නුවර කැළි කසළ බැහැර කරන්නන්ට මින් ඉදිරියට නඩු

හිතා මතාම  හිතුවක්කාර ලෙස මහනුවර නගරය සහ නගරයට ආශ්‍රිත ජනාකීර්ණ ප්‍රදේශවලට කැළි කසළ අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයන්ට සහ ආයතනවලට එරෙහිව ඉදිරියේ  දැඩි නීතීමය පියවර ගන්නා බව මහනුවර  මහ නගර සභාවේ පුරපති චන්ද්‍රසිරි  විජේනායක මහතා  පවසයි,

දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන පලාත් පාලන සතියට සමගාමීව ඉතා අපිරිසිදු තත්ත්වයක්  පවතින මහනුවර නගරය මැදින් ගලායන මැදඇල පිරිසිදු කර ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ සටහන පුරපති වරයාගේ ප්‍රධානත්වයෙන් (15) පැවති  අවස්ථාවේ නගරයේ පවිත්‍රතාවය හා නගර අලංකරණය පිළිබඳව මහනුවර මහ නගර සභාව ගනු ලබන ක්‍රියාමාර්ග වලට මහජනතාවගේ සහාය ලබා දෙන ලෙසද  මහනුවර පුරපති  වරයා මෙහිදී  ඉල්ලීමක්ද කළේය,

මහනුවර නගරය මැදින් ගලා යන මැද ඇලේ ජලය සෘජුවම මහවැලි ඟඟට යොමුවන බැවින් මෙම ඇළට මළ අප ද්‍රව්‍ය ,සත්ව කොටස් පොලීතීන් අපද්‍රව්‍ය සහ වෙනත්  කසළ ද්‍රව්‍ය බැහැර කර ,මැද ඇල අපවිත්‍ර කරන්නන්ට එරෙහිව ඉදිරියේදී නීතී මගින් පියවර ගන්නා බවද ,මහනුවර පුරපති චන්ද්‍රසිරි විජේනායක මහතා  ප්‍රකාශ  කළේය. යන්ත්‍ර යොදා මැද ඇලේ කසළ අපද්‍රව්‍ය ඉවත් කිරීමටද පුරපති වරයාගේ  උපදෙස් මත පියවර ගනු ලැබීය.
ජේ.ඒ.එල්. ජයසිංහ

මෙහෙවර පැසසුම් Read Previous

මෙහෙවර පැසසුම්

ශ්‍රී ලංකා මාතාව රනින් සැරසූ රුමේෂ් දිවයිනට Read Next

ශ්‍රී ලංකා මාතාව රනින් සැරසූ රුමේෂ් දිවයිනට

Realted Post

Leave a comment