සැපය තියෙන්නෙම අත්හැරපු තැන්වල

මේ ජීවිතේ අපි හුඟක් දේවල්වලට ඇලෙනවා. සමහර දේවල් නොලැබෙනවා කියලා දැන දැනත් ඇලෙනවා. ඒ ඇලීමත් එක්ක අපි හිතනවා එතැන තමයි ජීවිතේ සතුට තියෙන්නේ කියලා.. හැබැයි ඒ ඇලීම තුළ දුක තිබෙනබව හුඟක්දෙනාට අමතක වෙනවා.

ජීවිතේට ඇලෙනවා කියන්නේ එතැන තියෙන්නේ මහා දුකක්,ඇලීම්, තෘෂ්ණාව, ඊර්ෂ්‍යාව, රාගය, ආදරය, සතුට, දුක, ආසාව, හිතවත්කම්, මේ හැම දෙයකම තියෙන්නේ බැඳීමක්. මේ දේවල් තුුළ ගැබ්වෙලා තියෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ මනෝභාවයන්. බැඳීමෙන් සතුටුවෙන ලෝකයේ මිනිස්සු ලෞකික ආසාවන් පස්සේ හඹාගෙන යනවා. ලස්සන ගෙයක් තිබෙන පුද්ගලයා ඒ ගෙදරට බැඳෙනවා, වාහනයක් තිබෙන පුද්ගලයා ඒ වාහනයට බැඳෙනවා, තව සමහරු රැකියාවට බැඳෙනවා. මේ දේවල්වලට ආස කරන මිනිස්සු ඒවා ලේසියෙන් අත්හරින්න කැමති නෑ... ඒක තමයි ලෞකික ආසාව.
අත්හරිනවා කියන්නේ මවුපියන්, දරුවෝ, බිරිඳ, සැමියා, පෙම්වතා, පෙම්වතිය, රැකියාව අත්හැරිම නොවෙයි. මේවා කෙරෙහි තිබෙන තෘෂ්ණාවයි අත්හැරිය යුත්තේ.

ඊට පස්සේ දරුවන්ට, මුනුපුරු මිනිබිපිරියන්ට, දේපළවලට බැඳෙනවා.. සමහරු උදේ ඉඳන් ?වෙනකම් බණ භාවනා කරනවා. හැබැයි අත්හැරගන්න බෑ... තමන්ට දේවල් අහිමි වෙනකොට හ`ඩා වැලපෙනවා. දරාගන්න බැහැ. හිත දුර්වලයි.. ඒ මේ තෘෂ්ණාව වැඩි නිසයි. මේ බන්ධනයෙන් යුක්ත සත්ත්වයාට බුදුන්වහන්සේ සරණ ගියොත් පමණයි බැඳීමෙන් නිදහස් වෙන්න පුළුවන්.

එකිනෙකාගේ ජීවිතවල  ඕනෑ තරම් දුර්වලතා තියෙනවා. ඒ අය බණ ඇහුවා කියලා ඒ දුර්වලතා නැති වෙන්නේ නැහැ. මාලිගාවල ඉන්න මිනිස්සු කෙතරම් සතුටින් සිටියත්  අත්හරින්න බැරි තැනක නම් ඉන්නේ ඒ මාලිගාව ඇතුළෙ උපදින්නේ දුකමයි.කෙතරම් කෑම බීම තිබුණත් සතුටක් නැතිනම් ඒ කන කෑම දිරවන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනෑ සැපය තියෙන්නේ ම අත්හැරපු තැන්වල බව.ගිහි ජීවිතේ බැඳීම් පිම්මෙන් පනින්න ලේසියෙන් කෙනෙකුට බැහැ. සතුටක් කියා බැඳලා අල්ලගන්න හැමදේකින්ම අපිට උරුම කරලා දෙන්නේ දුකක්. ගිහිගෙයි මොනතරම් ගින්නක් වුනත් එතැන දැවටී ඉඳගෙනම ඒ දේ තුළින්ම සැනසිල්ලක් ලබන්න සමහරු උත්සාහ කරනවා.

මේ බැ`දීම් තෘෂ්ණාවෙන් මිදෙන්න නම්  අපි නිතරම ජීවත් වෙන්න  ඕනෑ වර්තමානයේ. අපි මේ මොහොත තුළ එන දෙයට මුහුණ දීලා ජීවත්වෙන්න පුරුදු වෙන්න  ඕනෑ.

අනාගතයයි අතීතයයි දෙකම අත්හැර මේ මොහොතේ ජීවිතය සතුටින් ජීවත් වෙන්න පුළුවන්  නම් ඔබ තෘෂ්ණාවෙන් බදාගෙන ඉන්න දේවල් අත්හරින්න හරිම පහසුයි.අනුසෝතගාමී සහ පටිසෝතගාමී ලෙස මාර්ග දෙකක් තිබෙනවා. මේ දෙකෙන් අපි නිතරම තෝරගන්න  ඕනෑ පටිසෝතගාමී මාර්ගය යි. යම්කිසි පුද්ගලයෙක් අපට වෛර කරනවා නම් අපි ඒ පුද්ගලයා කෙරෙහි අවෛරයෙන් ජීවත්වෙන්න  ඕනෑ. පටිසෝතගාමී මාර්ගයේ ගියොත් අපි සොයන සතුට අපිට සොයාගන්න පුළුවන්.

සටහන - නදීශා අතුකෝරළ

 

එළවලු කැට සලාදය Read Previous

එළවලු කැට සලාදය

තක්කාලි වලින් රූ සත්කාර Read Next

තක්කාලි වලින් රූ සත්කාර

Realted Post

Leave a comment