කන්න කන්න රුව ගුණ වඩන අලිගැටපේර

අලිගැටපේර යනු අප බොහෝ දෙනා ආහාරයට එක්කර ගන්නා පෝෂණ ගුණයෙන් පිරි ආහාරයකි. එහෙත් එය පලතුරක්ද, එළවළුවක්ද යන්න පිළිබඳව ඔබටත් කුතුහලයක් ඇති වී තිබෙනවාද? උද්භිද විද්‍යාත්මකව බලන විට අලිගැටපේර යනු පලතුරකි.

පලතුරු සහ එළවළු වෙන්කර හඳුනාගැනීමේදී බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ ඒවා ආහාර පිසීමේදී භාවිත කරන ආකාරය පිළිබඳවයි. එහෙත් විද්‍යාත්මකව ඒවා වෙන්කර හඳුනාගැනීමේදී සැලකිල්ලට ගන්නේ ශාකයේ කුමන කොටසකින් ඒවා හටගන්නේද යන්නයි.

ශාකයක මලකින් හටගෙන සාමාන්‍යයෙන් බීජ අඩංගු වන කොටස පලතුරක් ලෙස හඳුන්වයි. මුල්, කඳන්, පත්‍ර හෝ මල් පොහොට්ටු වැනි ශාක කොටස් ආහාරයට ගන්නා විට ඒවා සාමාන්‍යයෙන් එළවළු ලෙස සැලකේ. මේ අනුව, අලිගැටපේර ශාකයේ මලෙන් හටගෙන විශාල බීජයක් අඩංගු වන බැවින් එය පලතුරක් ලෙස වර්ගීකරණය කර තිබේ. උද්භිද විද්‍යාවට අනුව එය තනි බීජයක් සහිත විශාල බෙරි වර්ගයකි.

මෙක්සිකෝව නිජබිම කරගත් අලිගැටපේර උණුසුම් දේශගුණයක් සහිත ප්‍රදේශවල ගස්වල වැඩේ. තද කොළ පැහැයේ සිට කළු පැහැයට ආසන්න වර්ණයක් දක්වා වෙනස් විය හැකි, රළු පොත්තකින් යුත් මෙම පලතුරේ ඇතුළත මෘදු, ක්‍රීම් වැනි ස්වභාවයක් ගනී.

අලිගැටපේරවල විශේෂත්වය වන්නේ ඒවායේ අඩංගු සෞඛ්‍යයට හිතකර මේද සහ පෝෂක සංයෝගයි. ග්‍රෑම් 50ක අලිගැටපේර ප්‍රමාණයක කැලරි 84ක් පමණ අඩංගු වන අතර, එය කුඩා අලිගැටපේර ගෙඩියකින් අඩක් හෝ මධ්‍යම ප්‍රමාණයේ ගෙඩියකින් තුනෙන් එකක් පමණ වේ.

එබැවින් අලිගැටපේර ආහාරයට එක්කර ගැනීමේදී එය පලතුරක්ද එළවළුවක්ද යන්නට වඩා, එහි පෝෂණ ගුණය සහ සමබර ආහාර වේලකට එය එක්කර ගන්නා ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්ය.

අශන්ති වරුණසුරිය 

කාන්තාවන් අතර අත්‍යවශ්‍ය ඛනිජ පෝෂක හිඟය ඉහළට Read Previous

කාන්තාවන් අතර අත්‍යවශ්‍ය ඛනිජ පෝෂක හිඟය ඉහළට

මොකක්ද මේ ‘ෆලාෆල්’ ? Read Next

මොකක්ද මේ ‘ෆලාෆල්’ ?

Realted Post

Leave a comment