අධ්‍යාපනය අලුත් වෙනවා යනු අධ්‍යාපනයට අසභ්‍යත්වය ඇතුළත් කිරීම නොවන බව රජය අවබෝධ කර ගත යුතුයි
අධ්‍යාපනය අලුත් වෙනවා යනු අධ්‍යාපනයට අසභ්‍යත්වය ඇතුළත් කිරීම නොවන බව රජය අවබෝධ කර ගත යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අප රටේ සාක්ෂරතාව සහ ආර්ථිකය වර්ධනය වූයේ, මාතෘ මරණ සහ ළමා මරණ අනුපාත අඩු වූයේ පුරවැසියන්ගේ ආයු භාවය වැඩි වූයේ මේ දියුණු අංශයන් සියල්ලම ඉදිරියට ගියේ අප රටේ නිදහස් අධ්‍යාපනය නිසා බවත් එදා සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාට නිදහස් නිවහල් නොමිලේ අධ්‍යාපන සංකල්පය ගෙන ඒමට විශාල අරගලයක් සිදු වූ බවත් මෙරට ප්‍රභූ පැළැන්තිය පවුල් බලය සහිත කණ්ඩායම් ධනපතියන් එදා කියා සිටියේ ඒ අයගේ වතුවල පොල් කඩන මිනිසුන් නිදහස් අධ්‍යාපනය නිසා නැති වෙයි කියා බවත් ප්‍රභූ පැළැන්තිය ධනපති පැළැන්තිය ඒ ආකාරයෙන් නිදහස් අධ්‍යාපනට විරුද්ධ වන විට පවා මේ බාධා නොසලකා නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කර ආරක්ෂා කර රැක ගන්නාවා සේම අපේකම ගමේකම නගරයේකම ඉතිහාසය සභ්‍යත්වය රැකගෙන අධ්‍යාපන ක්ෂේත්‍රය අලුත් වි නවීකරණය විය යුතු බවත් ඇති හැකි අයගේ දුවා දරුවා පමණක් smart board, Tab, Computer භාවිත නොකර සමස්ත නිදහස් අධ්‍යාපනයේ 41 ලක්ෂයක් දරු පරපුරටම ඒ අයිතිය තිබිය යුතු බවත් අපේකම රැකගෙන සභ්‍යත්වය සංස්කෘතිය රැකගෙන මේ ප්‍රතිසංස්කරණය සිදුවිය යුතු වුවත් මේ යන ආකාරයට නම් අධ්‍යාපනයට අනාගතයක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මහතාගේ පිළිරුව අභියස දී ‘නිදහස් අධ්‍යාපනය රැකගමු’ යනු තේමාව පෙරදැරි කර ගෙන විපක්ෂයේ පක්ෂ නායකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති නූතන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළට අසභ්‍යත්වය ඇතුළත් කිරිම සම්බන්ධයෙන් දැනුවත් කරන ජන හමුව හා එක්වෙමිනි.
අධ්‍යාපනය අලුත් වෙනවා යනු අධ්‍යාපනයට අසභ්‍යත්වය ඇතුළත් කිරීම නොවන බවත් මේ වන විට ලෝකයෙන් ගත යුතු දේ මෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු දේ ඇති බවත් ලෝකයේ අධ්‍යාපන ශ්‍රේණිගත කිරීම්වලින් පාඩම් ඉගෙන ගෙන මාර්ගගත අධ්‍යාපනය තුළ අසභ්‍යත්වය වළක්වා ගැනීමට දමා ඇති බාධක තවදුරටත් ශක්තිමත් කර අප යොදා ගත යුතු බවත් මේ අධ්‍යාපනයෙ අසභ්‍යත්වයට විරුද්ධව ජනතාව අද පෙළ ගැසී ඇති බවත් ලබන සතියේ මැද වන විට නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ ජාතික එකමුතුව දියත් කර මෙරට සිදුවිය යුතු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පුළුල් සංවාදයක් ඇති කර ජාත්‍යන්තර ශ්‍රම වෙළෙදපොළේ ඔ්නෑම නිපුණතාවකට මුහුණ දිය හැකි සංස්කෘතිය අගය කරන සුහුරු පුරවැසි පරපුරක් නිර්මාණය කිරිමට නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් විය යුතුයි
රටක් ලෙස ඉදිරියට යාමට නම් සුහුරු රටක් නිර්මාණය විය යුතු බවත් එය පෙරපාසල පාසල හරහා සුහුරු සිසුවා සුහුරු තාරුණ්‍යය ගොඩනගා සුහුරු රටක් ගොඩනැගිය හැකි බවත් මේ තුළින් අපේ රට සභ්‍යත්වය අපේකමට අනුකූලව ක්‍රියාත්මක වන ශිෂ්ටසම්පන්න රාමුවක් තුළ නිදහස් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය විය යුතු බවත් අලුත් අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා සේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් ලෙස සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සේම අධ්‍යාපනය ද මූලික හා මානව අයිතිවාසිකමක් විය යුතු බවත් ඊට අමතරව නිදහස් සෞඛ්‍ය ද මූලික අයිතිවාසිකමක් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එදා අපි white paper, green paper ගැන කියන විට මේ රජය හිනා වුණා
වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිර්මාණය වන විට වෙට්ස්මිනිස්ටර් ක්‍රමය තුළ white paper, green paper ගැන විපක්ෂය යෝජනා කරන විට එයට උද්දච්ච විහිලු කර අපහාස කිරීමට රජයේ මැති ඇමතිවරු කටයුතු කළ බවත් මේ ප්‍රතිසංස්කරණය ගැන කිසිදු අංශුමාත්‍රයක වැදගත්කමක් නොමැතිව power point presentation එකකට පමණක් මෙය සීමා කළ වැඩබැරි ආණ්ඩුවක් රටේ ඇති බවත් මේ නිසා අධ්‍යාපනය ද කඩා වැටී ඇති බවත් මේ රට ඉදිරියට යාමට නම් STEAM අධ්‍යාපනයට මූලික තැන ලබා දිය යුතු බවත් මේ දේ කරනවා සේම ඉතිහාසය විෂය ද අනිවාර්ය විෂය සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
ඒ අයගේ පෞද්ගලික කැමැත්ත රටේ ජනතාවගේ කරපිට බලහත්කාරයෙන් පටවන්න දෙන්න බෑ
මේ ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කළ අයගේ පෞද්ගලික ජීවිතය ඒ අයගේ ජීවිතයට සීමා විය යුතු බවත් ඒවා රටේ ජාතික ප්‍රතිපත්තිය නොවිය යුතු බවත් පුද්ගලයකුගේ නිදහස සහ කැමැත්තේ රටේ අනික් මිනිසුන්ගේ කැමැත්ත ලෙස බලහත්කාරයෙන් පැවරිය නොහැකි බවත් එය ගමේකම අපේ කම රටේ කම නොවන නිසා ගමේකම අපේකම රටේකම දිනවන වැඩපිළිවෙළකට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පෞද්ගලික සහ රජයේ පාසල් අතර ඇති බෙදීම නැතිවිය යුතුයි
සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපනයට යුක්තිය සාධාරණය ඉටු වීමට නම් ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික පාසල් අතර ඇති පරතරය නැති විය යුතු බවත් මෙය රැකියා වෙළෙදපොළට පවා බලපාන කරුණක් නිසා සියලුම පාසල් දූදරුවන්ට චතුර ලෙස ඉංග්‍රීසි භාෂා ඇතුළු අනෙකුත් භාෂා හැසිරවීමට හැකියාව තිබිය යුතු බවත් දුපත් මානසිකත්වයෙන් කොටුපවුරු බැද අපි තමයි හොදම කියා සිටිනවා වෙනුවට ලෝකයේ සෙසු රටවල් 193ට වැඩි ප්‍රමාණයත් සමග තරග කිරිමට එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Leave a comment