Jenniferට ලස්සන කොණ්ඩෙ

දිගු කොණ්ඩයකින් සිටින විටත්, කෙටි කොණ්ඩයකින් සැරසුණු විටත් තම පෙනුම වෙනස් කරගැනීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වති. ඔබත් කෙටි කොණ්ඩයක් කැපුවහොත් කෙසේ පෙනේවිද? නැතිනම් දැනට තිබෙන කෙටි කොණ්ඩය තවත් දිගට වවාගතහොත් ඔබේ පෙනුම කෙබඳු වේවිද? යන්න කවදා හෝ සිතා තිබෙනවාද?

විලාසිතා ලෝකයේ ජනප්‍රිය තරු ද විවිධ කොණ්ඩා මෝස්තර අත්හදා බැලීමට පසුබට වන්නේ නැත. ඇතැමුන් කොණ්ඩයේ දිග මඳක් අඩු කරගනිමින් ස්ථර සහිත (Layered Lob) මෝස්තර තෝරාගෙන ඇති අතර තවත් පිරිසක් ආකර්ෂණීය බොබ් (Bob) සහ පික්සි (Pixie) වැනි කෙටි කොණ්ඩා මෝස්තරවලට යොමු වී තිබේ. තවත් සමහර ජනප්‍රිය තරු චිත්‍රපට චරිත වෙනුවෙන් තම දිගු කෙස් කළඹ සම්පූර්ණයෙන්ම කපා දමා හිස මුඩු කිරීමට පවා කටයුතු කර ඇත.

අද අපි මේ කතා කරන්නේ බොලිවුඩයේ ජනප්‍රියම තරුවක් වන ජෙනිෆර් ලෝරන්ස්, හොලිවුඩ් නිළි ජෙනිෆර් ලෝරන්ස් 2013 වසරේදී සිය දිගු රන්වන් කෙස් කළඹ කෙටි පික්සි (Pixie) කොණ්ඩා මෝස්තරයකට වෙනස් කිරීමත් සමඟ ලොව පුරා කතාබහට ලක්වූවාය. ඒ වන විට 'ද හන්ගර් ගේම්ස්' (The Hunger Games) චිත්‍රපට මාලාව හරහා ඇය අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටියාය.

ඇයගේ මෙම අලුත් කොණ්ඩා මෝස්තරය කාන්තා විලාසිතා ලෝකයේ විශාල ප්‍රවණතාවක් ඇති කිරීමට ද සමත් විය. බොහෝ කාන්තාවෝ ඇයගේ පික්සි කොණ්ඩා මෝස්තරය අනුකරණය කිරීමට පෙළඹුණහ.

කෙසේ වෙතත්, පසුව ඇය යළිත් සිය කොණ්ඩය දිගට වවාගෙන තිබේ. අද වන විට ඇයගේ කෙස් කළඹ පෙරටත් වඩා දිගු වී ඇති අතර, දිගු කොණ්ඩයෙන්ද කෙටි පික්සි මෝස්තරයෙන්ද ඇය වඩාත් සුන්දර යැයි ඔබ සිතන්නේ කුමන පෙනුමද?

අශන්ති වරුණසූරිය 

රජය අයවැය ඉදිරිපත් කරන්නේ රටේ සැබෑ තත්ත්වයේ නිවැරදි දත්ත සඟවලා - විපක්ෂ නායක Read Previous

රජය අයවැය ඉදිරිපත් කරන්නේ රටේ සැබෑ තත්ත්වයේ නිවැරදි දත්ත සඟවලා - විපක්ෂ නායක

Jenniferට ලස්සන කොණ්ඩෙ Read Next

Jenniferට ලස්සන කොණ්ඩෙ

Realted Post

Leave a comment