ගෑනු පිරිමි මල් පලතුරු
"ගෑනු පිරිමි මල් පලතුරු" කතා සාරාංශය.
සියළු ජීවීන් තනි තනිව ගත් කල අහිංසකයන්ය .
සියළුම ප්‍රාණීන් තම ජීවිතය රැක ගැනීම උදෙසා කටයුතු කරනුයේ සහජ බුද්ධියෙනි . ඔවුනට තම බඩ කට පුරවා ගැනීම සඳහා ඕනෑම දුෂ්කරක්‍රියාවක යෙදීමට බඩගින්න නම් යක්ෂයා විසින් නිරන්තරයෙන් බල කරයි. හොඳ නරක යනු කාසියේ දෙපැත්තය. ලෝක ධර්මතාවයට අනුව යහපත් ක්‍රියාවක නියැළීමේදී යහපත් ප්‍රතිඵල යකුත් අයහපත් ක්‍රියාවක නියැළීමේදී අයහපත් ප්‍රතිඵල යකුත් ලැබීම අනිවාර්යයවේ. අපි කැමති උවත් අකමැති උවත් එයට මුහුණ දීමට අපට සිදුවේ. ලොව ඇති වටිනාම ඒකකය පවුල නම් වේ . එහි තිබිය යුතු වටිනාම ධනය සතුටයි. එය උපයාගැනීම උදෙසා සියල්ලෝම තරඟ බිමේ තරඟ කරති . නාගරික පරිසරයක ජීවත්වන සරා , සඳා , යසා , ජෙනී නම් කාන්තාවන් සිව්දෙනාටද තම කුටුම්භ සංරක්ෂණය කිරීම උදෙසා සටන් කරන්නට සිදුවේ.
දේශපාලන ,සමාජ,ආර්ථික විචල්‍යතාවයන් නිසා පැනනගින විවිධ දුෂ්කරතා මැද ජීවන සටන ගෙනයද්දී දිළිඳුකමේ පත්ලටම ඇදවැටුණ මොවුන් ඉවසා බැරිම තැන නීති විරෝධී කටයුත්තකට පෙළඹේ . නීතියට විරුද්ධවන තැන නීතිය රකින්නන්ද අවශයවේ.
නීතිය කඩන්නන් සහ නීතිය රකින්නන් සේම නීතිය රැකීමේ මුවාවෙන් නීතිය දඩමීමා කරගෙන ගොදුරු සොයා ඇදෙන්නන් අතර අතරමං වන අසරණ කාන්තාවන් ද , ඒ නිසා පැනනගිනා අනේකවිද බාධක හමුවේ මොවුන්ගේ සහ මොවුන්ගේ පවුල්වල අනෙකුත් සාමාජිකයන්ගේ ජීවිත කෙසේ ගතවේද.....
කතාංගයෙන් කතාංගයට කුමකින් කුමක් වේදෝයි කුතුහලයෙන්
පිරි ,ආදරණීය මනුස්ස බැඳීම් ඔස්සේ රසාලිප්ත ලෙස දිගහැරෙන ගෑනු පිරිමින්ගේ හද ගැහෙන රිද්මයේ වියමනයි ගෑනු පිරිමි මල් පලතුරු !
අධ්‍යක්ෂණය - සුමිත් රත්නායක
තිර රචනය - අරුණ ප්‍රේමරත්න
රංගන ශිල්පීන්
සුමිත් රත්නායක, නදීශා මදුශානි, සොමී රත්නායක, චාන්දනී සෙනෙවිරත්න, ගයනි ගිසන්තිකා, නිලංක දහනායක, වසන්ත මොරගොඩ, ප්‍රියංකා සමරවීර, මෞලි ෆර්ඩිනැන්ඩු , වගීශා සල්ගාදු , නිමල් ජයසිංහ, සමන්ත පරණලියනගේ, නිවර්තනා දේවගේ, ජෙනීශා දණ්දෙණිය, සචිනි දම්පහල, හංසමාලා ජානකී, චන්දිමා කරුණාදාස, ප්‍රියා රණසිංහ, සිනේති අකිලා, ප්‍රියන්ත ලලිත්, මහේන්ද්‍ර වීරරත්න , මනෝහාරි විමලතුංග, ඇන්ටන් කුරේ

Leave a comment