නිවසට සෞභාග්‍ය ධන වාසනාව කැන්දන ශ්‍රී මහා ලක්ෂ්මි දේවිය
ලක්ෂ්මි දෙවඟන පිළිබඳව කතා කිරීමේදී, ලක්ෂ්මි දේවිය ධනයට පමණක් අධිපති ලෙස බොහෝ දෙනෙක් හදුන්වන නමුත් ලක්ෂ්මි දේවිය යනු ධනයට පමණක් නොව අධ්‍යාත්මික දියුණුව ලබාදෙන විජග්‍රහණයට අධිපති වූ දෙවි කෙනෙකි . ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ නිත්‍ය පතිනිය වන ලක්ෂ්මි දේවිය ආලෝකය ශ්‍රියාව සමෘද්ධියට අධිපති වන්නේය. හින්දු ආගමේ සඳහන් ත්‍රී දේවීන්ට අයත් වන්නේ සරස්වතී දේවියත්, ලක්ෂ්මී දේවියත් සමඟ ගෞරී දේවියත්ය. ලක්ෂ්මි දෙවඟන, ශිව සහ පාර්වතියගේ වැඩිමහල් දියණිය වන අතර බැතිමතුන් ඈත පුරාණයේ පටන් ව්‍යාපාර, රැකී රක්ෂා දියුණුව සඳහාත් අගහිඟකම් වලින් තොරව ජීවිතය ගත කිරීමට මූල්‍යමය වශයෙන් සහ වෙනත් සම්පත් දේපොළ ආකර්ෂණය කරගැනීමටත්, සමාජීය වශයෙන් ඉහළම තැනක ජීවත් වීමටත් ශ්‍රී ලක්ෂ්මි දෙවඟනගේ ආකර්ෂණීය බලය ලබාගත් බවත් අදටත් ධනය, වාසනාව සහ සමෘද්ධිය උදා කර ගැනීමට ලක්ෂ්මී දේවතාවියට වන්දනාමාන කරනු ලබයි.
ලක්ෂ්මි දෙවඟනගේ පිහිට, ආකර්ෂණය ලබා ගැනීමට තුලසි පැළයක්, බෙලි ශාකයක් වවන්න.
ලක්ෂ්මි දෙවඟන ජිවමානව වැඩ සිටින ශාකයන් ලෙස තුලසි ශාකය සහ බෙලි ශාකය හඳුන්වන අතර, නිවසේ උතුරු දිශාවේ තුලසි පැලයක් වැවිම තුලින් ලක්ෂ්මි දෙවඟනගේ පිහිට ආකර්ෂණය ලැබෙන බවට හින්දු භක්තිකයන් අතර දැඩි විශ්වාසයක් පවතින බවත්, නිවසේ උතුරු දශාවේ තුලසි පැල යායක් වුණත් වවාගත හැකි නම්, එය එම නිවසට ඉතාම සුභදායක වනු ඇත. ඒ ශාකවල කොළ කැඩීම, කොළ ගිනි තැබීම අසුබය. තුලසි පැලේ කොළ උණු වතුරට දැමිමද අසුබය. ඒ වගේම නිවසේ උතුරු දිශාවේ බෙලි ශාකයක් වැවීමට ද ලක්ෂ්මි දෙවඟනගේ පිහිට ආකර්ෂණය ලබා ගැනීමට ඉතාම සුබ පල ගෙන දෙන්නකි.
ඊසාන පිරිසිදු නම් ලක්ෂ්මි වඩිනවා ඒකාන්තයි.
නිවසක වාස්තු දෝෂ විවිධාකාරව මනුෂ්‍යයාගේ ශරීරයේ ඕරාවට බලපෑම් ඇතිකරනවා. මෙවැනි අවස්ථා වලදීත් ලක්ෂ්මි දෙවඟනගේ පිහිට ආකර්ෂණය බොහෝ දෙනා බලාපොරොත්තු වෙන අතර ලක්ෂ්මි දෙවඟනගේ පිහිට ලබා ගැනීමට නිවස තුළ ඔබට කළ හැකි පුංචි පුංචි ප්‍රතිකර්ම ද වෙනවා. සෑම ගෘහයකටම විශ්වයේ ශක්තිය ප්‍රබලවම හා ඉතා පිරිසිදුවම ලැබෙන දිශාව වන්නේ ඊසාන දිශාවයි. ඊසාන දුර්වල වූ විට ධන ආකර්ෂණ ශක්තියද හීන වී යන අතර නිවසේ ඊසාන දිශාවේ ලොකු කබඩ්, බර අල්මාරි තිබේ නම් නම් ඒවා ඉවත් කර, සැහැල්ලු ගෘහ භාණ්ඩ තැබිය යුතුය. නිවසක ඊසාන දිශාව නිදහසේ ශක්තිය ගලාගෙන එන ලෙස ගෙදර සහ ගෙවත්ත සකස් කර තිබේ නම් ඒ නිවසට ලැබෙන ධන වාසනාව ඉහළය. නිදන කාමරයක්, මුළුතැන් ගෙයක්, නාන කාමරයක්, ගරාජයක්, ගබඩා කාමරයක්, ඊසාන දිශාවට පැත්තට සුදුසු වන්නේ නැත. නිවස ඇතුළතෙහි ඊසාන දිශාව නිතර පිරිසිදුව තැබිය යුතුය. ආගමික වතාවත් කිරිම වෙනුවෙන් තබන පූජාසනය ඊසාන කෙළවරේ තැබීම සුදුසුය. සෑම විටම හිස නැඟෙනහිරට, දකුණු දිශාවට සිටින පරිදි නිදන ඇඳන් සකස් කිරීම කළ යුතුය.
මුළුතැන්ගෙයි පිළුණු වළං, පිළුණු කෑම වර්ග තබා අපවිත්‍ර නොවිය යුතුය. ඒ වගේම නිවසක ලුණු බෝතලය සහ සීනි බෝතලය කිසිම විටක හිස් තිබීම ධන හානියට ප්‍රබලම සාධකයක් වේ.
කුරුල්ලන් වතුර ටිකක් ආහාර ටිකක් තියන්න.
තමන් වාසය කරන නිවසේ භූමිය තුළට කුරුල්ලන් පැමිණීම, සහ කුරුල්ලන්ගේ ශබ්දය නිවසකට ඉතාම සුබදායකය. කුරැල්ලන්ගේ නාදය ඔබ ජීවත් වන නිවස සක්‍රීය කරනු ඇත. නිවසට ගිණිකොන දිශාවෙන් එළිමහනේ කුරුල්ලන්ට ලෑල්ලක් සාදා කෑම, පලතුරු, වතුර තැබීමෙන් එම නිවසට මෙන්ම නිවසේ ජීවත් වෙන්නන්ට ඉතාම සුබපල ගෙනදෙයි. කුරුල්ලන්ගේ හඬ නිවසට ධන ශක්තිය මෙන්ම නිවැසියන් තුළ සතුටද ඇති කරනු ඇත.
ලක්ෂ්මි දෙවඟන කැන්දන ලුණු කැට සාස්තරේ
ලුණු කියන්නේ නිවසේ සෞභාග්‍යට විශාල හේතුවක්. අලුත් ලුණු පැකට්ටුවක් ගෙන විනිවිද පෙනෙන වීදුරුවකට හෝ පිරිසිදු හිස් ජෑම් බෝතලයක් පිරෙන තෙක් එයට ලුණු දමා නිවසේ කිසිවෙතුටත් නොපෙනෙන තැනක තබන්න. මෙය ඔබ ආරම්භ කළ යුත්තේ සෙනසුරාදා දිනක වන අතර, දින 07කට පසු එම භාජනවල ලුණුකැට ජල පහරකට දමා සෝදා හැරිය යුතුය. මෙම ලුණු කිසිවිටෙක ආහාරයට නොගත යුතුයි. මාස 03කට වරක් මෙය සිදුකිරීමෙන් නිවසට ධනය, වාසනාව ළඟාවනු ඇත. ඒ වගේම දෙහි යුෂ කුඩා ස්ප්‍රේ බඳුනකට ජලය සමග මිශ්‍ර කර, සෙනසුරා දිනවලට නිවසේ සෑම ස්ථානයකම උදේ 9-10ත් අතර ස්ප්‍රේ කරන්න. මේ තුළින් නිවසට ධන ශක්තීන් ඇදී එනු ඇත.
කෝමාරිකා ශාකයක් නිවස තුළ තබන්න.
කොමාරිකා ශාකය වැඩිපුරම ඔක්සිජන් නිකුත් කරන ශාකය ලෙස හඳුන්වයි. ඔබ නිදන කාමරේ කෝමාරිකා පැලයක් තබා ගැනිමෙන් මානසික නිදහසක් ඔබට ගෙන දෙනු ඇත. සාලයේ කෝමාරිකා පැලයක් තැබිමට හැකි නම් ධන ආකර්ෂණය වැඩිවනු ඇත. නිවසට අතුළුවන තැන පෝච්චියක කෝමාරිකා ශාක සිටුවීමෙන් නිවසට ධන ශක්තිය මෙන්ම ලක්ෂ්මි දෙවඟනගේ දේව ආකර්ෂණය ලැබෙනු ඇත.
එමෙන්ම නිවසක ධන ශක්තිය වැඩිකිරීම සඳහා භාවිත කරන ජලය සහිත මල් බඳුනක් නිවසට අතුළුවන ස්ථානයේ තැබීම ඉතාම ශුභය. මෙය උතුර, නැඟෙනහිර, ප්‍රධාන දොර ඇති නිවාස වල උලුවස්සේ දකුණ පැත්තේ දණහිස උසට ජල බඳුනක් තබා වතු සුදුමල්, පිච්ච වැනි මල් වර්ග ඔත්තේ අගයකින් තබන්න. මෙය දෛනිකව කළ යුතුය. විශාල වියදමක් වෙහෙසක් නොමැතිව ඉහත කී සරල ක්‍රම භාවිත කිරීමෙන් ඔබගේ නිවසට ලක්ෂ්මි දෙවඟගේ ආකර්ෂණය, ශක්තිය, පිහිට දේව ආකර්ෂණය ලැබෙනු ඇත.
නදීශා අතුකෝරළ
තොරතුරු - ප්‍රවීණ සෙත්කවි විශාරද ජොතිර්වේදි උපාලි ගාමිණි
Leave a comment