මාතලේ සංචාරක ක්ෂේත්‍රයේ අනාගත සංවර්ධනයට වැඩක්

මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ අනාගත සංවර්ධනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සුරංජිත් වෑවිට මහතාගේ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිශාන්ත බෝපගේ මහතාගේ සහභාගීත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මාතලේ දිස්ත්‍රික්කය තුළ තිරසර සංචාරක ගමනාන්ත සංවර්ධනය කිරීම, වඩාත් විධිමත් සංචාරක දත්ත පද්ධතියක් ගොඩනැඟීම, සොබාදහම හා බැඳුණු සුවතා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, වගකීම් සහගත ආයෝජන අවස්ථා ඇති කිරීම සහ සංචාරක වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

එමෙන්ම ප්‍රජා මූලික සංචාරක කර්මාන්තය වඩාත් ශක්තිමත් කිරීම සහ රාජ්‍ය හා ආයතනික මට්ටමින් අවශ්‍ය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡාවේදී කරුණු ඉදිරිපත් කෙරිණි.

මාතලේ දිස්ත්‍රික්කය ඉහළ වටිනාකමකින් යුත් තිරසර සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී අදහස් හා යෝජනා හුවමාරු කර ගන්නා ලදී.

මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා, අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) අනුරුද්ධ බණ්ඩාර මහතා, දඹුල්ල නගරාධිපති වසන්ත රාජමන්ත්‍රී මහතා, දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්වකාර ආයතන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මෙම සාකච්ඡාව මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රය වඩාත් සැලසුම් සහගතව හා තිරසරව සංවර්ධනය කිරීම සඳහා වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකේ.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

සා:පෙළ විෂයයන් 7කට බස්සයි Read Previous

සා:පෙළ විෂයයන් 7කට බස්සයි

සමාජයට නායකත්වය දිය හැකි අනාගත පරපුරක් Read Next

සමාජයට නායකත්වය දිය හැකි අනාගත පරපුරක්

Realted Post

Leave a comment