වසර 19කට පසු පරාක්‍රම සමුද්‍රයෙන් මතු වූ සීත මාළිගා

ඉතිහාසය කියන්නේ හරියට කියවලා ඉවර කළ නොහැකි පොතක්. ඉතිහාසය කියවන්න කැමති අයට තවත් කතාවක් ගෙන එන්නයි සිරිකත Online මේ සූදානම.
පරාක්‍රමබාහු රජු (1153-1186) විසින් ඉදිකරන ලද දැවැන්තම ජලාශය වන පරාක්‍රම සමුද්‍රය වටා සාමාන්‍ය ජනතාව අතර ප්‍රසිද්ධ හා අප්‍රසිද්ධ පුරාණ රාජධානියේ පැරණි නටඹුන් විශාල ප්‍රමාණයක් තියෙනවා. පරාක්‍රම සමුද්‍රයෙ නැගෙනහිර කෙළවරේ වියළි කාලවලදී ගොඩබිමට සම්බන්ධ වන කුඩා දූපත් දෙකක් තිබෙන බව ඉතිහාසයේ සදහන්.
පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරන ලදැයි විශ්වාස කෙරෙන ගිම්හාන මාලිගා (ග්‍රීෂ්ම මාලිගා) දෙකක මෙලෙස නටබුන් අදටත් දක්නට ලැබෙනවා. මින් එකක් නිශ්ශංග මල්ල රජුගේ මාලිගා සංකීර්ණයට ඉතා ආසන්නයේ පිහිටා තිබෙනවා. තරමක් විශාල අනෙක් ගිම්හාන මාලිගාව ජලාශයේ තවත් මායිමකට යාබදව මීටර් 500 ක් දුරින් පිහිටි එකක්.
 
මෙම ගිම්හාන මාලිගය මට්ටම් 3 කින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් වන අතර සාමාන්‍යයෙන් මෙහි දෙවන මට්ටම දක්වා ජලයෙන් යටව තිබුණත් මේ වන විට මෙම මාලිගා සම්පුර්ණයෙන්ම දැක බලා ගැනීමට හැකි වෙනවා. ඒ දැනට පවතින වියළි කාලගුණ තත්වය ගෙතුවෙන් ජලාශයේ ජලය අඩු වීම නිසා. මෙලෙස මෙතෙක් දුරට දැකබලා ගත හැකි වන අයුරින් මාලිගාවල නටඹුන් මතුව තිබෙන්නේ 2021 වසරට පසුව. 
මාලිගාවේ මූලික වේදිකාව, සමහර බිත්ති, පියගැටවල නටබුන්, මෙලෙස දැක බලා ගැනීමට හැකි වන අතර පුරාණ බදාම තට්ටුව තවමත් ශේෂ වී තිබීම ප්‍රෞඩ ලාංකීය ඉතිහාසයක කෙතරම් දියුණු තාක්ෂණයක් අප සතු වුවද යන්න මානව පෙන්වන්නක්.
පොළොන්නරුව ගමන් මාර්ගය / Route to Polonnaruwa
නූතන පොළොන්නරුව නගරය නව නගරය ලෙස ද, පොළොන්නරුවේ අනෙක් කොටස පොළොන්නරුව රාජධානියේ රාජකීය පුරාණ නගරය ලෙස හදුන්වයි.
කොළඹ සිට පොළොන්නරුව පූජා නගරය දක්වා මාර්ගය
මහනුවර සිට පොළොන්නරුව පූජා නගරය දක්වා මාර්ගය
හරහා : මධ්‍යම අධිවේගී මාර්ගය – කුරුණෑගල – දඹුල්ල
දුර : 226 km
ගමන් කාලය : පැය 4.45
රිය පැදවීමේ දිශාවන් :  ගූගල් සිතියමේ බලන්න
  • අශන්ති වරුණසූරිය

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය Read Previous

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය

ශ්‍රී දළදා වහන්සේට පූර්ණ රන් කරඬුවක් Read Next

ශ්‍රී දළදා වහන්සේට පූර්ණ රන් කරඬුවක්

Realted Post

Leave a comment