ළඟ එන අවුරුද්දට නැතුවම බැරි රසය

මැලේ අච්චාරු හදමුද? 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  • කැරට් ග්‍රෑම් 250 ක්

  • මාළු මිරිස් ග්‍රෑම් 150 ක්  

  • රටඉඳි ග්‍රෑම් 200 ක්

  • හකුරු කැබැල්ලක් 

  • විනාකිරි බෝතල් 1/4 ක් 

  • ලුණු

  • මිරිස් කුඩු ස්වල්පයක් 

  • ගම්මිරිස් කුඩු තේ හැඳි 2 ක් 

  • සුදුලූණු බික් කිහිපයක් 

  • තක්කාලි සෝස් ග්‍රෑම් 200 බෝතලයක් 

  • ලොකු ගෙඩිවලින් රතුලූනු ග්රෑම් 250 ක් 

 

සාදාගන්නා ආකාරය  

මැලේ අච්චාරුව සෑදීම සඳහා පළමුව කැරට් කොටු හැඩයට කපාගන්න. මාළුමිරිස්වල ඇට ඉවත්කර  දෙකට පලා එයද නැවත කොටු හැඩයට කපාගන්න. පසුව මැටි හට්ටියක් ලිප තබා එයට විනාකිරි මේස හැඳි හයක් හතක් පමණ දමා රත්වූ පසුව එයට තළාගත් ඉඟුරු, සුදුලූනු එකතු කර පසුව කැරට් කැබලි ටික එකතු කරගන්න. ඒ සමඟම රතුලූනු එකතු කරන්න. පසුව සිහින්ව ගාගත් හකුරු එකතු කර ඒ සමග මාළුමිරිස් එකතු කරන්න.

පොල්කටු හැන්දක් ගෙන කලවම් කරන්න. ලිප මඳගින්දරේ තබාගන්න. කලවම් කරන ගමන් මිරිස් කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කරගන්න. දියර ගතිය මදි මෙන් දැනෙනවා නම් තව විනාකිරි ටිකක් එකතු කරගන්න. පසුව ඇට ඉවත් කර කුඩාවට කැපූ රටඉඳි එකතු කර සෝස් දමා හොඳින් කලවම් කරගන්න. ලූණු, කැරට්, මාලුමිරිස් හයියට තිබිය යුතු වේ. සෝස් එකතුකර විනාඩියක් පමණ ලිප මත තබා ඉවත් කරගෙන මැටි ඇතිළියකට දමාගන්න. මෙය ඕනෑම විශේෂ බත් වර්ගයක් සඳහා ගළපාගත හැකිය. අනෙක් අච්චාරු මෙන් මැලේ අච්චාරුව දින ගණනක් තබාගත නොහැකි නිසා කල්තබා ගැනීමට අවශ්‍ය නම් ශීතකරණයේ තබන්න.

 

අලුත් අවුරුදු නැකත් සිටිටුව 2026 Read Previous

අලුත් අවුරුදු නැකත් සිටිටුව 2026

මත් රියදුරන් කොටු කරන නව තාක්ෂණය මධ්‍යම පළාතට Read Next

මත් රියදුරන් කොටු කරන නව තාක්ෂණය මධ්‍යම පළාතට

Realted Post

Leave a comment