නව කන්‍යා දෙව්දුව

ජීවමාන කන්‍යා දෙව්දුව හෙවත් 'කුමාරිය' ලෙස අවුරුදු දෙකයි මාස අටක් වයසැති ආර්යතරා ශාක්‍යා නම් දැරිය නම් කර තිබෙනවා.

මෙය මෙසේ සිදු වන්නෙ නේපාලයේ . මෙම උත්සවය එරට පැරැණිතම සහ වැදගත් හින්දු ආගමික උත්සවයක්. 

නේපාල් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කරන්නේ 
පෙර කුමාරිය වැඩිවියට පැමිණීමත් නිසා මෙලෙස  නව කුමාරියක් පත්කර ඇති බවයි.

කන්‍යා දෙව්දුව ලෙස තෝරා ගැණෙන්නේ අවුරුදු දෙකත් හතරත් අතර වයස් කාණ්ඩයේ, ලප කැළල් රහිත පැහැපත් සමක් ඇති, අඳුරට බිය නොවන දැරියකි.

නව කන්‍යා කුමරියගේ පවුලේ සාමාජිකයින් කත්මන්ඩුහි නිවසේ සිට ඇයගේ නව වාසස්ථානය වන ආගමික සිද්ධස්ථානයට  පෙරහැරකින් කුමරිය  රැගෙන ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසා තිබෙනවා.

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා. Read Previous

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා.

ජිගලෝ Read Next

ජිගලෝ

Realted Post

Leave a comment