තමන්ගේ කැමැත්තට ඉඩදෙන්න

ලෝකයේ එක එක විදියේ පැජෙන්ට් තියෙනවා. ලංකාවෙත් ඒ වගේ පැජෙන්ට් පැවැත්වෙනවා. පැජෙන්ට්වලට යෑම විනෝදාංශය කරගත් අයත් නැතිවාම නොවෙයි. එහෙම ලංකාවේ පැජෙන්ට් එකකින් දිනලා 2023 මාර්තු 27 වැනිදා වියට්නාමයේ dak knokng පළාතේ පැවති Miss Buissness Global 2023  තරගයෙන් Miss business heritage global  ටයිටල් එක දිනා ගත්තෙ ඞී.එම් නදීශා මධුමාලි දිසානායක. මෙවර සිරිකත කවරය හැඩ කරන ඇය සමගයි මේ කතාබහ.

පවුලේ විස්තර?

අම්මයි, තාත්තයි, නංගී, මල්ලී මමයි. දැන්නම් මම විවාහ වෙලා ඉන්නේ සැමියා, ඔහුගේ අම්මයි, තාත්තයි, අක්කයි පවුලේ ඉන්නේ. අපට අවුරුදු දෙක හමාරක බබෙක් ඉන්නවා.

Miss business heritage global වීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම සතුටුයි. තරගය තිබුණා දවස් පහළොවක් විතර. මේ දවස් පහළොවේ තිබුණු තරගවලින් දිනලා තමයි ඒ ටයිටල්  එක  ජයග‍්‍රහණය කරන්න අවස්ථාව ලැබුණේ. මේ ටයිටල් එක ලැබුණෙ ටයිටල් හයක් අතරින්. එයට රටවල් 10කින් පමණ තරගකාරිනියන් විස්සක් සහභාගි වුණා. ඒ අය අතරින් ලංකාව නියෝජනය කළේ මම විතරයි.

තරගයේදී මොනවගේ දේවල් ද බැලුවේ?

ඇඳුම් පැලඳුම් මේ හැමදේම බැලුවා. මම අවසන් අටදෙනාට තේරිලයි මේ ටයිටල් එක ජයග‍්‍රහණය කළේ.

ව්‍යවසායිකාවක් වෙන්නෙ කොහොමද?

මම ව්‍යාපාර ලෝකයට  අලුත් කෙනෙක්. මම දැනට ව්‍යාපාරය විදියට අධ්‍යාපන ආයතනයක් කරගෙන යනවා. එය ආරම්භ කර වසර දෙකක් පමණ වෙනවා.

පැජන්ට්වලට යන්න හිතුවෙ ඇයි?

මම ව්‍යාපාරය කරන ගමන් පැජෙන්ට්වලටත් සම්බන්ධ වුණා. Mrs Business Global Sri lanka 2022 සහ Mrs Beautiful Smile of Mrs Tourism Sri Lanka 2022 ටයිටල් ජයග‍්‍රහණය කළා. ඉන්පසුවයි මේ තරගයට සහභාගි වුණේ.

ව්‍යාපාරයේ දියුණුවේ රහස මොකක්ද? 

නීතිවලට, රෙගුලාසිවලට ගරු කර මගේ ආයතනයට එන ළමයින්ට හරියටම ඉගැන්වීමයි මගේ බලාපොරොත්තුව. ව්‍යාපාරය එතකොට නිකම්ම දියුණුවෙනවා. 

කාන්තාවකට ව්‍යාපාර ක්ෂේත‍්‍රය ගැළපෙනවද? 

කාන්තාවක් ඇත්තටම පිරිමියෙකුට වඩා ශක්තිමත්. ඒක දැකගන්න පුළුවන්  ඕනෑම කාන්තාවක් අම්මා කෙනෙක් වෙනකොට. පිරිමි කෙනෙකුට ඒ වේදනාව දරාගන්න බැහැ. ව්‍යාපාරයක් කරනවා කියන්නේ ප‍්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා කියන එකයි. ඒ නිසා මම හිතනවා පිරිමියෙකුට වඩා කාන්තාවකට ව්‍යාපාරයක් සාර්ථකව කරන්න පුළුවන් කියලා.

ඔබ මවක්, කොහොමද සිරුරෙ හැඩය පවත්වා ගන්නෙ?

එහෙම ලොකු දෙයක් කළේ නැහැ. බබාගේ වැඩත් එක්ක ඒ දේවල් අතපසු වෙන අවස්ථා තියෙනවා. හැබැයි අම්මා කෙනෙක් වෙන එක සිරුරෙ හැඩය පවත්වාගන්න බාධාවක් නෙවෙයි. හොඳට වතුර බීලා වෙලාවට කෑම ටික ගන්න  ඕනෑ. මම විශේෂයෙන් ඇෙඟ් මේදය දහනය වෙන්න උණු වතුර බොනවා.

අනුන් කියනදේට බයේ අරමුණුවලට නොයන අයට කියන්නෙ මොනවද? 

මමත් පැජෙන්ට් එකටට යන්න හුඟක් ආසාවෙන් හිටපු කෙනෙක්. ඒත් යන්න එපා කියයි කියලා බයක් තිබුණා. ඊට පස්සේ ඒ ආසාව මහත්තයට කිව්වා. ඔහු කිව්වේ ගිහින් බලන්න කියලයි. තරගවලට යද්දී මගේ බබා බලා ගත්තේ සැමියාගේ අක්කා. ඔහුගේ මවත් ලොකු සහායක් දුන්නා. එහෙම ආසාවක් තියනවා නම් තමන්ගේ ළඟ අයට කියන්න  ඕනෑ. ඒ දේ නොකියා අනෙක් අය මොනවා හිතයිද කියලා දුක්වෙලා වැඩක් නෑ. 

ඉදිරියේදී රංගනය වගේම නිරූපණය කටයුතුවලත් දකින්න ලැබේවිද?

එහෙම බලාපොරොත්තුවක් නම් නැහැ. ඉස්සරහට බලමු. ව්‍යාපාරය දියුණු කරගැනීම තමයි එකම අරමුණ.

අපේ කාන්තාවන්ට මොනවද කියන්න තියෙන්නේ? 

මම ජීවිතේ ලබපු අත්දැකීම් එක්ක බැලූවොත් තරුණියකට තමන් කරපු දේවල් ගැන හරි අවබෝධයක් ලැබෙන්නේ වයස අවුරුදු 26 දී. ඒ නිසා තමන්ගේ අම්මා මොන වගේ කෙනෙක් වුණත් ගරු කරන්න  ඕනෑ. තව දෙයක් තමයි විවාහ වුණාට පස්සේ මහත්තයාගෙ අම්මට තමන්ගේ අම්මට වගේ සලකන්න. කිසිම වෙලාවක තමන්ගේ පවුලේ අය අතර රහස් තියාගන්න එපා. අවංක වෙන්න.
මුලින්ම මතක් කරන්න  ඕනෑ මගේ පවුලේ අය. මගේ පුංචි පුෂ්පා රම්‍යා  ද සොයිසා හැම වෙලාවෙම මගේ පිටිපස්සෙන් හිටියා. ඒ වගේම ලංකාවේ ග්ලෝබල් පැජෙන්ට් අධ්‍යක්‍ෂිකා තිළිණි ද සිල්වාත් හුඟක් උදව් කළා.

සටහන - නෙත්මි තෂාරා
ඡායාරූප - සජීව ලක්ෂාන් 

යුක්රේනයට AI ප්‍රකාශිකාවක් Read Previous

යුක්රේනයට AI ප්‍රකාශිකාවක්

සිරිකත Fashion Read Next

සිරිකත Fashion

Realted Post

Leave a comment