විවිධ රසට චිකන් කමුද

 

විශේෂ අවස්ථාවලදී අමුත්තන්ට රසවත් කෑම වර්ග පිළිගන්වන්න කවුරුත් උනන්දුයි. මෙවර අප ඉදිරිපත් කරන්නේ එවැනි අවස්ථාවකට සුදුසු රසවත් ආහාර පෙළක්. 


1. චිකන් ලේයර් බේක් නූඩ්ල්ස්
 අවශ්‍ය ද්‍රව්‍ය 
 නූඩ්ල්ස් ග්‍රෑම් 200 ක්
 අඹරාගත් කුකුළු මස්  ග්‍රෑම් 250 ක්
 ලුණු කුඩු තේ හැඳි 1/4 ක්
සෝයා සෝස් තේ හැඳි 2 ක්
ටොමැටෝ පේස්ට් මේස හැඳි 3 ක්
ලූනු ගෙඩියක්
සුදුලූනු බික් 2 ක්
බිත්තර 2 ක්


සාදන ක්‍රමය
අඹරාගත් කුකුළු මස්වලට ලුණු කුඩු, සෝයා සෝස් එකතු කර මිශ්‍ර කරන්න.  සාස්පානක් ලිප තබා තෙල් දමා රත්වන විට කුකුළු මස් එකතු කර එය පිසින්න. ලූනු ගෙඩියක් කුඩාවට කපන්න. ලූනු ගෙඩිය කපා එය ද කුකුළු මස් මිශ්‍රණයට එකතු කරන්න. ලූනු ටික සැරින් සැරේට කලවම් කර කුඩාවට කපාගත් සුදුලූනු ද කුකුළු මස්වලට එකතු කරන්න. නූඩ්ල්ස් තම්බන්න. එයට ලුණු කුඩු, සෝයා සෝස්, බිත්තර එකතු කරන්න. දැන් කුකු`ඵ මස් බැදුණු පසු ටොමැටෝ පේස්ට් එකතු කරන්න.  පේස්ට් වෙනුවට නැවුම් තක්කාලිවලට වතුර ටිකක් එකතු කර බ්ලෙන්ඩ් කළ හැකියි. එයට සාමාන්‍ය තෙතමනය ඇති ආකාරයට සාදා ගත හැකියි.  දැන් ලිප නිවන්න.  බේක් කර ගත හැකි තැටියක් ගන්න. එහි නූඩ්ල්ස්වලින් ලේයර් එකක් තබන්න. කුකු`ඵ මස්වලින් ද ලේයර් එකක් තබන්න. මෙය තද කරන ගමන්  නැවතත් නූඩ්ල්ස් ලේයර් එකක්  දමන්න. මේ ආකාරයට තද කර ලේයර් තබා  පාස්ලි කොල කිහිපයක් කඩා උඩින් ඉසින්න. එය ෆොයිල් කොලයකින් වසන්න. සෙන්ටිග්‍රේඩ් 180 උෂ්ණත්වයට විනාඩි 15 ක් බේක් කරන්න.


 


2 අනියන් ෆ්ලේවර් චිකන් රයිස්
 අවශ්‍ය ද්‍රව්‍ය
බත් කෝප්ප 2 ක් 
කුකු`ඵ මස් ග්‍රෑම් 50 ක්
 බටර් ග්‍රෑම් 50 ක්
ඔලිව් තෙල් මේස හැඳි 2 ක්
 සුදුලූනු බික් 2 ක් 
 ලුණු කුඩු තේ හැඳි 1/4 ක්
 ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 ක්
 කපා ගත් ලොකුලූනු ගෙඩි 3 ක් 
 තම්බා ගත් බිත්තර 2 ක්


 සාදන ක්‍රමය
සාස්පානකට බටර්  සහ  ඔලිව් තෙල් දමා රත් කරන්න. කුකුළු මස්වලට ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කර කලවම් කරන්න. කුකුළු මස් කොටු කපා තෙලට දමන්න. කපාගත් ලූනු ද කපා තෙලට එකතු කරන්න. ලූනු එකතු කර ගින් දර අඩු කරන්න. කුඩාවට කපාගත් සුදුලූනු ද එකතු කරන්න. ලූනු තරමක් දුඹුරු වන විට ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 ක්, සෝයා සෝස් මේස හැඳි 1 ක් එකතු කරන්න. එයට  තම්බාගත්   බත් ස්වල්පය බැගින් එකතු කරන්න. සියල්ල කලවම් වූ පසු ලිප නිවා සංග්‍රහ කරන දීසියට  දමන්න. 


 


3. ක්‍රිස්පි චිකන්
අවශ්‍ය ද්‍රව්‍ය
කුකුළු මස් වින්ග්ලට්ස්  10 ක් 
තළාගත් සුදුලූනු බික් 5 ක්
අඟල් 1 ක පමණ තළාගත් ඉඟුරු කැබැල්ලක් 
කහ කුඩු තේ හැඳි 1/4 ක්
මිරිස් කුඩු තේ හැඳි 1/4 ක් 
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 ක් 
සෝයා සෝස් මේස හැඳි 2 ක් 
සීනි තේ හැඳි 5 ක්
තෙල් අවශ්‍ය පමණට
ලුණු කුඩු තේ හැඳි 1/2 ක්
දෙහි බෑයක යුෂ 


සාදන ක්‍රමය
බෝල් එකකට ලුණු, කහකුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, සීනි, සෝයා සෝස්, සුදු ලූනු, ඉඟුරු එකතු කර මිශ්‍ර කර එයට කුකුළු මස් වින්ග්ලට් මිශ්‍රකර ශීතකරණයේ පැයක් තබා සීසන් කරන්න. සාස්පානක් ලිප තබා එයට තෙල් දමා රත් වන විට කුකුළු මස් වින්ග්ලට් එකතු කරන්න. කුකුළු මස් බැදෙන විට සීසන් කර ගත් මිශ්‍රණයට දෙහි බෑයක යුෂ එකතු කරන්න. චිකන් වින්ග්ලට් බැදුණු පසු  ලිපෙන් ඉවතට ගන්න.  එය පැත්තකින් තබන්න. 


 සෝස් 
 අවශ්‍ය ද්‍රව්‍ය
  ලුණු කුඩු තේ හැඳි 1/4 ක්
  සීනි තේ හැඳි 2 ක්
  මිරිස් කුඩු තේ හැඳි 1/4 ක්
  විනාකිරි තේ හැඳි 1 ක්


  සාදන ක්‍රමය 
මේ සියල්ල එකතු කර සෝස් එක සාදන්න.  එයට වතුර මේස හැඳි 5 ක් පාන් පිටි තේ හැඳි 1 1/2 ක්  එකතු කර මිශ්‍ර කරන්න. පාන් පිටි වෙනුවට කෝන්ෆ්ලවර් එකතු කර ගත හැකියි. මේ සෝස් මිශ්‍රණය සාස්පානකට දමා රත්කර බැදගත් චිකන් වින්ග්ලට් එයට දමන්න. සෝස් එක හිඳෙන විට ලිපෙන් බා ඒ අතරතුර සරසා ගැනීමට ලූනු පෙති 4 ක්, ලූනු කොළයක් ගන්න. සංග්‍රහ කරන ප්ලේට් එකට බැදගත් කුකුළු වින්ග්ලට් තබා ලූනු කොළ හරස් අතට තබා ලූනු පෙති තබා ඉතිරි සෝස් උඩින් වත් කරන්න. 


 


4. හනි ග්ලේෂ් චිකන්
 අවශ්‍ය ද්‍රව්‍ය
 චිකන් තයි 2 ක් 
 සුදුලූනු බික් 4 ක් 
 ඉඟුරු කැබැල්ලක්
 මිරිස් කුඩු තේ හැඳි 1 ක් 
 ගම්මිරිස් කකුඩු තේ හැඳි 1/2 ක්
 ලුණු කුඩු තේ හැඳි 1 ක්
 වතුර මේස හැඳි 1 ක්
 රෝස්මරී අතු කැබලි 2 ක් 


 සාදන ක්‍රමය 
සුදුලූනු, ඉඟුරු වංගෙඩියට දමා තළන්න.  බඳුනකට මිරිස් කුඩු  ගම්මිරිස් කුඩු,  ලුණු,  තළාගත් ඉඟුරු, සුදුලූනු,  එකතු  කර එයට වතුර එකතු කර  පේස්ට් එකක් වගේ හදා ගෙන  එයට චිකන් තයි එයට එකතු කරන්න. එය හැම තැනටම කාවඳින ආකාරයට මිශ්‍ර කර විනාඩි 30 ක් තබන්න. නැවත සාස්පානක් ලිප තබා  තෙල් රත්වන විට තයි එක එකතු කරන්න.  එයට ඉතිරි සීසන්  කර ගත් මිශ්‍රණය  එකතු කරන්න. එය මූඩියකින් වසන්න. විනාඩි 10 ක් තබා  අනෙක් පැත්ත හරවා නැවතත් මූඩියකින් වසන්න. මූඩිය ඉවත් කර රෝස්මරී  අතු කැබලි 2 ක්  තයි එක උඩට  (රෝස්මරී වෙනුවට කරපිංචා ද ගත හැකියි)  දමන්න. නැවතත් සාස්පානක් ගෙන එයට ඔලිව් තෙල් දමා ඒ මතට කුකුළු මස් තයි එක දමා  සාදා ගත් හනි ග්ලේෂ් එක බුරුසුවක් ආධාරයෙන් එහි මතුපිට ගාන්න. සුදුලූනු  බික් 2 ක් පෙති කපා එය ද මස් එක පැත්තකින් තබා සෙන්ටිග්‍රේඩ්  150 උෂ්ණත්වයට  විනාඩි 10 ක් බේක් කරන්න.      


 හනි ග්ලෙෂ් සිරප්
 අවශ්‍ය ද්‍රව්‍ය
 කරාබු නැටි 6 ක්
 දුඹුරු සීනි මේස හැඳි 3 ක්
 ලුණු කුඩු තේ හැඳි 1/2 ක්
 මීපැණි  මේස හැඳි 1 ක්
 වතුර මේස හැඳි 2 ක් 
 මිරිස් කුඩු තේ හැඳි 1/4 ක්
 සෝයා සෝස් තේ හැඳි 1 ක්


  සාදන ක්‍රමය
සාස්පානකට දුඹුරු සීනි එකතු කර කැරමල් කර  කරාබු නැටි, ලුණු  දමා මී පැණි, වතුර,  මිරිස් කුඩු,  සෝයා සෝස්,  එකතු කර ග්ලේෂ් එක සාදන්න. ලිප නිවා ග්ලේස් එක බඳුනකට දමන්න. 



5. ශිම්ප් පැස්ටා
 අවශ්‍ය ද්‍රව්‍ය
 පැස්ටා ග්‍රෑම් 200 ක් පමණ
 ලුණු කුඩු තේ හැඳි 1 ක්
 ලූනු ගෙඩි 1/2 ක්
 ඉස්සන් 10 ක් පමණ
 ලුණු තේ හැඳි 1/4 ක්
  සෝයා සෝස් මේස හැඳි 1 ක්
  සුදුලූනු බික් 3 ක්
  නැවුම් එලකිරි මේස හැඳි 2 ක්
තක්කාලි ගෙඩි 1 ක්
 බෙල් පෙපර් ගෙඩි 1/2 ක් 
 පාස්ලි කොළ කීපයක්
ඔලිව් තෙල් ටිකක්


සාදන ක්‍රමය
පළමුව පැස්ටා තම්බන්න. වතුර ටිකක් ලිප තබා ඔලිව් තෙල් ටිකක් දමා රත්කර ලුනු තේ හැඳි 1 ක් එකතු කර මූඩියකින් වසන්න. වතුර උතුරන විට මූඩිය ඉවත් කර පැස්ටා එකතු කර විනාඩි 10 ක්  තම්බන්න. පැස්ටා තැම්බී එන විට ලිපෙන් ඉවතට ගෙන වතුර පෙරා දීසියකට දමන්න. තක්කාලි ගෙඩිය පෙති කපන්න. ලූනු ගෙඩි 1/2 කොටු කපන්න. බෙල් පෙපර් කපන්න. පාස්ලි කීපයක් කුඩාවට කපන්න.  ශුද්ධ කර ගත් ඉස්සන් වලට ලුණු තේ හැඳි 1/4 එකතු කර සෝයා සෝස් ද එකතු කර සීසන්වීමට තබන්න. සුදුලූනු බික් 3 ක් පොඩියට හෝ පෙති කපන්න. සාස්පානකට ඔලිව් තෙල් ටිකක් දමා රත්කර  සිසන් කර ගත් ඉස්සන් එකතු කරන්න.  ඉස්සන් බැදී එන විට ලිපෙන් ඉවතට ගෙන සාස්පාන ලිප තබා ඔලිව් තෙල් ටිකක් දමා කපාගත් ලූනු, සුදුලූනු, කපාගත් බෙල් පෙපර් තක්කාලි, ලුණු කුඩු තේ හැඳි 1/4 ක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 ක් දමන්න. බැදුණු පසු ලිපෙන් ඉවතට ගෙන තම්බා ගත් පැස්ටා මතට  සාදාගත් මිශ්‍රණයෙන් ටිකක් දමා ඉස්සන් නැවත උඩින් තබන්න. ඉතිරි මිශ්‍රණයට නැවුම් එළකිරි මේස හැඳි 2 ක් එකතු කර කලවම් කර ලිප නිවා හැන්ද බැගින් එකතු කර කෑලි මිරිස් ටිකක් උඩින් ඉසින්න. 


 


6. චොක්ලට් ඕට්ස් මිනි කප්
 අවශ්‍ය ද්‍රව්‍ය
ඕට්ස් ග්‍රෑම් 50 ක්
බටර් ග්‍රෑම් 50 ක්
සීනි ග්‍රෑම් 50 ක්
චොක්ලට් පවුඩර් මේස හැඳි 1 ක් 
ක්‍ෂණික කෝපි තේ හැඳි 1 ක්


සාදන ක්‍රමය
බටර් සහ සීනි දෙකම බීටරයකින් හෝ හැන්දකින් මිශ්‍ර කරන්න. බිත්තරයක් ද එකතු කර විස්ක් එකක්  ගහන ආකාරයට  ගසන්න. චොක්ලට් පවුඩර් සහ ක්‍ෂනික කෝපි එකතු කර මිශ්‍රකර සුමුදු බැටරයක් සාදන්න. මෆින් කප් කේක් තැටියකට කප් කේක් ලයිනින් තබා මිශ්‍රණය උඩින් දමා අවන් එකක තබා සෙන්ටිග්‍රේ ඩ් 150 උෂ්ණත්වයට  විනාඩි 20 ක් බේක් කරන්න. 


 


7. බනානා ඕට්ස් ස්මූති
 අවශ්‍ය ද්‍රව්‍ය
 වැනිලා යෝගට් කෝප්ප 1/2 ක්
 නැවුම් එළකිරි මිලි ලීටර් 200 ක්
 ක්‍ෂණික පලතුරු ඉස්ම කෝප්ප 1 ක් 
 ආනමාලු කෙසෙල් ගෙඩි 2 ක් 


 සාදන ක්‍රමය
වැනිලා, යෝගට්, නැවුම් එලකිරි, පලතුරු යුෂ, ආනමාලු කෙසෙල් ගෙඩියක් එකතු කර බ්ලෙන්ඩ් කරන්න. එය පිළිගන්වන බඳුනකට දමා ඉතිරි කෙසෙල් ගෙඩිය පෙති කපා එහි උඩට දමන්න. පැනි රස මදි නම් මීපැණි ටිකක් එකතු කරන්න.  මෙය උදේ ආහාරයක් ලෙසත් ගත හැකියි. 

 පුෂ්පා රණවීර 



 

 

MY STYLE with   ටනාෂා Read Previous

MY STYLE with ටනාෂා

එංගලන්තෙ කේක් තාරකාවගෙ නිර්මාණ මහගෙදර සිරිකත  ඉන්දිකා ජයසේන Read Next

එංගලන්තෙ කේක් තාරකාවගෙ නිර්මාණ මහගෙදර සිරිකත ඉන්දිකා ජයසේන

Realted Post

Leave a comment