සාමුහිකත්වය තුළින් අභියෝග ජයගෙන ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ කරා යන ගමනට එක්වන්නැයි ජනපතිගෙන් ඇරයුම්

2026 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ, භෞතික හා ආධ්‍යාත්මික අලුත් වීම සංකේතවත් කරන අලුත් අවුරුදු චාරිත්‍ර තුළින් විදහා දැක්වෙන සාමුහිකත්වය සහ සහෝදරත්වය, රටක් ලෙස අප හමුවේ ඇති අභියෝග ජය ගැනීමට මනා පිටුවහලක් වන බවයි. අපගේ විශිෂ්ට ඓතිහාසික උරුමය සහ සංස්කෘතිය මත පදනම්ව අනාගත සංවර්ධන සැලසුම් සකස් කර ඇති බව පෙන්වා දෙන ජනාධිපතිවරයා, සොබාදහමට ගරු කරන සහකම්පනීය මිනිසෙකු නිර්මාණය කරන මෙම චාරිත්‍රවල ගුණය වසර පුරාම අපගේ චර්යාවන් තුළින් නිරූපණය විය යුතු බව අවධාරණය කරයි. 

පසුගිය වසරේ මුහුණ දුන් ස්වභාවික ව්‍යසන සහ වත්මන් ලෝක දේශපාලනික අර්බුද හමුවේ වුවද, නිසි කළමනාකරණයකින් යුතුව රට ඉදිරියට ගෙන යාමට රජය කැපවී සිටින බව පවසන ජනාධිපතිවරයා, ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ සැමට උරුම කර දීම සඳහා සහෝදරත්වයෙන් අත්වැල් බැඳගන්නා ලෙස සමස්ත ලාංකිකයන්ට ඇරයුම් කරමින් සාමය සහ සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කර සිටියි.

සටහන - කසුනි විජේසිංහ 

අවුරුදු සමයේ ක්‍රීඩා වලින් සිදුවන අනතුරු සඳහා Read Previous

අවුරුදු සමයේ ක්‍රීඩා වලින් සිදුවන අනතුරු සඳහා

කඳුරට ‘පිපෙන කැකුළු’ දූ දරුවෝ දුනුමඩලාවේදී අවුරුදු සමරති Read Next

කඳුරට ‘පිපෙන කැකුළු’ දූ දරුවෝ දුනුමඩලාවේදී අවුරුදු සමරති

Realted Post

Leave a comment