හුන්නස්ගිරියෙ ජරාව විකුණූ හෝටල්
මහනුවර මහියංගන ප්‍රධාන මාර්ගයේ ධාවනය වන මගී බස්රථ තේ පානයට නවතන ,හුන්නස්ගිරිය නගරයේ මගීන්ට ආහාර පාන අළෙවි කරන ඉතා අපිරිසිදු මහජන සෞඛ්‍යට හානිකර අන්දමින් පවත්වාගෙන යන හෝටල් දෙකක් වැටලූ උඩදුම්බර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් එම අපිරිසිදු හෝටල් දෙකෙන්එකක් වසා දමා,හෝටල් දෙකේම හිමිකරුවන්ට සහ සේවකයන්ට එරෙහිව තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන තිබේ.
උඩදුම්බර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයාගේ උපදෙස් මත, මහජන සෞඛ්‍ය පරීක්ෂක සන්තූෂ් බණ්ඩාර මඩුගල්ල, තරංග බණ්ඩාර , සහ තිසර වීරසේකර යන නිලධාරීන් විසින් හුන්නස්ගිරිය නගරයේ පවත්වාගෙන ගිය ඉතා අපිරිසිදු මෙම හෝටල් දෙක වටලා පරීක්ෂා කර ඒවා පවත්වා ගෙන ගිය අයවලුන්ට සෞඛ්‍ය හා ආහාර පණත යටතේ නඩු පවරා තිබේ.
ජේ ඒ එල් ජයසිංහ

Leave a comment