කඩුගන්නාව පුරාණ මාවෙල වළගම්බා විහාරය වැඳ පුදා ගන්න යමුද?

සොබා සෞන්දර්ය අසිරිය විඳිමින් කන්ද උඩරට මාර්ගයේ ගමන් කරන සංචාරක ඔබව මෙවර අපි රැගෙන යන්නේ ඓතිහාසික කඩුගන්නාව පුරාණ මාවෙල ලෙන් විහාරයටයි. 


ගමන් මග

කොළඹ _ නුවර පාරේ කඩුගන්නාව තරණය කරද්දි හමුවන කඩුගන්නා ඉපැරණි අම්බලම පිහිටි ස්ථානය පහසුවෙන් හඳුනාගත හැකි මාර්ග සලකුණක් කිව්වොත් නිවැරදියි. වර්තමානයේ සංරක්ෂණය කර තිබෙන එම පෞරාණික ඉදිකිරීමේ සිට පෙනෙන මානයේ නුවර දෙසට වන්නට දකුණු පෙසින්  මෙම විහාරයේ නාම පුවරුව ඔබට දැක ගැනීමේ හැකියාව තිබෙනවා. 

එතැන් සිට ගිරි දුර්ගයේ බෑවුම් දෙසට වන්නට ඇති පියගැට පෙළ දිවෙන්නේ මේ පුරාණ ලෙන් විහාරයටයි. 

කරදරයක් නැතුවම ඔබට දැන් යාමට හැකියාවද තිබෙනවා. 

මෑතක සිට පහළ කඩුගන්නාවේ මහා මාර්ගයේ සිට විහාරයේ ඇති මාවත කොන්ක්‍රීට් කර තිබෙන නිසා බැතිමතුන්ට පහසුවෙන් ලෙන් විහාරයට ළඟාවී වැඳ පුදා ගැනීමේ හැකියාවද තිබෙනවා. 


මෙම විහාරයේ නිර්මාතෘ 


මේ අගනා ඓතිහාසික විහාරය කරවන ලද්දේ අනුරාධපුර රාජධානියේ රාජ්‍යත්වයට පත් වට්ටගාමිණී අභය හෙවත් සිංහල රාජවාංශිකයන් අතර ලෙන් විහාර කරවීමේ සුපතල නමක් දිනූ වළගම්බා රජතුමායි. 


නම ලැබුණු අපූරුව 


පහළ කඩුගන්නාව මාවෙල ගම්මානයේ පිහිටා ඇති ලෙන් විහාරය හතර කෝරලේ ගල්බඩ කෝරළයේ ගන්නෑව (ගමි නවය) පත්තුවට අයත් ය.
මේ ගම කෑගල්ල හා මහනුවර දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටා තිබෙනවා. 
ගමේ නමින් මා වෙල වළගම්බා ලෙන් විහාරය ලෙස හඳුන්වනු ලබනවා.


පිහිටීම 

මෙම ලෙන් විහාර පිහිටීම කොළඹ _ නුවර මාර්ගයේ පැරැණි  අම්බලමේ පිහිටි ස්ථානයේ සිට  මීටර් එකසිය අසූවක් , මීටර් දෙසීයක් අතර ආසන්න දුරකින් වුවද එය ඇස නොගැටෙන්නේ කඩුගන්නාව දුර්ග බෑවුමෙ පිහිටීම නිසාවෙනි.
නමුත් ඔබ කන්ද උඩරට සංචාරයේදී කඩුගන්නාව සංචාර ප්‍රදේශයේදී නැරඹීමට යුතුම පුණ්‍ය භූමියක් ද වෙනවා. 


සොබා සෞන්දර්ය 

විහාරය දක්වා දෙවන පියගැට පෙළකින් යුතු මාවත ස්භා සෞන්දර්යයෙන් අපූරු හරිත පරිසරදීසයක් වෙනවා. 

මීමින්නන්, ඉත්තෑවන්, මුවන් , මොණරුන්, රිලවුන් කබල්ලෑවන් වැනි දුර්ලභ සුලභ සත්ව විශේෂයෙන් එම පරිසරයේ තුළ කදිම නිවහනක් වී තිබෙනවා. 

පියගැටපෙළ දිගේ මීටර් 75 ගිය පසු වම් පසින් කඳු මුදුනේ සිලිසිලි හඬ නංවමින් යන දිය දහරාව හරහා ඉදිකළ පාලම මතින් තමයි ඔබට මෙම විහාරයට ගොඩවීමට හැකියාව තිබෙන්නේ. 

ක්‍රිස්තු වර්ෂ 1800 කාලයේදී කන්ද උඩරට රාජධානිය ආක්‍රමණය කිරීමට සමයේ මා වෙල ලෙන් විහාරය යාමට මග වැටී තිබුණේ හිඟුල  හීනටිපොළ මාර්ගයේ සිට කඳු බෑවුමක් මතිනි.
සුද්දන් 1915 ඇති වූ කැරැල්ල මැඩලීමට කොළඹ  _ නුවර මාර්ගය තැනීමත් සමග එම මාර්ගය මිනිස් පහසින් ඈතව වල් බිහි වී තිබෙනවා. 

ලෙන් විහාරයේ ඉදිරිපස සුන්දර දර්ශනය ගැන කතා කිරීමේදී මෙම සුන්දර පසුබිම් තලය නම් ඔබගේ ගත සිත නිවාලන සිත් පැහැර ගන්නා දර්ශනයක් වෙනවානම් අනුමානයි. 

වන වදුලෙන් නැගෙන කුරුලු හඬ දිය දහරා සිලි සිලි හඬ ගිරිශිකර උඩින් මැවෙන අහස් වියන වගේම ඔබට මේ ගමනින්ම දෙවනගල, උතුවන්කන්ද, බතලේගල දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා. 

 

 

ලෙන් විහාරයේ පිහිටා ඇත්තේ කඳු මුදුනේ බෑවුම වන්නට වම් පසිනි. 
විහාර භූමියට පිය නගිත්ම කටාරම් කෙටු ගල්ලෙන් දෙකක් දැකගනිමේ හැකියාව තිබෙනවා. 
එම විහාර දෙකට මද දුරක් උස් බිමක තවත් ලෙනක් ආධාර කොට තැනූ සංඝාවාස පිහිටා තිබෙනවා. 
දාගැබ් ඉදිකර තිබෙන්නේ පළමුව හමුවන ලෙන තුළයි. සැතපෙන බුදු පිළිමයක් සහිත විහාර මන්දිරය දෙවැනි ලෙන ඇතුළත දකින්ට ලැබෙන අතර අනුරාධපුර යුගය දක්වා මා වෙල ලෙන් විහාරය ඉදිකිරීම් ලක්ෂණ දැකිය හැකි වුවත් මෙහි බුද්ධ ප්‍රතිමා මහනුවර නෑකම් කියයි. 


සංචාරක ඔබට මෙම ස්ථානය අමතක නොවන ගමන් මාවතක් වගේම අපේ මාතෘ භූමියේ නොමැකෙන ඓතිහාසික උරුමයක එක් ශේෂයක් බැවින් නැවත තව කෙනෙකු වෙතට රසදුනක් තබා එන මෙන් ම වග බලා ගැනීම ඔබ සතුයි.

සටහන

මහේෂානි මීගහපොල

White Shine Imali Read Previous

White Shine Imali

මහනුවර ඇසළ පෙරහැරේ   සිවුවන  කුඹල් පෙරහැර අද Read Next

මහනුවර ඇසළ පෙරහැරේ සිවුවන කුඹල් පෙරහැර අද

Realted Post

Leave a comment