කොළඹ ආපදා දැනුම් දෙන්න දුරකථන අංකයක්

ඉදිරි පැය 48 තුළ ඇතිවන අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදුවිය හැකි අවදානම් තත්ත්වයට මුහුණ දීමේදී  ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ  කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ  ප්‍රධානත්වයෙන් අද (නොවැම්බර් 27)  පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්විය. 

මෙහිදී අග්‍රාමාත්‍යතුමියගේ උපදෙස් පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට හදිසි තත්වයන්  දැනුම් දීම සඳහා ක්ෂණික ඇමතුම් අංක  117,  
 කොළඹ දිස්ත්‍රික් ආපදා කලමනා කරණ සම්බන්ධීකරණ ඒකකය  0112434028  සහ  අපදා කළමනාකරණ මධ්‍යස්ථානය 0112136136 යන දුරකතන අංක  හදුන්වා දුන්නේය.

මීට අමතරව පිළිගත් ජනමාධ්‍ය හරහා නිකුත් කරන ප්‍රවෘත්ති හා හදිසි නිවේදන වලටද අවධානය යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද දන්නවන ලදී

ආපදාවට ලක් වූවන් මුදා ගැනීමේ ගුවන් හමුදා මෙහෙයුම් Read Previous

ආපදාවට ලක් වූවන් මුදා ගැනීමේ ගුවන් හමුදා මෙහෙයුම්

දිස්ත්‍රික්කවලට ගොස් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යුහුසුළුව මැදිහත්වන්න - ජනපතිගෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස් Read Next

දිස්ත්‍රික්කවලට ගොස් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යුහුසුළුව මැදිහත්වන්න - ජනපතිගෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස්

Realted Post

Leave a comment