මත් රියදුරන් කොටු කරන නව තාක්ෂණය මධ්‍යම පළාතට

විෂ මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය කර මහමග රිය පදවන පුද්ගලයින් හඳුනාගැනීම සඳහා භාවිත කළ හැකි විශේෂිත පරීක්ෂණ උපකරණ කට්ටල 150ක් මධ්‍යම පළාත් පොලිසිය වෙත පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි. 

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ ඩෙල්මේජ් ෆෝසයිත් සමූහය එක්ව සිදුකළ මෙම පරිත්‍යාගය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන් මහතා විසින් මධ්‍යම දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී. මෙම උපකරණ කට්ටල මධ්‍යම පළාතේ හඳුනාගත් පොලිස් ස්ථාන වෙත ලබා දීමට නියමිත අතර, එමගින් රියදුරන් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇද්දැයි කඩිනමින් හඳුනාගත හැකි බව පරිත්‍යාගශීලී ආයතන පවසයි.

මෙම අවස්ථාව සඳහා ආචාර්ය සංජේ පෙරේරා, ඩෙල්මේජ් ෆෝසයිත් සමූහයේ නාගිත මහතා, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු සහ ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


ඡායාරූප විස්තරය: මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන් මහතා විසින් පරීක්ෂණ උපකරණ කට්ටල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා වෙත භාරදීම. එම අවස්ථාවට සහභාගී වූ ඩෙල්මේජ් ෆෝසයිත් ආයතනයේ නාගිත මහතා, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු සහ ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්මීන් පිරිස මෙහි දැක්වේ.

ජේ. ඒ. එල්. ජයසිංහ

මත් රියදුරන් කොටු කරන නව තාක්ෂණය මධ්‍යම පළාතට Read Previous

මත් රියදුරන් කොටු කරන නව තාක්ෂණය මධ්‍යම පළාතට

අවුරුදු සමයේ ක්‍රීඩා වලින් සිදුවන අනතුරු සඳහා Read Next

අවුරුදු සමයේ ක්‍රීඩා වලින් සිදුවන අනතුරු සඳහා

Realted Post

Leave a comment