අලුත් ම Fashion එක

විලාසිතා කියන්නේ හැමදාම අලුත් වෙන කලාවක්. මේ විලාසිතා කලාව ඇතුළෙ විලාසිතා තෝරාගද්දි ජනප්‍රියත්වය වගේම තමන්ගේ සිරුරට එම විලාසිතාව හොඳින් ගැළපෙනවද යන්න පිළිබඳව අවබෝධයක් තිබීමත් වැදගත්. නැතිනම් මොනතරම් ජනප්‍රිය වුවත්, වටිනාකමින් ඉහළ වුවත් එයින් බලාපොරොත්තුවෙන සුන්දරත්වය ලබා ගැනීම අපහසුයි. විශේෂයෙන් විලාසිතාවලදි වර්ණ තේරීමට ලැබෙන්නෙත් විශේෂ තැනක්. ඒ අතර තනි වර්ණයේ විලාසිතාවලටත් මේ කාලයේ ඉහළ ජනප්‍රියත්වයක් හිමි වී තිබෙනවා. විශේෂයෙන් එකම වර්ණයේ බ්ලවුසය සහ කලිසම් විලාසිතාව මේ අතර ජනප්‍රියතම විලාසිතාවක් බවට පත්වෙලා. ඒ නිසා අද ෆැෂන් ටිප්ස් තුළින් කියන්න ලෑස්ති ලිනන් හෝ කොට්න් වර්ගයෙන් නිමවූ තනි වර්ණයේ කලිසම සහ බ්ලවුස විලාසිතාවකින් හැඩවෙන විදිහ ගැනයි.

  • තනි වර්ණයේ කලිසම සහ බ්ලවුසය ඔයාටත් ගැළපෙනවද? 

මෙවැනි විලාසිතාවක් වඩාත්ම ආකර්ෂණීය වන්නේ සිහින් සිරුරක්හෝ සාමාන්‍ය ප්‍රමාණයේ සිරුරක් සහිත යුවතියකටයි. ඔබට තිබෙන්නේ තරමක් මහත මිටි සිරුරක් නම් මෙවැනි විලාසිතාවකින් ඔබ බලාපොරොත්තුවෙන සුන්දරත්වය ලබාගැනීම අසීරු වේ. තරමක් මහත වුවත් ඔබ උස අයෙකු නම් එවැනි අයෙකුටද මෙම විලාසිතාව ගළපා ගන්න පුළුවනි. වැදගත් ගමනකට, කාර්යාලීය සුහද හමුවකට, උපන්දින සාදයකට, මිතුරු සාදයකට සහ ඕනෑම සරල අවස්ථාවකට වුවද මේ විලාසිතාව ස්ථානයට අනුව ගළපා ගන්න හැකියාව තිබීම වඩාත් වාසිදායක වේ. වර්ණ ගත් විට ළා කොළ පැහැය, කහ පැහැය, සුදු, අළු, ළා දම්, ළා නිල් පැහැය වැනි වර්ණවලින් වැඩි සුන්දරබවක් සහ වටිනා පෙනුමක් එකතු කරගත හැකියි.

  • අත් බෑග්

පන්, හෝ ස්වාභාවික කෙඳිවලින් සැකසූ අත් බෑග්, body bag , Outing Bag  මෙම විලාසිතාවට වඩාත් හොඳින් ගැළපෙයි.

  • සපත්තු

kitten heels wedges shoes, la‍one heels මෙම සපත්තු විලාසිතා වැඩි ආකර්ෂණයක් එක් කරයි.

  • ආභරණ

මුතු ඇටයක් යෙදූ කරාබු යුගලක් සහ සිහින් මාලයක්, ස්වාභාවිකව වියන ලද විශාල කරාබු යුගලක් (කර මාලයක් නොමැතිව), කුඩා අත් ඔරලෝසුවක් (ඇඳුමේ වර්ණයට සමාන පටිය සහිත)

  • මේකප්

ළා කොළ, කහ, සුදු,  නිල්, රතු, රෝස වැනි පැහැයට හුරු මැට් වර්ණයේ නිය ආලේපන ,ඇඳුමේ පැහැයටම සමාන නිය ආලේපන, තොලේ පැහැයට සමාන තොල් වර්ණයක් සමග චාම් මේකප් එකක් (අවස්ථාවට අනුව අඩු වැඩි කළ හැකිය)

  • කොණ්ඩා විලාසිතාව

ලිහිල් උසින් අඩු හිසකෙස්, කැරලි සහිත කෙටි කොණ්ඩයක් නම් ගෙල පිටුපසට කඩා දැමීම සුදුසු වේ

 

අවුරුදු කෑම මේසෙට ලේසියෙන් වැනිලා ස්විස් රෝල් හදාගමුද? Read Previous

අවුරුදු කෑම මේසෙට ලේසියෙන් වැනිලා ස්විස් රෝල් හදාගමුද?

ජාතික රූපවාහිනි තරු දිලෙන අවුරුදු 2026 Read Next

ජාතික රූපවාහිනි තරු දිලෙන අවුරුදු 2026

Realted Post

Leave a comment