අලුත් පාප් වහන්සේ කෙනෙක් තෝරන්නේ මෙහෙමයි....

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමත් සමග පුරප්පාඩු වන පාප් ධුරය සඳහා මීළඟ සුදුස්සා තෝරා පත්කර ගැනීම දින පහළොවකට පසුව සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 


එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, නව පාප් වහන්සේ කෙනෙක් තෝරා පත්කර ගන්නා තෙක් කතෝලික පල්ලියේ වැඩබලන ප්‍රධානියා ලෙස පාප් තුමාගේ මූල්‍ය ලේකම් සහ භාණ්ඩාගාරික කාදිනල් කෙවින් ෆැරල් පියතුමන් කටයුතු කරනු ඇති බවයි. 

 එහිදී ඔහුට සීමාසහිත බලතල ප්‍රමාණයක් හිමිවනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. 

නව පාප් වහන්සේ තෝරා පත්කර ගැනීමේදී ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ වයස අවුරුදු 80 ට අඩු කාදිනල්වරුන්ට පමණක් බවද විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව, දැනට ජීවත්ව සිටින කාදිනල්වරුන් 252න් 138 කට නව පාප් වහන්සේ තෝරා ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබෙනු ඇති.

ඡන්ද විමසීම සිස්ටයින් දේවස්ථානය තුළදී සිදුවනු ඇති බවත් බොහෝදුරට කාදිනල්වරයෙක් නව පාප් වහන්සේ ලෙස තේරී පත්වීමට ඉඩ තිබෙන බවත්, විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා.


නව පාප් වහන්සේ කෙනක් සඳහා තුනෙන් දෙකක බහුතර ඡන්දයක් ලැබෙන තෙක් කාදිනල්වරුන්ට සිස්ටයින් දේවස්ථානයෙන් පිටව යාම හෝ තාක්ෂණය වෙත ප්‍රවේශ වීම තහනම්...


සටහන - කසුනි විජේසිංහ

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී Read Previous

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී

දුම්බර හරිත පුහුණු සහ පර්යේෂණ තක්සලාවේ මූලික අදියර Read Next

දුම්බර හරිත පුහුණු සහ පර්යේෂණ තක්සලාවේ මූලික අදියර

Realted Post

Leave a comment