මේ විදියට බතල කමුද?

 

 

හුඟක්දෙනා බතල පිසින්න දන්නේ තම්බා හෝ වෑංජන විදියට පමණයි. එහෙත් තවත් රසවත් ක්‍රමවලට බතල පිසින්න පුළුවන්. මේ තියෙන්නෙ එවැනි ක්‍රම කිහිපයක්. 

 

 

 බතල කැඳ 

අවශ්‍ය ද්‍රව්‍ය
කහ බතල හෝ සුදු බතල අල කිහිපයක් 
මිටිකිරි හා දියකිරි කෝප්පය බැගින් 
ලුණු රසයට


සාදන ක්‍රමය 
බතලවල පොතු හැර (කැමති නම් පොතු පිටින් ගන්න)  තම්බන්න.  තම්බා ගත් බතල අල හො`ඳින් පොඩි කරන්න.  දියකිරි සමග හොඳින් ක්‍රීම් වනතුරු බ්ලෙන්ඩ් කරන්න. දැන් රස අනුව ලුණු එකතු කර  මිටිකිරිද එකතු කර  හැඳිගාමින් මඳ ගින්දරේ  කැඳ පිසින්න. කැඳ එක ගනකම් වැඩි නම් තව දියකිරි හෝ මිටිකිරි එකතු කරන්න.
 

 බතල දලු තෙලට 

 අවශ්‍ය ද්‍රව්‍ය
ළපටි බතල දලු මිටක්
අබ තේ හැඳි 1/4 ක්
තළාගත් සුදුලූනු බික් 2 ක්
ලියාගත් ලොකුලුනු ගෙඩියක්
ලියාගත් අමුමිරිස් කරල් 1 ක්
කැබලි කපාගත් ඉදුණු තක්කාලි ගෙඩියක්
කැබලි කඩාගත් වියළි මිරිස් කරල් 2ක්
සෝයා සෝස් මේස හැඳි 1/2 ක් (අත්‍යවශ්‍ය නැත)
කහ ස්වල්පයක්
කෑලි මිරිස් රසයට
තෙල් මේස හැඳි 2 ක් පමණ 


සාදන ක්‍රමය
බතල දලුවල කිරි ඇති නිසා කොළ සෝදා ටික වේලාවක් මඳ පවනේ කිරිවැරෙන්න තබන්න.  දැන් කන්කුන් තෙල් දාන විට කපන ආකාරයට තරමක් ලොකු කැබලිවලට කපන්න.  බඳුනක්  ලිපේ තබා තෙල් දමා රත් වන විට අබ එකතු කර පුපුරවන්න. එයට තළාගත් සුදුලූනු, ලියාගත් අමුමිරිස්, රතුලූන, තක්කාලි හා කපාගත් වියළි මිරිස් කැබලි දමා තෙම්පරාදු කරන්න. තෙම්පරාදු කරන ගමන් හැන්දකින්  තක්කාලි කැබලි ටික පොඩි කරන්න. ඉන්පසු එයට බතල දලු ටික එකතු කර කහ ස්වල්පයක්, කෑලි මිරිස්, සෝයාසෝස් හා පදමට ලුණු එකතු කරන්න. කන්කුන් වගේම බතල දලු ඉක්මනින් මැළවෙන නිසා  වැඩි වේලාවක් ලිප තබන්න අවශ්‍ය නැත. අවශ්‍ය නම් උම්බලකඩ, කූනිස්සෝ, හාල් මැස්සන්  වගේ ඕනෑම දෙයක් මෙයට එකතු කළ හැකිය. 

 

 බතල චිප්ස් 

 අවශ්‍ය ද්‍රව්‍ය
රතු හෝ කහ බතල අල කිහිපයක්
බැදීමට තෙල්
රසට ලුණු හා මිරිස් කුඩු
පළමුව බතල අල හොඳින් සෝදා පීලර් එකකින් හෝ පිහියකින් පොතු හරින්න. ඉන්පසු බතල සිහින් පෙති ආකාරයට කපන්න. නැතිනම් කැමති ආකාරයට කපන්න. එය රන්වන් පාට වන තුරු ගැඹුරු තෙලේ බදින්න. තෙල් බේරා ලුණු හා මිරිස් කුඩු කලවම් කර රස විඳින්න. අවශ්‍ය නම් සුළං නොවදින බඳුනකට දමා දින කිහිපයක් තබා ගත හැකිය. 
 

 

 බැටර් ෆ්‍රයිඩ් බතල දලු 

අවශ්‍ය ද්‍රව්‍ය
බතල දලු අවශ්‍ය පමණට
පාන් පිටි මේස හැඳි 3 ක්
ලුණු රස පදමට
බැදීමට තෙල්
බිත්තරයක්


සාදන ක්‍රමය
බතල දලු ලුණු වතුරින් සෝදා වතුර බේරෙන්න තබන්න. 
බැටරය


අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි මේස හැඳි 2 ක්
බිත්තරයක්,  ලුණු ටිකක්
වතුර ස්වල්පයක්

 


සාදන ක්‍රමය
පාන් පිටිවලට බිත්තරය කඩා එකතු කර ලුණු සහ වතුර ස්වල්පය බැගින් මිශ්‍ර කරමින් කට්ලට් දවටනයට වඩා  ටිකක් ගනකමින්  යුත් බැටර් එකක් සාදන්න.
පාන් පිටි මේස හැන්දක් පිඟානට දමන්න. දැන් පරෙස්සමට බතල කොළ 1 බැගින්  ගෙන  පරෙස්සමින් පාන් පිටිවල තවරන්න. ඉන්පසු බතල කොළවල බැටර් එක තවරා එකවර කොළ 2 ක් පමණ තෙලට එකතු කර රන්වන් පැහැ වනතුරු බදින්න. බතල ගෙඩි  ටිකක්  කැබලි කපා  ලොකු මල් පෝච්චියක සිටුවීමෙන්  බතල වැලක් ඔබට පහසුවෙන්  සාදා  කොළ කඩාගන්න පු`ඵවනි.

පුෂ්පා රණවීර


 

සැහැල්ලුවට සනීපෙට අඳින්න ගවුමක් Read Previous

සැහැල්ලුවට සනීපෙට අඳින්න ගවුමක්

සිරිකත Fashion Read Next

සිරිකත Fashion

Realted Post

Leave a comment