පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුවට

සංචාරක ප්‍රවර්ධනයට නවමු අත්දැකීම් ගෙන එමින් බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙක් වන  අරූන් මූරේ  සහ ශ්‍රී ලාංකීය සංචාරක මග පෙන්වන්නෙක් වන සරත් විජේවර්ධන යන මහත්වරු පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ,ශ්‍රී ලංකාවේ සැඟවුණු සංචාරක අත්දැකීම් සොයා ගොස් ඒවා ජාත්‍යන්තරයට වාර්තා ගත කිරීමේ වැඩ සටහන මහනුවරින් ආරම්භ කරමින් පසුගියදා ශ්‍රී දළදා මාළිගාවට ගොස් ආශීර්වාද ලබාගෙන  මහනුවර ක්වීන්ස් හෝටලයට පැමිණි ඔවුන්ව මහනුවර පුරපති  නියෝජ්‍ය පුරපති  ඇතුලු පලාත් සභාවේ නිලධාරින් උණුසුම්ව පිළිගනු ලැබූ අවස්ථාව.

මධ්‍යම පලාත් සභාව ,මධ්‍යම පලාත් සංචාරක දෙපාර්තමේන්තුව  මහනුවර දිස්ත්‍රික්  සංචාරක  සංවර්ධන කමිටුව,මහනුවර මහනගර සභාව සහ මහනුවර ⁣ සංචාරක හෝටල් සංඟමය ඔවුන් උණුසුම්ව පිළිගනිමින් ,මෙරට සංචාරක ප්‍රවර්ධනය උදෙසා එම දෙපලගේ කැපවීම සහ දායකත්වය අගයන ලදි,

මෙම අවස්ථාවට මහනුවර පුරපති  චන්ද්‍රසිරි විජේනායක,මධ්‍යම පලාත් ප්‍රධාන ලේකම්  අජිත් ප්‍රේමසිංහ,මහනුවර නියෝජ්‍ය පුරපති රුවන් කුමාර ගලපිටිය, පලාත්  අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මධුපානී පියසේන   යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සරත් විජේවර්ධන  සහ බ්‍රිතාන්‍ය ජාතික අරූන් මුරේ, යන මහත්වරු  මෙහිදී මහනුවර රාජ්‍ය අංශ, ප්‍රධානීන් සහ විදෙස් සංචාරකයන්  පිරිසක්ද සහභාගි  වූහ.


ජේ.ඒ.එල් ජයසිං

ගැහුවම මාර ජොලි කියන අයියලා මල්ලිලා බලන්නම ඕන කතාවක් Read Previous

ගැහුවම මාර ජොලි කියන අයියලා මල්ලිලා බලන්නම ඕන කතාවක්

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon Read Next

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon

Realted Post

Leave a comment