අවැපහැ වූ දෙතොල් රෝස පාට කරගන්න

නිවසේදී කළ හැකි සත්කාර. 

දෙහි යුෂ හා මී පැණි.
දෙහි යුෂ බින්දු කිහිපයකට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර ආලේප කර විනාඩි 15කින් සෝදා හරින්න. 

ස්ක්‍රබි.
සීනි තේ හැන්දකට ඔලිව් තෙල් හෝ පොල්තෙල් ස්වල්පයක් මිශ්‍ර කර  මුදෘව සම්බාහනය කරන්න.

බීට් යුෂ.
බීට් අල පෙත්තක් ගෙන රාත්‍රී නින්දට පෙර තොල්වල ආලේප කරන්න.

නැවුම් කිරි සහ රෝසපෙති සත්කාරය. 
නැවුම් කිරි වලට රෝස පෙති පොඩිකර දමා එම  ආලේපනය තොල් මත ආලේප කන්න.

පිපිඤ්ඤායුෂ. 
පිපිඤ්ඤා යුෂ ආලේප කරන්න.

විශේෂ උපදෙස්. 
ඒත් ස්වභාවික සත්කාර සිදුකළත් ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබේ නම් සුදුසුකම්ලත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදුකරන්න.


ජීවන / ආහාර රටාව සාදාගන්න. 

  • ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න. 
  • එළවළු ,පලතුරු, පලා වර්ග අඩංගු  පෝෂණිය ආහාර වේලක් ලබාගන්න. 
  • දුම් පානයෙන් වැළකෙන්න. 
  • තොල් කෙලවලින් පෙඟවීම වගේම සැපීම නොකරන්න. 
  • ගුණාත්මක ලිප් බාම් ඇතුළු ගුණාත්මක ප්‍රමිති ගත රූපලාවන්‍ය ආලේපන භාවිත කරන්න.
  • නින්දට පෙර දෙදොල් හොඳින් පිරිසුදු කර පොල්තෙල් හෝ වැස්ලින් ආලේප කරන්න

සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස් - හෝමියෝපති වෛද්‍ය නිලුක්ෂි තෙන්නකෝන්.

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය Read Previous

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය

බෙහෙත් බොන්න හොර සීතාට ගැළපෙන්න ආ දන්ත කණ්ඩුල හෙයියන්තුඩුවේ රාමා වූ හැටි Read Next

බෙහෙත් බොන්න හොර සීතාට ගැළපෙන්න ආ දන්ත කණ්ඩුල හෙයියන්තුඩුවේ රාමා වූ හැටි

Realted Post

Leave a comment