ලැවරියා කන්න ආස ඔයාට වෙනස්ම රසයකට

කුකුළු මස් ලැවරියා

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුකුළු මස් (අඹරාගත්) ග්‍රෑම් 250 ක්
  • ලුනු ග්‍රෑම් 50 ක්
  • සුදුලූනු ග්‍රෑම් 10ක්
  • ඉඟුරු ග්‍රෑම් 10 ක්
  • කෑලි මිරිස් ග්‍රෑම් 10 ක්
  • ගම්මිරිස් ග්‍රෑම් 5 ක්
  • අවශ්‍ය පමණට ලුණු
  • තෙල් මේස හැඳි 2-3 ක්
  • කරපිංචා ඉති 1ක්
  • රතු හාල් පිටි ග්‍රෑම් 500ක්

සාදාගන්නා ආකාරය

සුදුසු භාජනයක් ලිප තබා එයට තෙල් එකතු කර රත්වන විට ලූනු, සුදුලූනු, ඉඟුරු සහ අනෙකුත් ද්‍රව්‍ය දමා තෙම්පරාදු කරගන්න ඉන්පසු එයට කුකුළු මස් ද දමා තෙම්පරාදු කරගන්න. පසුව හාල් පිටිවලට වතුර දමා ඉඳි ආප්ප මිශ්‍රණය සාදාගන්න. ඉන්පසු එයින් ඉඳි ආප්ප සාදා එහි මැදට කුකුළු මස් දමා දෙකට නවා හුමාලයේ තම්බාගන්න.

උපදෙස් විධායක සූපවේදී සුජිත් ආරියරත්න

ඉෂංකා ජයසූරිය

සුපිරි හෝටලයේ මත් සාදයේ රහස එළියට Read Previous

සුපිරි හෝටලයේ මත් සාදයේ රහස එළියට

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර Read Next

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර

Realted Post

Leave a comment