ඉග නෙරියේ රැළි හදාපු - සවන් පතට තෝඩු දාපු සිරිකත කැළණි නදී අවුරුදු කුමර කුමරියෝ 2025 අවසන් මහා තරඟය

සිරිකත කැළණි නදී අවුරුදු කුමරා කුමරිය 2025 තරඟාවලියේ අවසාන මහා තරගය බියගම P.T Gardens හෝටල් පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණී.

ප්‍රවීණ රුපලාවන්‍ය ශිල්පින් වන කාවින්ද ලෙස්ලි, කුමාරි ගුණසේකර, ඉනෝකා බෝගස්තැන්න නිරෝෂා රණසිංහ යන අයගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් මෙය සංවිධානය වී තිබිණි.

නැටුම් ගැයුම් මැද උත්සවශ්‍රීයෙන් බැබළුණු මනරම් රාත්‍රියක් ලෙස ඊයේ රාත්‍රිය හැදින්විය හැකිය. 

කැළණි නදි අවුරුදු කුමාරවරු ප්‍රථම ස්ථානය නිමන්ත මධුෂාන්, දෙවන ස්ථානය ජනිත් මාරසිංහ, තෙවන ස්ථානය මලිත් ලක්ෂාන් දිනාගත් අතර ජයග්‍රාහී කුමරියන් ලෙස ප්‍රථම ස්ථානය - නිෂී සෙනෝන්, දෙවන ස්ථානය - ‍යුෂානි නවෝද්‍යා තෙවන ස්ථානය - ගයන්සා රන්දනි කිරුළු දිනා ගත්තාය. එමෙන්ම සිරිකත අවුරුදු කුමරා ලෙස හෂාන් ලක්ෂිත කුරිලු පැළදි අතර සිරිකත අවුරුදු කුමරිය ලෙස චෙතනා සමාධි කිරුළ දිනාගත්තාය. අවසන් තරගයේ ඇඳුම් නිර්මාණය - සිරිලිය මනාලියෝ සුනෙත් විජේසේකර (අම්බලන්තොට) , ආභරණ - තිරසර උඩරට ආභරණ, හැඩගැන්වීම - ප්‍රසන්න විජේවර්ධන,දමිත සංජිව විසින් සිදු කළේය.

 

 

 

 

දුම්බර හරිත පුහුණු සහ පර්යේෂණ තක්සලාවේ මූලික අදියර Read Previous

දුම්බර හරිත පුහුණු සහ පර්යේෂණ තක්සලාවේ මූලික අදියර

සිරිකත ,කැලණි නදී අවුරුදු කුමරා කුමරිය  සහ විවාහක අවුරුදු කුමරා කුමරිය  2026 Read Next

සිරිකත ,කැලණි නදී අවුරුදු කුමරා කුමරිය සහ විවාහක අවුරුදු කුමරා කුමරිය 2026

Realted Post

Leave a comment