බිස්කට් කුඩුවල තවරා එකවර කුකුළු මස් කැබලි 4 ක් පමණ ගැඹුරු තෙලට දමා රන්වන් පැහැ වන තෙක් බැදගන්න. මේ බැටර් එකට රුලං නොදා වුනත්   සාදාගත හැකිය. එහෙත් රුලං දැම්මොත් චිකන් ක්‍රිස්පි වන්නේ නැත.

 

 

ආමන්ඩ් මිශ්‍ර බටර් චිකන්

 අවශ්‍ය ද්‍රව්‍ය
තරමක කුඩා කැබලි කපාගත් කටු රහිත කුකුළු මස් ග්‍රෑම් 400 ක්
තළාගත් ඉඟුරු කැබැල්ලක්, සුදුලූුනු බික් 2, 3 ක් 
ලියාගත් අමුමිරිස් කරල් 2-3 ක්
රතුලූනු හෝ ලොකුලූනු ගෙඩියක්
කරපිංචා ටිකක්
කොත්තමල්ලි කොළ ටිකක්
ආමන්ඩ් ඇට  10 ක් පමණ (ආමන්ඩ් ඇටවලට උතුරන වතුර  ටිකක් දමා වසා තබා  උඩ දුඹුරු පොත්ත හැර වතුර මේස හැඳි 5 ක් දමා හොඳින් බ්ලෙන්ඩ් කර පේස්ට් එකක් සාදන්න.) 
සූදුරු ස්වල්පයක් 
හොඳින් ඉදුණු තක්කාලි ගෙඩි 3 ක්
මුදවපු කිරි මේස හැඳි 5 ක්
කහ ස්වල්පක්
අමුතුනපහ කුඩු තේ හැඳි 1 ක්
ගරම් මසාල පවුඩර් තේ හැඳි 1 ක්
මිරිස් කුඩු රසයට 
රස අනුව ලුණු


සාදන ක්‍රමය 
කුකුළු මස් කැබලි හොඳින් සෝදා  මුදවපු කිරි ලුණු රසයට තුනපහ වර්ග දමා හොඳින් සීසන් කරගන්න. සීසන් කරගත් කුකුළු මස් ටික  බඳුනකට දමා  පැය 2 ක් ශීතකරණයේ තබාගන්න. එවිට එය රසවත් වේ. පැය 2කට පසු බඳුනක් ලිප තබා බටර් ටිකක් රත්කර  සුදුලූනු, ඉඟුරු, සූදුරු හා ලියාගත් අමු මිරිස්, ලූනු, කරපිංචා සියලු දේ දමා තෙම්පරාදු කරන්න. දැන් සීසන් කරගත් කුකුළු මස් කැබලි දමා කෑලි තැම්බෙන තෙක් ටික වේලාවක් හැන්දෙන් එහාට මෙහාට කරමින් පිසින්න. කටු රහිත නිසා ඉක්මනින්ම තැම්බෙයි.  එයට  තක්කාලි  ගෙඩි 3 ක්  කුඩා කැබලි කපා වතුර කෝප්ප 1/2 ක් දමා බ්ලෙන්ඩ් කරන්න. සාදාගත් තක්කාලි මිශ්‍රණය, ආමන්ඩ් මිශ්‍රණය ද එයට එකතු කර විනාඩි කීපයක් හොද්ද උකුවන තුරු පිස තුනපහ වර්ග හා මිරිස් අවශ්‍ය නම් පමණක් නැවත එක්කරන්න.  ලිපෙන් ගැනීමට පෙර කොත්තමල්ලි කොළ ටිකක් උඩින් දාන්න.  මෙය නාන් රොටී චපාති, බත් පරාටා වැනි ඕනෑම දෙයක් සමග කෑමට ගත හැකියි. 
 


පුෂ්පා රණවීර 



 

සිරැරේ හැඩයට සාරි බ්ලවුසයක් Read Previous

සිරැරේ හැඩයට සාරි බ්ලවුසයක්

තන්තිරිමලයට යන පාරේ  මල් විකුණන ළියන්ගේ  ආයාචනය ... Read Next

තන්තිරිමලයට යන පාරේ මල් විකුණන ළියන්ගේ ආයාචනය ...

Realted Post

Leave a comment