සා:පෙළ විෂයයන් 7කට බස්සයි

ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරිමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ , සාමාන්‍ය පෙළ විභාගයේ සමස්ත විෂයයන් සංඛ්‍යාව 7ක් දක්වා සීමා කිරීමට සැලසුම් කර ඇත.

ඊට ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන්ද ඇතුළත් වේ.

අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවදීද මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.

ඒ අනුව මෙම වෙනස 2031 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව සඳහන් කළේ ය.

යෝජිත ප්‍රතිසංස්කරණ යටතේ 10 සහ 11 ශ්‍රේණිවල සිට වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දීමට නියමිතය.

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි Read Previous

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක් Read Next

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක්

Realted Post

Leave a comment