HALO TRUST ආයතනයේ නව ශ්‍රී ලංකා තනාපතිනිය ලෙස රිෂිනි වීරරත්න

ලොව විශාලතම මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධානය වන HALO Trust ආයතනය, ශ්‍රී ලංකාව සඳහා එහි තානාපතිනිය ලෙස රිෂිනි වීරරත්න මහත්මිය පත් කර ඇත. ඇය දැනට ද සන් (ඩේලි මිරර්) හි කර්තෘවරිය, HI!! Online හි කර්තෘවරිය සහ විජය පුවත්පත් සමාගමේ සමාජ මාධ්‍ය ප්‍රධානි ලෙස කටයුතු කරයි. ඇයගේ නව භූමිකාව තුළ, ඇය HALO trust හි ගෝලීය මෙහෙවරට සහාය වන්නේ, බිම්බෝම්බ ක්‍රියාකාරිත්වය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම, උපදේශන ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සහ බිම්බෝම්බ සහ පුපුරා නොගිය බෝම්බ ප්‍රහාරවලින් බලපෑමට ලක් වූ ප්‍රජාවන් ආරක්ෂා කිරීම සඳහා වන මුලපිරීම් සඳහා සහාය වීමෙනි. ඇය HALO trust ආයතනයෙහි ජාත්‍යන්තර මැදිහත්වීම් සහ සන්නිවේදන මුලපිරීම්වලට අදාළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත.

 1988 දී ඇෆ්ගනිස්ථානයෙන් සිය මෙහෙවර ඇරඹූ HALO trust ආයතනය අද වන විට  අප්‍රිකාව, ආසියාව, යුරෝපය සහ කොකේසස්, ලතින් ඇමරිකාව සහ මැදපෙරදිග පුරා රටවල් 30 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්තව ක්‍රියාත්මක වේ. බිම්බෝම්බ ඉවත් කිරීම, අවදානම් තත්ත්ව පිළිබඳ අධ්‍යාපනය ලබා දීම සහ කෘෂිකර්මාන්තය, නිවාස සහ යටිතල පහසුකම් සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා එහි කණ්ඩායම් දිනපතා කටයුතු කරයි. 1997 දී වේල්ස්හි කුමරිය වන ඩයනා, ඇන්ගෝලාවේ HALO trust ආයතනයේ කටයුතු නැරඹීමෙන් පසු  මෙම ආයතනය ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගත් අතර එය බිම්බෝම්බ තහනම් ගිවිසුමට සහාය වේගවත් කිරීමට උපකාරී විය. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ වැඩසටහන HALO trust ආයතනයෙහි දීර්ඝතම වැඩසටහන් වලින් එකකි. HALO trust ආයතනය 2002 සිට දිවයිනේ ක්‍රියාත්මක වන අතර පතල් 300,000 කට වැඩි ප්‍රමාණයක් සහ යුද්ධයේ පුපුරන සුලු අවශේෂ මිලියනයකට අධික ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර, එමඟින් පවුල් දහස් ගණනකට ආරක්ෂිතව නැවත සිය ගම්බිම්වලට පැමිණීමට හැකි විය. HALO trust ආයතනය උතුරු පළාතේ දෙවන විශාලතම සේවා යෝජකයා වන අතර එහි ශ්‍රම බලකායෙන් සියයට 99 ක් දේශීයව බඳවා ගනු ලැබේ. බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම්වලින් සියයට 42 ක් කාන්තාවන් වන අතර, පශ්චාත් ගැටුම් ප්‍රජාවන්හි දේශීය බලගැන්වීම සහ රැකියා සඳහා HALO trust ආයතනය කැපවී කටයුතු කරයි.

HALO trust හි නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස රිෂිනි වීරරත්න මෙසේ සිය අදහස්  ප්‍රකාශ කර සිටියාය.

“HALO trust හි මෙහෙවරට සහාය දැක්වීමට අවස්ථාව ලැබීම මා ලද වරප්‍රසාදයක්. ශ්‍රී ලංකාව මගේ මව්බිම වන නිසා මගේ හදවතට සමීප වඩාත් වුවත්, ලොව පුරා HALO trust හි කටයුතු වෙනුවෙන් පෙනී සිටීමට මම කැපවී සිටිනවා. බිම් බෝම්බ සහ පුපුරා නොගිය බෝම්බ පිළිබඳ දෛනික අවදානම සමඟ මිලියන සංඛ්‍යාත ජනතාවක් ජීවත් වෙනවා. එලෙස බලපෑමට ලක් වූ ප්‍රජාවන්ගේ දැනුවත්භාවය වැඩි කිරීමෙන් සහ ඔවුන්ට හඬක් ලබා දීමට මෙන්ම සෑම තැනකම සිටින පවුල් සඳහා ආරක්ෂිත අනාගතයක් සඳහා දායක වීමට මම බලාපොරොත්තු වෙනවා.”

HALO trust හි ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් කෝවන් සිය අදහස් මෙසේ ප්‍රකාශ කර සිටියේය.

ශ්‍රී ලංකාව සඳහා HALO trust හි තානාපතිනිය ලෙස  රිෂිනි වීරරත්න පිළිගැනීමට ලැබීම අපට ගෞරවයක්. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ ඇයගේ ගැඹුරු අවබෝධය, සාමය සහ සංවර්ධනය සඳහා ඇයගේ කැපවීම සහ ඇගේ ගෞරවනීය ජාත්‍යන්තර හඬ, බිම් බෝම්බ සහ යුද්ධයේ පුපුරන සුලු අවශේෂවලින් ප්‍රජාවන් ආරක්ෂිත කිරීම සඳහා HALO trust හි කාර්ය භාරය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉතාමත් වටිනවා. අපගේ මෙහෙවර ඉදිරියට ගෙන යාමට සහ සියලුම ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂිත අනාගතයක් සඳහා සහාය වීමට තානාපති රිෂිනි වීරරත්න සමඟ සමීපව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

HALO trust  යනු ලොව විශාලතම මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ සංවිධානයයි. 1988 දී පිහිටුවන ලද එය බිම් බෝම්බ, පුපුරා නොගිය යුධෝපකරණ සහ යුද්ධයේ අනෙකුත් අවශේෂ ඉවත් කිරීමෙන් සහ බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට අවදානම් අධ්‍යාපනය ලබා දීමෙන් ඔවුන්ගේ ජීවිත සහ ජීවනෝපායන් ආරක්ෂා කිරීමට කැපවී කටයුතු කරයි. HALO trust ආයතනය ඇෆ්ගනිස්ථානය, යුක්රේනය, සිරියාව, ඇන්ගෝලාව, කාම්බෝජය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 30 කට වැඩි ගණනක සහ ප්‍රදේශවල ක්‍රියාත්මක වේ.

ඊගල්ස් මෝන්සූන් කුසලාන වාර්ෂික ගොල්ෆ් තරඟාවළිය - 2025 Read Previous

ඊගල්ස් මෝන්සූන් කුසලාන වාර්ෂික ගොල්ෆ් තරඟාවළිය - 2025

ගැලපගෝස් දූපත්වල උපත ලැබූ gramma Read Next

ගැලපගෝස් දූපත්වල උපත ලැබූ gramma

Realted Post

Leave a comment