රස ගුණ පිරි පේර බීම

පේර කියන්නේ රසය වගේම ගුණය හොඳින් ලබාගත හැකි පලතුරක්. විටමින් සී, ඒ ,තන්ත, ප්‍රති ඔක්සිකාරක ගුණයෙන්, බහුල සමේ  සහ අක්ෂි සෞඛ්‍ය වර්ධනය කරවන නිරෝගීව හිසකෙස් වර්ධනය කරවන, කොලෙස්ටරෝල් සහ රුධිර සීනි මට්ටම පාලනය කරවන මළබද්ධය වළක්වන  ඉහළ පෝෂණ ගුණයකින් යුතු රසවත් පලතුරක්. 

පේර බීම. අවශ්‍ය ද්‍රව්‍ය.

කුඩාවට කැපු ඉදුණු  පේර ගෙඩි දෙකක්.

සීතල වතුර. 

රස අනුව සීනි. 

රස අනුව ලුණු. 

දෙහි සල්පයක්. 

සාදන අයුරු. 

ටෙන්ඩර් කප් එකට   පේර කැබලි, සීනි ,වතුර ,ලුණු, දෙහි එකතු කර හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. පසුව එය පෙරාගන්න. දැන් රසවත් ප්‍රණීත බීමක් ලෙස භාවිත කළ හැකියි.


සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස් - ප්‍රවීණ සූපවේදනී / දේශමාන්‍ය ජීවනී  විජේසේකර. 

මහියංගන ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය Read Previous

මහියංගන ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය

රහස් ප්‍රදේශේට මිරිස් කුඩු දාලා වධ දීලා. ළමා නිවාසයේදී සිදුවූ බිහිසුණු වධහිංසාව Read Next

රහස් ප්‍රදේශේට මිරිස් කුඩු දාලා වධ දීලා. ළමා නිවාසයේදී සිදුවූ බිහිසුණු වධහිංසාව

Realted Post

Leave a comment