සීනි ඇති නැති අයට ගැළපෙන කෑම

බෝ නොවන රෝග අතරින් දියවැඩියා රෝගය දිනෙන් දින උග්‍ර වෙමින්  පවතී. මෙම රෝගී තත්ත්වය කුඩා දරුවාගේ පටන් වැඩිමහල්ලා  දක්වාම  වැලඳෙන රෝගී තත්ත්වයකි. එහෙත්  මුල් අවස්ථාවේදී  රෝගය  හඳුනා ගත හොත්   ආහාර මගින් පාලනය  කර ගැනීමේ හැකියාවක් තිබේ. උත්සව අවස්ථාවකදී දියවැඩියා රෝගයකුට ගත හැකි සුදුසු කෑම වර්ග කිහිපයකි මේ. 

 


1 මාළු මිශ්‍ර  කොස්  කට්ලට්
 අවශ්‍ය ද්‍රව්‍ය 
කොස් මදුළු 10 ක්
 තම්බා ගත් මාළු ග්‍රෑම් 300 ක්
මිරිස් කුඩු තේ හැඳි 1 ක්
කෑලි මිරිස් තේ හැඳි 1 ක් 

උපදෙස් - කේක් සහ කෙටිකෑම උපදේශිකා
සුහර්ෂා දිව්‍යාංජලී   

 


සුදුලූනු බික් 3 ක්
ඉඟුරු ස්වල්පයක්
රම්පා, කරපිංචා ටිකක්
කුඩාවට කපාගත් ලොකුලූනු ටිකක්
කුඩාවට කපාගත් අමුමිරිස් කරල් 2, 3 ක්
දෙහි යුෂ
ගම්මිරිස් තේ හැඳි 1 ක්
කහ ස්වල්පයක්
ලුණු තේ හැඳි 1 1 /2 ක්.
පොල්තෙල්

 සාදන ක්‍රමය
කොස් මදුළුවල ඇට ඉවත් කර සෝදා කැබලි කපා වාෂ්පයෙන් තම්බන්න. සැමන් කැබලි ටික වෙනම ගෙන කොස් මදුළු සමග පොඩි කරන්න. සාස්පානක් ලිප තබා රත් වන විට තෙල් මේස හැඳි 2 ක් දමා රත් කරන්න. එයට කපාගත් ඉඟුරු, සුදුලූනු, රම්පා, කරපිංචා දමා සුවඳ එන තෙක් බදින්න. එයට ලොකුලූනු. අමුමිරිස් දමා බැද එයට මිරිස් ගම්මිරිස්, ලුණු, කෑලි මිරිස් සහ කහ එකතු කර හොඳින් කලවම් කරන්න. සුවඳ එනවිට අනාගත් සැමන් කොස් මදුළු මිශ්‍රණය දමා හොඳින් කලවම් කරන්න. ලිප නිවා එයට දෙහි යුෂ එකතු කර කලවම් කර එයින් කැමති ප්‍රමාණයට බෝල සාදා බැටරයේ දවටා පාන් කුඩු අල්ලා ගැඹුරු තෙලේ බදින්න. 

බැටරය
අවශ්‍ය ද්‍රව්‍ය
පාන්පිටි ග්‍රෑම් 200 ක්
වතුර මිලි ලීටර් 150 ක් පමණ
ලුණු ස්වලපයක්
කහ ස්වල්පයක්
පාන්  කුඩු  අවශ්‍ය පමණට

සාදන ක්‍රමය
බඳුනකට පාන් පිටි දමා වතුර ටික ටික එකතු කරමින් කැට නොසිටින ආකාරයට දියකර කහ සහ ලුණු ස්වල්පයක් දමා මිශ්‍ර කරන්න. 

 


 2. වෙජිටබල් සැන්ඩ්විච්
 අවශ්‍ය ද්‍රව්‍ය 
සැන්ඩ්විච් පාන් ගෙඩි 2 ක් පමණ
තම්බා පොඩිකර ගත් රතු වර්ණය යෙදූ අල 
තම්බා පොඩි කරගත් කැරට්
සලාද රිකිලි 3-4 ක්
බටර් හෝ මාගරීන්
අබ පේස්ට් ටිකක්
ලුණු සහ ගම්මිරිස් ස්වල්පයක්


 සාදන ක්‍රමය
අල, අබ පේස්ට්, ලුණු සහ ගම්මිරිස් ටික ටික එකතු කර කලවම් කරන්න. තම්බා ගත් කැරට්වලට ද මේ ආකාරයට අබ පේස්ට් සහ ලුණු, ගම්මිරිස් එකතු කර කලවම් කරන්න. කුඩාවට කපාගත් සලාද කොළවලට අබ පේස්ට්, ලුණු සහ ගම්මිරිස් ස්වල්පයක් එකතු කර මිශ්‍ර කරන්න. දැන් පාන් පෙති කපා එක් පෙත්තක බටර් තවරා ඒ මත කැරට් මිශ්‍රණය දමන්න. ඉන්පසු එයට උඩින් බටර් ගාගත් තවත් පාන් පෙත්තක් තබා සලාද කොළ මිශ්‍රණය අතුරන්න. තවත් පාන් පෙත්තක් උඩින් තබා බටර් තවරා එයට උඩින් රතු වර්ණ අල මිශ්‍රණය තබන්න. එය බටර් ගාගත් පාන් පෙත්තකින් වසා සැන්ඩ්විචස් සාදා පාන් පෙතිවල වාටි කපන්න. එම පෙති පාට පෙනෙන ආකාරයට ත්‍රිකෝණාකාර හැඩයට කපන්න. දැන්  පාට පෙනෙන ආකාරයට සැන්ඩ්විච් තබා පිළිගන්වන්න. 

 


3. අලි ගැට පේර බීම
 අවශ්‍ය ද්‍රව්‍ය
තරමක් ඉදුණු අලි ගැටපේර ගෙඩි 3 ක්
අයිස් කැට කිහිපයක්
සීනි ස්වල්පයක් 
ලුණු කුඩු ස්වල්පයක්
නැවුම් එළකිරි අඬු කෝප්පයක්
කිරි පිටි මේස හැඳි 2 ක්
වතුර අඬු කෝප්පයක්


 සාදන ක්‍රමය
අලිගැට පේර ගෙඩිය දෙකට කපා ඇටය ඉවත් කර මදය හැන්දකින් සූරා බ්ලෙන්ඩරයට දමන්න. එයටම අවශ්‍ය පමණට සීන, අයිස් කැට, ලුණු කුඩු ස්වල්පයක් හා නැවුම් එළකිරි, වතුර අඬු කෝප්පයක්, කිරි පිටි ද එකතු කර සියලු ද්‍රව්‍ය මිශ්‍ර වන ආකාරයට බ්ලෙන්ඩ් කරන්න. අමුත්තන්ට පිළිගැන්විය හැකි  රසවත් ගුණවත් බීමකි. 

 


4. ඕට්ස්  කුකී
 අවශ්‍ය ද්‍රව්‍ය
කුඩු කර ගත් ඕට්ස් ග්‍රෑම්130 ක් හෝ පාන්පිටි ග්‍රෑම්130 ක්
ඕට්ස් ග්‍රෑම් 100 ක්
බේකින් පවුඩර් තේ හැඳි 3/4 ක්
ලුණු තේ හැඳි 1 ක්
වැනිලා මේස හැඳි 1 ක්
බටර් ග්‍රෑම් 90 ක්
සීනි ග්‍රෑම් 80 ක්
කිරි මිලි ලීටර් 45 ක්
කුඩාවට කපාගත් කජු 

සාදන ක්‍රමය
පාන් පිටි හෝ කුඩු කර ගත් ඕට්ස්වලට ඉතිරි ඔට්ස් කලවම් කර බේකින් පවුඩර්, ලුණු දමා හොඳින් කලවම් කරන්න. බටර් උණු වතුර බඳුනක තබා දිය කරන්න. එයට සීනි එකතු කර සීනි දියවන තුරු ගසන්න. එම මිශ්‍රණය පළමු පිටි මිශ්‍රණයට එකතු කර කිරි සහ වැනිලා දමා ඩෝ එකක් ආකාරයට සකස් කරන්න. කුඩාවට කපා ගත් කජු එකතු කරන්න. මෙසේ මිශ්‍රණය සාදන්න. තැටියක් ගෙන එයට පාච්මන්ට් කඩදාසියක් දමා තබන්න. අවන් එක සෙන්ටිග්‍රේඩ් 190 උෂ්ණත්වයට විනාඩි 5 ක් රත් කරන්න. දැන් සකස්කර ගත් තැටියට බිස්කට් මිශ්‍රණයෙන් සාදා ගත් ගුලි තබා එය තරමක් තුනී කරන්න.  තැටිය අවන් එකේ තබා එම උෂ්ණත්වයේම මිනිත්තු 10- 18 ක් බේක් කරන්න.
ආසන්න වශයෙන් ළා දුඹුරු ආකාරයට බේක් වූ පසු උදුනෙන් ඉවතට ගත් කුකීස් විනාඩි 2 ක් පමණ සිසිල්වීමට තබා පිළිගන්වන්න.  

 


 පුෂ්පා රණවීර



 

SIRIKATHA BRIDAL Read Previous

SIRIKATHA BRIDAL

කැලිෆෝනියාවෙන් නගරයක් මිලට ගමුද? Read Next

කැලිෆෝනියාවෙන් නගරයක් මිලට ගමුද?

Realted Post

Leave a comment