රසම රස ස්පයිසි චිලී පපායා ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැබලි කරගත් බාගෙට ඉදුණු ගස්ලබු ග්‍රෑම් 250 ක්
  • ඇට ඉවත් කර කැබලි කැපූ මාළු මිරිස් ග්‍රෑම් 50 ක්
  • කැබලි කරගත් ලූණු ග්‍රෑම් 50 ක් 
  • කැබලි කරගත් තක්කාලි ග්‍රෑම් 500 ක්
  • කුඩාවට කැපූ සුදුලූණු ග්‍රෑම් 25 ක්
  • කුඩාවට කැපූ ඉඟුරු ග්‍රෑම් 10 ක්
  • චිලී සෝස් මේස හැඳි 04 ක්
  • චිලී පේස්ට් මේස හැඳි 01 ක්
  • රස අනුව ලුණු 
  • කෝන් flour මේස හැඳි 02 ක්
  • ගම්මිරිස් තේ හැඳි 1/2 ක්
  • මාගරින් තේ හැඳි 01 ක්
  • බැදගැනීමට අවශ්‍ය තෙල්

සාදන අයුරු

  • භාජනයක් ගෙන ලුණු, ගස්ලබු, ගම්මිරිස්, කෝන් ෆ්ලවර් දමා ගැඹුරු තෙලේ බැදගන්න
  • අලුත් භාජනයකට මාගරින් එකතුකර ලිප මත තබා රන්වන් පැහැවෙන තෙක් බැදගන්න
  • රන්වන් පැහැවීගෙන එන විට ඉඟුරු, සුදුලූණු, ලුණු , බී ලූණු එකතු කර සුළු වෙලාවක් තෙම්පරාදු කරගන්න
  • තෙම්පරාදු වූ පසු එයට සෝයා සෝස්, චිලි සෝස්, චිලි පේස්ට්, රස අනුව සීනි එකතු කරන්න. ලිපේ ගින්දර මදව තබාගන්න 
  • ඉන්පසු අනෙකුත් සියලු අමුද්‍රව්‍ය එකතු කර හොඳින් කලවම් කර වෙනත් භාජනයකට දමා ගන්න

සටහන: මහේෂානි මීගහපොල

උපදෙස්: දේශීය ආහාර සහ කේක් නිර්මාණ ශිල්පිණි, සූපවේදනී,
ජෙනෙව්රා දාබරේ

“මට මේක පුළුවන්” කියන කාන්තාවක් වෙන්න Read Previous

“මට මේක පුළුවන්” කියන කාන්තාවක් වෙන්න

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය Read Next

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය

Realted Post

Leave a comment