තැළුණු ඇල්මීනීයම් මුට්ටි, මළ බැඳුණු පිහිතල,ප්‍රමිතියෙන් තොර අටපිරිකර

ප්‍රමිතියෙන් තොර අටපිරිකර රටපුරා අළෙවි කරන  පිරිකර වෙළඳ සැල්   තිබෙන බවත්,මෙම වෙළඳ සැල්වල රුපියල් දසදහස දක්වා මිළකට අටපිරිකර අළෙවි කරන බවත් මෙවැනි ස්ථාන  127  ක් ,වැටලූ බවත් ,පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසයි,

මෙලෙස  පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් වටලා අත් අඩංගුවට ගත් අටපිරිකර වල මළබැඳුණු ඇල්මීනීයම් මුට්ටි පාත්තර ලෙසත් දෙට සිවුර වෙනුවට තනිපට සිවුරත් දැලි පිහි වෙනුවට මළ බැඳුණු පිහිතලත්, අඩංගු කර තිබූ බවත්,ච පාරිභෝගික අධිකාරියේ නිලධාරින්  පැවසූහ,

 ප්‍රමිතියෙන් තොර මෙම අටපිරිකර  පාරිභෝගිකයන්ට  රුපියල්  දස දහසකට  අධික මුදලකට අළෙවි කර ඇති බවත් පාරිභෝගික අධිකාරිය කරන ලද වැටලීම් වලදී අනාවරණයවී ඇත.ප්‍රමිතියෙන් තොර අටපිරිකර  අළෙවි සැල් පිළිබඳව  ලැබෙන පැමිණිළි මත  වැටලීම්  අඛණ්ඩව සිදුකරගෙන  යන බවද  ,පාරිභෝගික සේවා  අධිකාරිය  පවසයි.

මෙමවැටලීම් වලදී   අවිධිමත් ලෙස සහ ප්‍රමිතියෙන් තොර  අටපිරිකර  අළෙවි කල වෙළඳ සැල්  400 ක් පමණ වටලා  ,ප්‍රමිතියෙන් තොර අටපිරිකර අත් අඩංගුවට  ගත් බව  පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

ජේ   ඒ  එල්  ජයසිංහ

එළවලු කැට සලාදය Read Previous

එළවලු කැට සලාදය

තක්කාලි වලින් රූ සත්කාර Read Next

තක්කාලි වලින් රූ සත්කාර

Realted Post

Leave a comment