’’මම තනියම’’ අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලබයි

නිර්මාණවේදී රොහාන් වැලිවිට අධ්‍යක්ෂණය කළ " මම තනියම" චිත්‍රපටිය , පසු ගියදා පැවති ඉන්දියා චිකාගෝ අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම අන්තර්ජාතික වෘත්තාන්ත සිනමා නිර්මාණය  ලෙසින් සම්මානයට පාත්‍රව ඇත. කලකට පෙර සුසීමා චිත්‍රපටය  තිරයට රැගෙන ආ රොහාන් වැලිවිටගේ දෙවන සිනමා නිර්මාණය ලෙසින් "මම තනියම"  තිරයට එක්වීමට නියමිතයි .චමීර ලියනගේ, දුමී වන්නිආරච්චි,  නිමල් පල්ලෙවත්ත, කුමාර කරුණානන්ද, ගාමිණී ජයලත්, සුදර්ශි ගැලනිගම, නෙතලි නානායක්කාර, දිලුක්ෂි විතාරණ, ජගත් ආනන්ද, සුලෝචනා ඉසුරින්දි ,කුමාර වඳුරැස්ස ඇතුළු පිරිසක් රංගනයෙන් දායකව ඇති අතර, කතාව දෙබස් සහ තිර රචනයෙන් චන්දන සමරසේකර, කැමරාකරණයෙන් ත්‍රිශූල දීප තඹවිට, කලා අධ්‍යක්ෂණයෙන් චන්දන පීරිස්, නිෂ්පාදන සැලසුම්කරණයෙන් දීප්ති වීරසූරිය,අංග රචනයෙන් සම්පත් රණසිංහ,  ඇඳුම් නිර්මාණයෙන් අනෝමා වැලිවිට, සංස්කරණයෙන් අනූෂ ජයවර්ධන, වර්ණ සංයෝජනයෙන් ආනන්ද බණ්ඩාර, සංගීත අධ්‍යක්‍ෂණයෙන් නවරත්න ගමගේ, ගී පද රචනයෙන්  අජිත් ගලප්පත්ති හා ගීත ගායනයෙන් සමිතා මුදුන් කොටුව එක්වී  ඇත. නුවන් වැලිවිට විධායක නිෂ්පාදනයෙන් එක්වූ "මම තනියම" මාර්ක් ප්‍රනාන්දු සමගින් රාජිත මනරම් එක්ව කළ නිෂ්පාදනයකි.

 - ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

ලස්සන රැකගන්න මනසත් රැකගන්න Read Previous

ලස්සන රැකගන්න මනසත් රැකගන්න

ගුවන් හමුදා කාන්තා පිලට අඛණ්ඩව 07 වන වරටත් ආරක්ෂක සේවා අත්පන්දු ශූරතාව Read Next

ගුවන් හමුදා කාන්තා පිලට අඛණ්ඩව 07 වන වරටත් ආරක්ෂක සේවා අත්පන්දු ශූරතාව

Realted Post

Leave a comment