වෙනස් විදිහට හදන අපේ කෑම

පොලොස් ගැට සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය
ළපටි පොලොස් ගෙඩි 1/2 ක්
රතුලූනු ගෙඩි 10-12ක්
උම්බලකඩ මේස හැඳි 1 ක්
අමුමිරිස් කරල් 2--3 ක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 1- - 1/2 ක්  පමණ
අඹරාගත් අබ තේ හැඳි 1 ක්
දෙහි යුෂ තේ හැඳි 1 ක්
සීනි තේ හැඳි 1 ක්
කහ ටිකක්
ලුණු රස අනුවව


සාදන ක්‍රමය
පොලොස් ගෙඩියේ ලෙල්ල ඉවත් කර කුඩා කැබලි කපා කහ සහ ලුණු දමා වතුර දමා පොලොස් තම්බන්න. පොලොස් තැම්බුණු පසු වංගෙඩියට දමා කොටා හෝ මිරිස් ගලේ දමා තළන්න. එයට ලියාගත් රතුලූනු,  අමුමිරිස්. උම්බලකඩ, අබ, ගම්මිරිස් කුඩු, ලුණු සීනි සහ දෙහි දමා අනන්න. අබ ක්‍රීම් අවසානයට එකතු කර මිශ්‍ර කරන්න.


 

අළු කෙසෙල් වෑංජනය සුදට
 

උපදෙස් ගම්පහ ප්‍රාදේශීය ලේකම්
කාර්යාලයේ (කේක් සහ කෙටිකෑම) උපදේශිකා  
තලතා මල්ලවාරච්චි


අවශ්‍ය ද්‍රව්‍ය
 අළු කෙසෙල් ගෙඩි 3 ක්
  මිටිකිරි කෝප්ප 1 ක්
 දියකිරි කෝප්ප 2 ක්
 රතුලූනු  ගෙඩි 5, 6 ක් 
 අමු මිරිස් කරල් 2--3 ක්
 කහ තේ හැඳි 1 ක්
 උළුහාල් ඇට තේ හැඳි 1/2 ක්   
 තුනපහ තේ හැඳි 1/2 ක්
  මිරිස් කුඩු  තේ හැඳි 1/4 ක්
 ක`ඵ කුඩු තේ හැඳි 1/4 ක්
 රම්පා, කරපිංචා ඉත්තක්


 සාදන ක්‍රමය
අළු කෙසෙල් පොතු ඉවත් කර සිහින් පෙති කපන්න. මැටි ඇතිලියක් ගෙන එයට දියකිරි දමා අළු කෙසෙල් පෙති දමන්න. එයට කහ, මිරිස් ,තුනපහ, උ`ඵහාල්, රතු ලූනු, අමුමිරිස්,  රම්පා, කරපිංචා,  සහ ලුණු එකතු කර ලිපේ තබා වසා  මඳ ගින්දරේ පිසින්න. කෙසෙල් තැම්බුණු පසු මිටිකිරි එකතු කර   මඳ වෙලාවකින් ලිපෙන් ඉවතට ගෙන කළු කුඩු ඉසින්න.


 

වැව් මාළු ෆිටර්ස්
 
අවශ්‍ය ද්‍රව්‍ය  
තෙප්පිලි ග්‍රෑම් 500 ක්
ලුණු කුඩු තේ හැඳි 1 ක්
කහකුඩු තේ හැඳි 1/2 ක්
ගම්මිරිස් කුඩු 
තේ හැඳි 1 ක්
දෙහි යුෂ ස්වල්පයක්
අඹරාගත් ඉඟුරු. සුදුලූනු ස්වල්පයක්
පාන් පිටි මේස හැඳි 1 ක්
බැදීමට තෙල්


සාදන ක්‍රමය 
වැව් මාළුවල හම ඉවත් කර දෙහි ඇඹුල් ටිකක් මිශ්‍රකර පිලී ගඳ නැතිවන සේ  සෝදන්න. දැන් මාළුවාගේ කටු ඉවත් වන ආකාරයට දෙපැත්තෙන් පෙති ගසා එයින් තීරු කපන්න. එයට ලුණු, ගම්මිරිස්, කහ කුඩු, අඹරාගත් ඉඟුරු. සුදුලූනු සහ දෙහි ඇඹුල් එකතු කර පැය 1/2 ක් හෝ පැයක් පමණ තබන්න. දැන් එම තීරුවල පාන් පිටි තවරා ගැඹුරු තෙලේ බදින්න.


 

කෙසෙල් මුහ බැටර් ෆ්‍රයි
 
අවශ්‍ය ද්‍රව්‍ය
 කෙසෙල් මුහ 1 ක්
 කඩල පිටි ග්‍රෑම් 100 ක්
 බිත්තර 1 ක්
 පාන් කුඩු ග්‍රෑම් 100 ක්
 රස අනුව ලුණු
 කහ කුඩු තේ හැඳි 1/4 ක්
  මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්
  ගම්මිරිස් කුඩු තේ හැඳි 1- -- 1/2 ක් 
 දෙහි යුෂ තේ හැඳි 1 ක්
  බැදීමට තෙල් 


  සාදන ක්‍රමය
කෙසෙල් මුහ සෝදා පිරිසුදු කර රවුම් පෙති කපන්න. ඒවා දෙහි මිශ්‍ර වතුරට දමා සෝදන්න. දැන් කෙසෙල් පෙතිවලට ලුණු කුඩු, ගම්මිරිස්කුඩු, කහ, මිරිස් කුඩු සහ දෙහි යුෂ ස්වල්පයක් එකතු කර  කලවම් කර ටික වේලාවක් තබාගන්න. 
 බැටරය
 අවශ්‍ය ද්‍රව්‍ය
 කඩල පිටි ග්‍රෑම් 100 ක්
  බිත්තර 1 ක්
  ලුණු කුඩු ස්වල්පයක්
ගම්මිරිස් කුඩු ටිකක් වතුර එකතු කර  ගනකම් බැටරයක් සාදන්න. දැන්  සීසන් කර ගත්  කෙසෙල් මුහ පෙති බැටරයේ දමා  පාන් කුඩු අල්ලා ගැඹුරු තෙලේ බදින්න. 


 

 

දිවුල් බීම
 
අවශ්‍ය ද්‍රව්‍ය
දිවුල් ගෙඩි 1 ක්
පොල්කිරි කෝප්ප 2 ක්
සීනි මේස හැඳි  3 ක්
ලුණු ස්වල්පයක් 
 
සාදන ක්‍රමය
දිවුල් ගෙඩිය සූරා  බ්ලෙන්ඩ් කරන්න. නැතහොත් අතෙන් මිරිකන්න. එයට පොල් කිරි දමා මිශ්‍රකර (පිටි කිරි ද එකතු කළ හැකියි)  රස අනුව සීනි  දමා  ලුණු එකතු කර නැවතත් බ්ලෙන්ඩ් කර පෙරන්න.
 

පුෂ්පා රණවීර  
   
  
 
 
   
 
  
   
 
 

අලුත්නුවර දැඩි මුණ්ඩ දේවාලයේ සිට  කප රැගත් පෙරහැර මහනුවරට..... Read Previous

අලුත්නුවර දැඩි මුණ්ඩ දේවාලයේ සිට කප රැගත් පෙරහැර මහනුවරට.....

සෙලාන් බැංකුව John Keells CG Auto සමඟ අත්වැල් බැඳගනී Read Next

සෙලාන් බැංකුව John Keells CG Auto සමඟ අත්වැල් බැඳගනී

Realted Post

Leave a comment